තමාටම කියා නිෙවසක් ඉදිකර ගැනීම සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එහෙත් ඇතැම් අයට මූල්‍ය ශක්තිය තිබුණත් තමා සිතන පතන අයුරින් නිෙවසක් ඉදිකර ගැනීමට නොහැකි වී තිබේ. තවත් අය ඉතා ඉක්මනින් නිෙවසක් ඉදිකරගෙන එහි සතුටින් ජීවත් වෙති. මේ සඳහා බලපාන කරුණු රැසක් ඇති අතර ඉන් නිෙවසක් තැනීම ආරම්භයේ දී සිදු කළ යුතු වත්පිළිවෙත් ඉතා නිවැරදිව සිදු කිරීම අත්‍යවශ්‍යය.
නිෙවසක් ඉදිකිරීමේදී ගෙපළ කැපීම, නූල් ගැසීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම, උළුවහු තැබීම, වහලයට ලී තැබීම ආදී කාර්යයන් සුබ නැකැත්වලට සිදුකළ යුතුය. ඒ අතරින් මුල්ගල තැබීම ඉතාම සුබ නැකතකින් සිදු කළ යුතුය. නිවසේ සමස්ත ක්‍රියාකාරීත්වය සඳහා මෙම නැකැත මූලිකව බලපායි. මුල්ගල තැබීම සඳහා තෝරා ගන්නා නැකැත ගෘහයට ද, ගෘහ මූලිකයාට ද, නිවැසියන්ට ද සීහෙන නැකැතක් විය යුතුය. එම අවස්ථාවේ තත්කාල ග්‍රහ බලය ඉතා විශිෂ්ට විය යුතුය. මුවසිරස, සුවණ, රෙහෙණ, පුෂ, හත, අස්විද, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රේවතී යන නැකැත් මුල්ගල තැබීම සඳහා සුදුසු වේ. අත්තිවාරම කැපීම සඳහා සුදුසු වන්නේ පුවපල්, පුවසල, පුවපුටුප, අස්ලිස, බෙරණ, කැති, මුල, මා, විසා යන නැකැත් වේ. මුල්ගල තැබීම සඳහා අත්තිවාරම් කැපීමට පෙර නිවසේ පාද බෙදීම හෙවත් නූල් ගැසීම කරනු ලබයි. ඒ සඳහා මංගල ශංඛ ඛීලය සිටුවීම ද කළ යුත්තේ සුබ නැකතකටය. භූමිය සමඟ මූලික සම්බන්ධතාව ඇති කරගන්නා මේ කාර්යය ඉතා නිවැරදිව කළ යුතුය. මෙකී මංගල ශංඛ ඛීලය සිටුවිය යුත්තේ වාස්තු නාගයාගේ නාභි ප්රදේශයේය. ඒ අනුව සූර්යයා සිංහ, කන්‍යා, තුලා රාශිවල ගමන් කරන අගෝස්තු මැද සිට නොවැම්බර් මැද දක්වා කාලයේදී ගිනිකොන දිසාවේ ද, සූර්යයා වෘශ්චික, ධනු, මකර රාශිවල ගමන් කරන නොවැම්බර් මැද සිට පෙබරවාරි මැද දක්වා කාලයේ ඊසාන දිසාවේ ද, සූර්යයා කුම්භ ,මින, මේෂ රාශිවල ගමන් කරන පෙබරවාරි මැද සිට මැයි මැද දක්වා කාලයේ වයඹ දිසාවේ ද, සූර්යයා වෘෂභ, මිථුන, කටක රාශිවල ගමන් කරන මැයි මැද සිට අගෝස්තු මැද දක්වා නිරිත දිසාවේ ද මෙය සිටුවිය යුතුය. මේ සඳහා කොහොඹ, කරද, බෙලි, කුඹුක්, සල්, කොබෝලීල, කෑල, කිහිරි, රත් හඳුන් යන දැව වර්ගයක් ගත යුතුය. මෙය නිසි පරිදි සිටුවීමෙන් සියලු බාධා, අවහිර, දෝෂ ඉවත්ව යන බව සැලකේ. මුල් ගල තැබීම ඒ හා සමානම ඉතා වැදගත් කාර්යයකි. නිවසේ මුල් ගල තබන තැනැත්තා (ගෘහ මූලිකයා) සුදු හැඳ, බුදුන් වැඳ ‘මෙම නිවස සෑදේවා‘ යන ප්‍රාර්ථනයෙන් මුල් ගල තැබිය යුතුය. නැකැත් අවස්ථාවේ මෙන්ම ඊට පෙර දින ද ගෙපළ හොඳින් පිරිසිදු කර, කහ දියර ඉස, රාත්‍රී රාත්‍රි 10න් පසු පහන් දැල්වීම සුදුසුය. පහන් පැල දේව පාදයේ ඉදිකළ යුතුය. ඊසාන දිශාව වඩාත් සුදුසු වේ.
මුල්ගල තැබිය යුත්තේ ද වස්තු නාග චක්‍රය අනුව මංගල කූඤ්ඤය සිටු වූ දිසාවේය. මුල් ගල තැබූ ස්ථානය පසු කලෙක පෑගීම සුදුසු නැත. එම නිසා දොරවල් නොයෙදෙන තැනක මුල් ගල තැබීමට වග බලා ගත යුතුය. මුල් ගල තැබීමේදී ආරක්ෂා බන්ධන සහිතව නිධන් වස්තු තැන්පත් කළ යුතුය. පහත දැක්වෙන්නේ ඒ සඳහා සුදුසු ප්‍රශස්ථ නිධන් වස්තු ලේඛනයකි. නවරත්න, පස්ලෝ, හිරියල්, හෙළ අබ, කැකුළු හාල්, ඊතණ, රත්මල් කැකුළු, සමන්පිච්ච කැකුළු, මානෙල්, නෙළුම්, ඕලු, නාමල්, රුක්අත්තන මල් රේණු, උඳු, මුං, තල, මෑ, වී, අගිල්, ගුගුල්, තුවරලා, සැවැන්න මුල්, සුදු හඳුන්, රත් හඳුන්, කස්තුරි, ගෝරෝචන, කපු ඇට, කුඹුරු ඇට, වැල්මී, වෙනිවැල් ගැට, කොහොඹ අරටු, මී ඇට, මුහුදු වැලි, ගඟේ වැලි, ඇළේ වැලි, දොළේ වැලි, පර්වත පස්, ඇතා බිඳි පස්, සමුද්‍ර පර්වත මැටි, මුහුදු වතුර, ගඟේ වතුර, වෙලේ වතුර, ඇළේ වතුර, දොළේ වතුර, ඔයේ වතුර, පොකුණු වතුර, වැහි වතුර, ළිඳේ වතුර, කොහොඹ තෙල්, මී තෙල්, ගිතෙල්, අබ තෙල්, තැඹිලි තෙල්ය.
ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, විදුහල්පති, දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස