Home » ශ්‍රී ලංකා – කියුබා රාජ්‍ය නායකයන් හමුවක්

ශ්‍රී ලංකා – කියුබා රාජ්‍ය නායකයන් හමුවක්

by mahesh
September 16, 2023 12:37 am 0 comment

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් අතර නිල හමුවක් පසුගිය 14 වෙනිදා සිදුවිය. කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ‍ උත්තමාචාර ද පිරිනැමිණි. සේයාරුවේ දැක්වෙන්නේ විප්ලවයේ මාලිගාව වෙත යන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට උත්තමාචාර පිරිනැමුණු ආකාරයයි.

ගෝලීය වශයෙන් උතුරු – දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කරගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය. එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩි‍ෙයස් කැනල් බර්මියුඩෙස් විසින් පිළිගන්නා ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division