1.5K
ප්‍රවීණ සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව 19 වනදා සවස 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වේ. එය සුද්ධෝදන මහ රජතුමාගේ ජීවිත කතාව අලළා ලියැවුණු එකකි. අජන්තගේ නවතම සාහිත්‍ය කෘතිය “සර්වකාලීන සහ විශ්වීය තේමාවක්” සහිත එකක් වනුයේ එය මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පෞරුෂයක් වන සුද්ධෝදන රජු වටා ගෙතුණු කතාවක් බැවිනි. විවිධ ක්ෂේත්‍ර අලළා දැනටමත් සිංහල පොත් විස්සක් රචනා කර ඇති අජන්ත සෙනෙවිරත්නගේ පළමු ඉංග්‍රීසි නවකතාව “Father for a Buddha” වේ.