විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වර්ෂයේ ගතවූ කාලය තුළදී රුපියල් කෝටි තුනකට ආසන්න ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.
විගමණික ශ්‍රමිකයන්ගේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සඳහා රු.20,000 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් සඳහා රු.25,000 බැඟින් හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා රු.35,000 බැගින් ශිෂ්‍යත්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිරිනමනු ලබයි.
2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2,065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රුපියල් කෝටි පහක පමණ මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත. මේ වන විට උතුරු, වයඹ, ඌව, දකුණු, සබරගමුව හා මධ්‍යම යන පළාත්වල සුදුසුකම් ලත් සිසුන් 915 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ද අවසන් කර තිබේ. මෙසේ 2023 වසරේදී සිසුන් 2065කට ශිෂ්‍යත්ව පිරිනමා තිබේ.
රසික කොටුදුරගේ