සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සමාජ සේවා මණ්ඩලය මඟින් පාලනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසවල සිටින පාලක සභා නිලධාරීන් සහ සාමාජිකයින් උදෙසා අරමුදල් රැස් කිරීම්, සේවා කටයුතු ප්‍රවර්ධනය කිරීම් වැඩමුළුවක් බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඉකුත්දා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ප්‍රවීණ අලෙවිකරණ දේශක පී.පී පෙරේරා, විශ්‍රාමලත් විගණකාධිපති ගාමිණී විජේසිංහ, මහජන බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(විශ්‍රාමික) වසන්ත සිල්වා සහ මහා භාරකාර නීතිඥ ගිහාන් පිලපිටිය විසින් දේශන පැවැත්වූ අතර සම්මේලනය මඟින් සංස්කරණය කරන ලද නව පාලක සභා රෙගුලාසි පොත ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස පාලක සභා වෙත ලබාදීම සිදු විය.