දැඩි තීරණ ගැනීමට ආර්ථික අර්බුදය හොඳ ඉඩප්රස්ථාවක් ලබා දුන්නා
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
ආර්ථිකය හරි මඟට ගැනීමට අවශ්‍ය කාරණා දෙකක් තියෙනවා. එහි පළමු කරුණ නම් ණය ගැනීම තිරසර කර ගැනීම සමඟ ඇතිවන සාර්ව ආර්ථික ස්ථායිතාව. ඒ සඳහා අවශ්‍ය බොහෝ පියවර ගෙන තියෙනවා. ආණ්ඩුවේ අයවැය ප්රශ්නය අඩු කර ගන්න උත්සාහ කරගෙන ඇත. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්ගේ ඇති බර ජනතා කර පිටින් ඉවත් කරන්න අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට උත්සාහ දරා තියෙනවා. එසේම මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහ කරමින් යනවා. ජාත්‍යන්තර ආයතනත් සමඟ නැවත ගනුදෙනු කිරීම ආරම්භ කර තියෙනවා. මේ කරුණත් සමඟ අපේ ආර්ථික ස්ථායීතාවය යම් තරමින් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන තියනවා. නමුත් ආර්ථීකය හරි මඟට ගන්නවා කියන්නේ මෙයම නොවෙයි. මෙතැනින් ඉදිරියට යන්න වෙනවා. එයට හේතුව ස්ථායීතාවය සහ ණය තිරසර බව රඳා පවතින්නේ රටේ ආර්ථික සංවර්ධනයත් සමඟයි. ආර්ථීක සංවර්ධනයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.
එසේම අපනයන ප්‍රවර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඩොලර් උපයා ගැනීම අවශ්‍ය වෙනවා. ඩොලර් උපයා ගැනීම සිදුවෙන්නේ අපනයන ප්‍රවර්ධනයෙන්. බහු පාර්ශ්වීය ණය, විදේශගත සේවකයන්ගෙන් ලැබෙන සංක්‍රාම, සහ සංචාරකයන්ගේ ලැබෙන ඩොලර් ආදායම මේ කරුණු කාරණා විතරයි අපි තවම උනන්දුවෙලා තියෙන්නේ. නමුත් අපිට තියෙන ප්‍රශ්න මේ මඟින් පමණක් ප්‍රශ්න විසඳන්න බැහැ. එහෙම නම් අපි ඉදිරියට යන්න අවශ්‍යයි. තිරසර විදිහට අපනයන ප්‍රවර්ධනයෙන් ඩොලර් උපයා ගැනීමට අවශ්‍ය කරන කටයුතු කළ යුතුයි. එයට අවශ්‍ය ආයෝජන අවශ්‍යයි. අපිට තියෙන ලොකුම ගැටලුව ආයෝජකයන්ට මෙය විශ්වාස රටක් නොවීම. අපට එම විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය කරන දැඩි තීරණ ගැනීමට සිදුවෙනවා. ඒ වගේම රටේ ඇති අනෙකුත් සියලුම අඩුපාඩුකම් වැරදි හදාගන්න මේ ආර්ථික අර්බුදයට හොඳ අවස්ථාවක් ලබා දී තියෙනවා. අපි ඒ ප්‍රයෝජනයට නොගත්තොත් අපිට එය අවස්ථාව මඟ හැරෙනවා. අපේ අනාගතය සකස් කර ගැනීමට නම් මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට ගත යුතුයි. ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ආකාරයට තවත් අවුරුදු 25කින් ධනවත් රටක් වෙන්න අවශ්‍යයි. එසේ ධනවත් රටක මිනිසුන් හැසිරෙන ආකාරයක් තියෙනවා. මේ හැසිරීම පාසලේ සිටම පුරුදු වෙන්න අවශ්‍යයි.
රට තවම නිවැරැදි මාවතකට ඇවිත් නැහැ
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සුමනසිරි ලියනගේ
බිඳවැටුණු ආර්ථීකය නැවත යථා තත්ත්වයට පත්වී ඇතිද යන ප්‍රශ්නයට නිශ්චිතම උත්තරය සත්තකින්ම නැත යන්නයි. රටේ ආර්ථිකය 2021 තිබුණු මට්ටමට වඩා අද තවත් ප්‍රපාතයට ගිහින් ඇති බව පෙන්නුම් කරනවා. කොවිඩ් තිබුණු 2021 අවුරුද්දෙත් ධන වර්ධනයක් ලබාගත්තා. 2022 වර්ධනය සෘණ වුණා. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ වර්ධනය සෘණ 11ක් වුණා.
ඊළඟට රටේ ණය පිළිබඳව ගත්තොත් රටේ ණය දේශීය සහ විදේශීය ණය අද විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි මේ මාසේ විතරක් රටේ භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 5000කින් වැඩි කරලා තියෙනවා. එවගේම අද ජිනීවාවලදි ඉන්දියානු සභිකය කියනවා ලංකාවට ඩොලර් බිලියන හතරක් ණය දීලා තියෙනවා කියලා මේ කාලය තුළ භාණ්ඩ සහන සහ ආර්ථික වශයෙන් එයිනුත් පෙන්නුම් කරන්නෙ සත්තකින්ම නිවැරදි මාවතකට ඇවිත් නැහැ කියලා. තවමත් මේ ආණ්ඩුව ගමන් කරන්නෙ ණය මාවතේමයි.
අනිත් කරුණ නම් රටේ මේ කියන තත්වයන්ට වැඩිය ගණන් නොගැනෙන දරිද්‍රතාවය, මන්දපෝෂණය, සෞඛ්‍යය තත්ත්වය, අධ්‍යාපනය ආදි සියල්ලම ගත්විට අපිට පේනවා විශාල වශයෙන් කඩා වැටීමක්. ඒ නිසා 2022 පමණ වෙනකොට ආර්ථිකය අමාරු තත්වයක තිබුණේ. නමුත් අද ඊට වඩා ලොකු අමාරු තත්ත්වයක තියෙන්නෙ. නමුත් එය වැසී තියෙන්නේ පෙට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් නැති නිසා. නමුත් වෙනත් තැන්වල පෝලිම් ක්‍රමානුකුලව ඇතිවෙමින් යනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල අර්බුද තියනවා. ඕනෑම පෝලිමක් අයින් කරන්න පුළුවන් බඩුවල මිල වැඩියෙන් ඉහළ දැමූවිට ඒ බඩුවලට සලාකයක් ලබා දුන් විට. විදුලි, ඉන්ධන, සෞඛ්‍ය ක්ෂේත්රවලට වෙලා තියන දේ හොඳින් පරික්ෂා කර බැලුවිට පොඩි ඇස් බැන්දුමක් තියෙනවා. නමුත් මේ තියෙන ඇස් බැන්දුමත් මේ ආකාරයට තියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ 2022 අප්‍රේල් මාසයේ ණය නොගෙවීමට ගත්ත තීන්දුව නිසයි.
ණය නොගෙවීමෙන් ඇති වූ යහපත් ප්‍රතිවිපාක තමයි මේ ලැබෙන්නේ. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැප්තැම්බරය සිට ඔක්තෝ්බර් සිට ණය ගෙවන්න පටන් ගත්ත විට මේ විදෙස් විනිමය සංචිතයට එකතු වෙලා තියෙන ඩොලර් බිලියන තුනකට අධික මුදල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ නිසා ඔක්තෝබරයෙන් පස්සේ තවත් නරක තත්ත්වයක් රටේ ආර්ථිකයට ඇතිවෙනවා.
සේවා වියුක්තිය ගත්ත විට ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත වැහෙමින් පවතිනවා. රටේ අාදායම විශාල වශයෙන් කඩා වැටෙමින් පවතිනවා.මේ තත්ත්වය තුළ ඇස් බැන්දුමක් තමයි තියෙන්නේ රට ආර්ථික වශයෙන් නිවැරදි තැනකට යනවා කියන කරුණ සම්බන්ධයෙන්. රටේ නිර්යාත ආදායම කඩාවැටෙමින් පවතිනවා. නමුත් ජාත්‍යන්තර අරමුදලේ සහයෝගයත් මේ ආණ්ඩුවේ ප්රතිපත්තීනුත් සමීපව ඉතාම ළඟින් ගැළපෙමින් යනවා. ඒවා ආර්ථික විනාශයකට මිසක් ආර්ථික සංවර්ධනයකට මඟපෙන්වන්නේ නැහැ.
තොරතුරු තාක්ෂණය වැනි ක්‍රමවේදයන් හරහා වෘත්තිකයන්ට විදෙස් රැකියා අවස්ථා ලබා දිය යුතුයි
– කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා
අපිට මතු පිටින් අර්බුදයක් නැහැ වගේ පෙනුණාට ආර්ථික අර්බුදය විසඳිලා නැහැ. පෝලිම් යුගය අවසන් වුණා කියලා අර්බුදය විසඳීමක් නැහැ. මේ රටේ විදෙස් ණය නොගෙවීමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් නිසයි මේ ගැටලුකාරි තත්ත්වයක් නැති බවක් පේන්නේ. ඒ නිසා රටේ පසුගිය 2021ට පෙර තත්ත්වයට රට පැමිණිලා නැහැ. ජනතාව පිට බදු බර පටවලා බදු දැලට හසුකරගත යුතු පිරිස් නිදහස් කරමින් වෘත්තිකයන්ට බදු පටවනවා. මේ රටේ ඉදිරියට දියුණු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව කිසිදු පියවරක් අරගෙන නැහැ. දැනට පවතින විදෙස් ආදායම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. වෘත්තිය පුහුණුව ලබපු වෘත්තිකයන් විදෙස් රටවලට යැවීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එසේ ම තොරතුරු තාක්ෂණ වැනි වෙනත් ක්‍රමවේදයන් සඳහා වෘත්තිකයන්ට විදෙස් රැකියා සඳහා අවස්ථා ලබාදිය යුතුයි. මෙවැනි වැඩපිළිවෙළ ඉදිරියේදි ක්‍රියාත්මක නොකළහොත් යටපත් වී ඇතැයි සිතන අර්බුදය මතු පිටට පෙනීම ආරම්භ වෙනවා. ඒ නිසා ජනතාව පිට බදු බර පටවන්නේ නැතිව ජනතාවට ජීවත් විය හැකි වටපිටාවක් සකස් කළ යුතුයි. මේ වන විට ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියනවා.
ආර්ථිකය ගැන තිබුණ ඍණාත්මක අදහස් පහව යමින් තියෙනවා
– පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න
රටක ආර්ථීකයක් පාලනය කර ගන්න බැරිවීම විශාල ගැටලුවක්. සාර්ව ආර්ථීක දර්ශකයක් පාලනය කර ගැනීමට නොහැකිවීම, රුපියලේ විනිමය අගය පාලනය කරගන්න නොහැකිවීම. මුදල් අච්චු ගැසීම පාලනය කර ගන්න නොහැකිවීම. වැනි කරුණු නිසා ඒ නිසා විනිමය සංචිත පාලනය කරගැනීමට නොහැකි වීම සිදුවෙනවා. මේ සියල්ල පාලනය කරගන්න බැරි වීම නිසා ආර්ථීක අර්බුදය ඊළඟට යථා තත්ත්වයට ගෙන යන්නේ කෙසේද යන කරුණ මතු වෙනවා. එය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතී. මේ වන විට සාර්ව ආර්ථීක දර්ශක හොඳ මට්ටමට ඇවිත් තියනවා. රුපියල අවප්‍රමාණය වීම නැවත ශක්තිමත් වීම ආරම්භ වී ඇත. ඩොලර්ය ශක්තිමත් වෙලා තියෙනවා. උද්ධමන වේගය පසුගිය මාසයේ සිට අඩුවෙලා තියනවා. අනෙක් දර්ශකය තමයි රජයේ වියදම් පාලනය කර ගැනීම. එනිසා බදු ආදායම අඩුවෙලා තියෙනවා. මුදල් අච්චු ගැසීම පාලනය කර ගැනීම සිදුවෙලා තියෙනවා. මේවා මූලික සාර්ව ආර්ථික දර්ශකයි. නියම දිශානතියකට ගමන් කිරීම ආරම්භ වෙලා තියෙනවා. රටේ භාණ්ඩ හිඟයක් අද නැහැ. පෝලිම් නැහැ. ඒවගේම ව්‍යාපාර ආයතන වැසී යන ස්වභාවය අඩුවෙලා තියෙනවා.
ඒ සියලු දෙනා නැවත යථා තත්ත්වයට පත් වෙලා තියනවා. ව්‍යාපාරිකයෝ මේ වෙනස්කම දිහා සුබවාදි විදිහට බලාගෙන ඉන්නවා. වෙළෙඳ පොළ සාමාන්‍ය තත්ත්වට පත්වීමක් දක්නට ලැබෙනවා. ව්‍යාපාර ආයෝජන ධෛර්යමත් වෙලා තියෙනවා. ඍණ අගයකට පත් වූ ඇතැම් ව්‍යාපාර නොබෝ කාලයකින් ඍණ හැසිරීම වෙනුවට ධන හැසිරීමක් බවට පත් වුණා. ණය ගෙවන්නේ නැති තාක් ආර්ථීයක බිඳවැටෙන්නේ නැහැ කියන එක තර්කයක් විතරයි .රුපියල ශක්තිමත් වීම සහ සංචිත ඩොලර් බිලියන තුන දක්වා වැඩිවෙලා තියෙනවා. භාණ්ඩ ආනයනය කිරීමට බාධාවක් නැහැ. රජය ණය ගෙවීමේ වැඩසටහන් හොඳින් පාලනය කර ඇති බව පේනවා. ලංකාවේ ආර්ථීකය ගැන තිබුණ ඍණාත්මක අදහස් පහව යමින් තියෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඉබාගාතේ ගිය ආර්ථිය සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙලා ඇති බව පේනවා.
කෙටි කාලීනව ආර්ථික ස්ථායීකරණය කිරීමට රජය සමත් වුණා
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
කෙටි කාලීනව ආර්ථීක ස්ථායීකරණය කිරීමට රජය සමත්වෙලා තියෙනවා කියලා අවිවාදයෙන් පිළිගන්න අවශ්‍යයි. භාණ්ඩ හිඟය, භාණ්ඩ මිල ඉහළ යාම, භාණ්ඩ පෝලිම්, ඉහළ උද්ධමනය රජය ආර්ථීක ස්ථායීකරණ වැඩසටහන යටතේ යථා තත්ත්වයට පත්කිරීමට සමත් වෙලා තියනවා. භාණ්ඩ හිඟය භාණ්ඩවලට තිබුණ පෝලිම් වැනි දේවල් ඉවත් කරලා තිබෙනවා. උද්ධමනය සියයට 70% දක්වා ඉහළ ගියා. අද වන විට එය 4.5% පහත වැටී තියෙනවා. රුපියල අවප්‍රමාණය වුණා. ඩොලරයේ අගය 365 දක්වා ඉහළ ගියා. මේ වන විට එය රුපියල් 320 දක්වා පහත වැටී තියෙනවා. පහතට වැටුණු සංචිත ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ද්වි පාර්ශ්වීය හා ස්වෛරී බැඳුම්කර මිලදී ගත් පිරිසට හැරෙන්නට දේශීය ණය ගෙවාගෙන යන තත්ත්වයක් අද ඇතිවෙලා.
අනෙක් පැත්තෙන් පොලී අනුපාතය 30% කින් පමණ ඉහළ ගියා. මේ වන විට ප්‍රතිපත්ති පොලී අනුපාතය 11%ක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අනෙක් වාණිජ බැංකුවලට වෙළෙඳපොළ ණය ලබාදීමේදී පොලී අනුපාත පහත හෙලන ලෙසට මහ බැංකුව ඉල්ලීම් කරලා තියෙනවා.
රජය සමස්තයක් ලෙස ගත් විට විවිධ බාධක මැද්දේ අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩ සටහනක් ඉදිරියට ගෙන යනවා. මේ අර්ථයෙන් ගත් විට කෙටි කාලීනව ආර්ථිකය ස්ථායීකරණය කිරීමට විදේශීය ණය ගනුදෙනුකරුවන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දිගින් දිගටම සාකච්ඡා කරමින් පවතින අතර විශේෂයෙන් ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණෙමින් තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දැනටමත් අවසන් කිරීමට රජය සමත් වෙලා තියෙනවා. එසේම රාජ්‍ය අයවැය සම්බන්ධයෙන් බදු අනුපාත ඉහළ දැමීම සිදුකර තියෙනවා. එතරම්ම ජනප්‍රිය නොවුණත් රජයට විශාල බරක්ව තිබූ තෙල් සංස්ථාව, විදුලි බලය ජලය වැනි අනෙකුත් අංශවල පාඩුව අවම කිරීම සඳහා විශේෂයෙන් පිරිවැය නිරූපණය වන මිල ගණන් හඳුන්වා දුන්නා. විදුලි ගාස්තු වැනි දෑ ඉහළ ගියත් අවසාන වශයෙන් ලබන පාඩුව අවම කර ගැනීමට හැකියාව මෙමඟින් ලැබෙයි. එසේම අතිරික්ත ශ්‍රමය අවම කිරීමට රජයේ, සංස්ථා, ආයතන ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේද හඳුන්වා දී තියනවා. මේ සියල්ලම ගත් විට එක් පැත්තකින් ගෙවුම් ශේෂය පිළිබඳ තීන්දු තීරණ ගැනීමත් අනෙක් පැත්තෙන් ආර්ථිකය ස්ථායීකරණය ඇති කිරීමට, උද්ධමනය පහතට ගෙන ඒමට පොලී අනුපාතය පහතට ගෙන ඒම වැනි පියවර රජය ගනු ලැබුවා.
ජනාධිපතිවරයා පවසන ආකාරයට තවදුරටත් පහතට වැටෙන්නේ නැතුව පහළට යන වාහනය තිරිංග තද කර නවතා ගැනීමට රජය පියවර ගැනීම අගය කළ යුතුයි. ආර්ථිකය ක්‍රමානුකූලව ස්ථායීකරණය කළ පසු එතැන් සිට ඉදිරියට වර්ධනය වෙතැයි යන විශ්වාසය අප සතුවිය යුතුයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ වැඩසටහනක් ක්‍රියාත්මක වන නිසා 2027 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික ඉලක්කයන් ජය ගැනීම සහ මුල්‍ය ක්‍රමානුකූලව භාවිත කළ යුතුයි. 2024 වසරේ සිට එක් එක් වර්ෂවලට අදාළව අත්කර ගැනීමට බලාපොරොත්තු වන වර්ධනය, ගෙවුම් ශේෂය සංචිත පොලී අනුපාත යන කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණිය යුතුයි.
නමුත් ආර්ථිකය ස්ථායීකරණය වුවත් කෙටිකාලීනව ආර්ථික අර්බුදය තවදුරටත් ඉදිරියට යෑමට බලපාන මූලික රෝග නිදානයන්ට පිළිතුරු සැපයීම මේ දක්වා සිදුකර නැහැ. එවිට පිළිතුරු සෙවීම සිදුවන්නේ ඉතාමත් මන්දගාමී ස්වභාවයෙනි. අපනයන වර්ධනයට රජය මීට වඩා උනන්දු විය යුතුයි. එසේ ම අනාගතයේ දි මේ ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපි විවිධ පියවර අනුගමනය කළ යුතුයි. අනෙක් පැත්තෙන් වංචා, දූෂණ, නාස්තිය, අකාර්යක්ෂමතාවය, රාජ්‍ය අංශය තුළ බහුලයි. පාරිභෝගිකයාව පෞද්ගලික අංශය විශාල සූරාකෑමට ලක්කර තියෙනවා. මේ දේවල් යථාවත් කිරීමට රජයට නව නීතිරීති හඳුන්වා දිය යුතුයි. වංචා, දූෂණ, අකාර්යක්ෂමතාවය සහ වෙළඳපොළ තුළ පාරිභෝගිකයා ගසා කෑම වැළැක්වීමට රජය නව නීති රීති ගෙන ආයුතුයි. මීට වඩා විදෙස් ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. රජය නීතිය, සාමය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.
එක් අරමුණකට පෙළ ගස්විය යුතුයි. සැබෑ යථාර්ථය ජනතාවට පෙන්විය යුතුයි. අපි රටක් ලෙස ණය ගෙවීම පැහැර හැර විශාල අපකීර්තියකට පත් වෙලා තියනවා. මේ නිසා ලෝකය හමුවේ අපි නැඟී සිටින්නෙ කෙසේද යන කාරණාවට ප්‍රමුඛත්වය දිය යුතුයි. මේ ආර්ථික යුද්ධය හරියාකාරව ජයග්‍රහණය කිරීමට අපි වග බලා ගත යුතුයි. රාජ්‍ය පාලනය තුළ දැවැන්ත වෙනස්කම් ඇති කිරීමට තවමත් සමත් වෙලා නැහැ. ඉදිරියේදී ඒ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එසේ නොවන්නේ නම් නැවත වරක් ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ ඉඩකඩ වැඩියි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ එකඟ වූ වැඩසටහන් සමඟ 2027 දක්වා ගමන් කළ යුතුයි. ඊට අදාළ ඉලක්කයන් පමණක් මූල්‍ය ප්‍රතිපත්තින් අනුව යොදාගත යුතුයි. රජය ඒ සඳහා කැප වී වැඩ කරන්නේ නම් බාධාවක් වෙන්නේ නැහැ. අඳුරුතම යුගය පසු කරමින් ආර්ථිකය තුළ ස්ථායීකරණයක් දක්වා අද වන විට ගමන් කරලා තියනවා. ලබාගෙන තියෙන ජයග්‍රහණ පිළිබඳව උදම් අනනවාට වඩා මැදිකාලීන දිගුකාලීනව ගමන් කළ හැකි ගමනක් අපි සකස් කළ යුතුයි.