ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන අනතුරට පත් වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වා දීමට පියවර ගැනීමට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ දී තීරණය වී ඇත.
එම තීරණය ගනු ලැබුවේ අදාළ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී ය.
වෙරළබඩ දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර නාවික හමුදාවේ ද සහාය ලබා ගන්නා නමුත් මෙවැනි නිශ්චිත සේවාවක් තිබීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දීමෙන් අනතුරුව එය ප්‍රායෝගික කිරීමට අනුමත කෙරිණි. එමෙන්ම 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද හිමි වි තිබේ. 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර මෙසේ අනුමැතිය ලබා දී ඇත.
දීපාල් සමරසේකර