අපවත්වී වදාළ මඩිහේ පඥාසීහ මහ නාහිමියන්ගේ විසිවැනි ගුණානුස්මරණ පින්කම, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මහරගම වජිරඥාන ධර්මායතනාධිපති උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නායක ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් අමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාවගේ සහභාගිත්වයෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි. මීට දශක හයකට පමණ පෙර වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ කරන ලද්දේ මඩිහේ මහ නාහිමි විසින් වන අතර එය අෙමරිකාවේ ආරම්භ කළ ප්‍රථම ශ්‍රී ලාංකීය විහාරස්ථානය ද වේ.
මෙවර ගුණානුස්මරණ දේශනාව සිදු කරන ලද්දේ කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරාධිපති රජාවෙල නන්දරතන හිමියන් විසිනි. වොෂින්ටන් බෞද්ධ විහාරවාසී රතනසීහ හිමි ප්රමුඛ සංඝරත්නය ද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.