සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය උදෙසා මහඟු මෙහෙවරක් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම සංවත්සරය සැප්තැම්බර් 17 වැනි ඉරිදාට යෙදෙන අතර ඒ නිමිත්තෙන් රට පුරා විවිධ උත්සව රැසක් සංවිධානය කර තිබේ.
ප්‍රධාන උත්සවය 17 වන ඉරිදා පෙ.ව. 10.00ට මරදාන මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමිගේ මෙහෙයවීමෙන් අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙනි.
එමෙන්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය මඟින් ද අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ගුණ සමරු උලෙළක් කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ප්‍රධාන ශාලාවේදී සැප්තැම්බර් 17 වැනි ඉරුදින පෙ.ව. 9.00ට පවත්වනු ලබයි. ආණමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන අනුනායක නාහිමියන්ගේ මූලාසනයෙන් පැවැත්වෙන මෙම සමරුවට වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ සභාපති එන්.එස්.කේ. විජේනායක, ලේකම් ආචාර්ය සුසන්ත කොස්ගොල්ල ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලය විසින් ද අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් 17 වැනි ඉරිදා ගුණානුස්මරණ පිංකම පෙරහැර, පරිත්‍රාණ දේශනා, දානමය පිංකම, පුෂ්පෝපහාර ගුණ සමරු දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ 125 වැනි ජන්ම දිනය සැමරීම ද මෙයට සමගාමීව සිදුකෙරෙන අතර එම විදුහල ආරම්භ කරන ලද්දේ ද අනගාරික ධර්මපාලතුමා විසිනි.
ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා කුමාරි ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ගුණ සමරු දේශනය පවත්වනු ලබන්නේ පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමි විසිනි.
වජිර ලියනගේ