Home » ධන සම්පත් හිමි කරන සුදු හංසයා

ධන සම්පත් හිමි කරන සුදු හංසයා

by mahesh
September 16, 2023 12:56 am 0 comment

තමන් නින්දේදී දකින සිහින පිළිබඳව ඇතැම්හු බොහෝ උනන්දු වෙති. ඒ පිළිබඳව නොයෙක් දේ සිතමින් ළතැවේ. දුටු සිහිනයෙන් ජීවිතයට හොඳක් වේද? නැතිනම් අවැඩක් වේද යන්න කුකුසකින් පසු වේ. ඔබ අප දකින එවැනි සිහින පිළිබඳව බොහෝ කරුණු කාරණා ජ්‍යොතිෂයෙන් අනාවරණය වන බව ගම්‍ය වන කරුණකි. මෙවර ඉසිවර කලාපයෙන් ද එදිනෙදා ජනයා දකින සිහින පිළිබඳව ජ්‍යොතිෂයෙහි කෙරෙන විග්‍රහය මෙලෙස දිග හැරේ.

* සීනුව – මෙතෙක් කලක් අන්‍යයන් නොදුටු තම හැකියාවන් අගය කරන කාලය උදා වේ.

* සීසාන මිනිසකු දැකීම – තමන් සතු ධනය වැය කරන්නට කරුණු මතු වේ.

* සුදු ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටීම – මෙතෙක් සිදු වූ අලාභ නිමා වී ලාභ ලැබේ. කරන කියන කටයුතුවලින් දියුණුව ලබන්නටත් කරුණු කාරණා පෙළ ගැසෙමින් පවතී.

* සුදු නාගයා – සිතට වධයක්ව පැවති තම උරුමයන් පිළිබඳව ගැටලු නිමා වේ.

* සුදු අශ්වයා – කිසිසේත්ම බලාපොරොත්තු නොවූ විශාල ධනයක් හිමි වීමට නියමිතය.

* සුදු හංසයෙක් දියේ පීනන අන්දම – තමා බලාපොරොත්තු වූවාටත් වඩා ධන සම්පත් හිමි වේ. නමුත් රැකගන්නට හැකියාවක් නැත.

* සුවඳ මල් නෙළන අයුරු – තමාගේ නායකත්වයෙන් ලබන සාමූහික ජයග්‍රහණයකට හේතු වේ.

* සුදු මලක් / සුදු මල් පොකුරක් – මෙතෙක් සිතට වධ දුන් ගැටලුවක් නිරාකරණය වේ.

* සුදු පැහැති පර්වතයක් – නොසිතූ ලෙස අන්‍යයන් අතර තමා පිළිබඳව ප්‍රසාදයක් මතු වේ.

* සුදු වලාකුළු – තමන් පත්ව ඇති තත්ත්වයෙන් මිදෙන්නට බලවතකු වෙතින් උදවු උපකාර ලැබේ.

* සුදු ඇඳුම් – කිසියම් අන්දමකින් තද දුකක් උරුම වේ.

* සුරා පානය කිරීම – බලාපොරොත්තුව සිටි අන්දමටම වස්තු ලාභ හිමි වේ.

* සුදු ධාන්‍ය වර්ග – සම්පත් හිමි වේ. භූමියෙන් ලැබෙන සම්පත් විශේෂයි.

* සුදු පැහැති ධාන්‍ය වපුරන ලද භූමියක් – රජයෙන් හෝ ඉහළ බලවතුන් වෙතින් ප්‍රශංසා ලැබේ.

* සුදු පැහැති සර්පයෙක් – අන්‍යයන්ගේ කැමැත්ත මත තත්ත්වයෙන් ඉහළටම යාමට පුළුවන.

* සුදු නෙළුම් මල / මල් – කැපවීමෙන් යුතුව කරනු ලබන ආගමික කටයුතු සම්බන්ධයෙන් උතුමන්ගේ ප්‍රශංසා හිමි වේ.

* සුදු වස්ත්‍රයකින් සැරසී සුදු මල් දෝතින් ගත් ස්ත්‍රියක් වැලඳ ගැනීම – බලාපොරොත්තු වූ සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේ.

* සුනඛයෙක් ඇඟේ ගැටීම – විපත් සිදු වන බවට ලකුණකි.

* සුනඛයෙක් සපා කෑම – බලවත් විපතක් ඉතාම ළඟයි.

* ස්ත්‍රියකගේ මරණය / අවමංගල්‍යය – තමාගේ සමීපතම කෙනකුට බරපතළ හදිසි අනතුරක්

* ස්ත්‍රියක සමඟ දබර කිරීම – තම සහකරු / සහකාරියගේ ක්‍රියාවක් නිසා නින්දා අපහාස විඳින්නට සිදු වේ.

* ස්ත්‍රියකගේ මළ සිරුරක් – තම අරමුණු බිඳ වැටේ.

* ස්ත්‍රියකගේ පියයුරු සහිත ළය මඬල – තම සහකරුට / සහකාරියට බරපතළ චෝදනා මෙන්ම නින්දාවන් ද ලබන්නට කරුණු පෙළ ගැසෙමින් පවතී.

* ස්ත්‍රියක වෙතින් මුදලක් ලබා ගැනීම – මුදල් ගනුදෙනුවක් හේතුවෙන් තම සමීපතම මිතුරන් අතර අප්‍රසාදයට පත් වේ.

* ස්නානය කරන පුරුෂයෙක් – තමන් කරන්නට සූදානම් වන කටයුතු සියල්ලම අසාර්ථක වේ.

* ස්නානය කරන කාන්තාවක් – තමා මෙතෙක් ගොඩනඟා ගෙන තිබූ තත්ත්වය හෙවත් ප්‍රතිරූපය බිඳ වැටේ.

* හඬන ළමයෙක් – තමාගේ ධනය විනාශයට පත් වේ.

* හරකෙක් තමා හඹා එන අයුරු – පවුලේ සාමාජික සාමාජිකාවන් අතර බරපතළ ආරවුලක් ඇති වේ.

* හරකුන් බැඳගෙන ගොයම් පෑගීම – මෙතෙක් කල් බලා සිටි දෙයක් හිමි කර ගන්නට අවස්ථාව උදා වේ.

* හරකෙක් දුවවන අයුරු – අතට ලැබුණු වාසනාවක් ගිලිහී යයි.

* හතු හෙවත් බිම්මල් – තම ඥාතිවරියකගේ දේපොළ උරුම වේ.

* හඳ බලනවා දුටුවොත් – ධන ලාභ ඇති වේ.

* හක් ගෙඩියක් – මහත් වූ ධනයකටත්, වස්තු ලාභයකටත් හේතු වේ.

* හඳුනන අයකු සමඟ කතාබහ කරන අයුරු – අවුල් වියවුල් වූ කිසියම් ගැටලුවක් නිරාකරණය වී සහනයක් ලැබේ.

* හඬා වැළපෙන ස්ත්‍රිය – තමා සමීපයේම සිටින කෙනකු විසින් අටවන ලද උගුලකට පැටලෙන්නට සිදු වේ.

* හඬලන කුකුළා – දෙවි දේවතාවුන්ගේ ආකර්ෂණය හිමි වේ.

* හවරිය – මළගිය ඥාතීන්ගේ අයහපත් බැල්ම සහ බලපෑම් ඇති වේ.

* හැඹිලිය – ස්ත්‍රියක නිසා තමාගේ මුදල් වැය කරන්නට සිදු වේ.

* හැපින්න – දෙවියන් හමුවේ ගැට ගැසූ බාරයක් කල් ඉකුත් වී තිබේ.

* ළිඳේ ජලය සිඳී යාම – සමිපතමයකු වෙතින් තදබල ලෙස දොස් අසන්නට සිදු වේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division