Home » මැතිවරණ පනතේ සංශෝධනයන්ට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මැතිවරණ පනතේ සංශෝධනයන්ට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

by mahesh
September 16, 2023 12:36 am 0 comment

සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබදව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී ඇත. ඒ අනුව මැතිවරණ මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 21 සිට දින 42 දක්වා වැඩි කෙරෙනු ඇත.

එමෙන්ම මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් කාලයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදු කෙරේ.

අදාළ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්නගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධව සාකච්ඡා වූ අතර එම පනත් කෙටුම්පත් ද්විත්වයට අනුමැතිය ලබාදීම ද සිදුවිය.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත මගින් මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත මැතිවරණ පෙත්සමක් ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය දින 42 දක්වා සංශෝධනය කිරීම සිදු වේ. වත්මන් නීතියට අනුව මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට දින 21 ක් ඇතුළත දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් මැතිවරණ වියදම් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවුනහොත් මැතිවරණ පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව ලබා දී ඇත.

තවද මෙම පනත් කෙටුම්පත මගින් දැනට පවතින මැතිවරණ පනත් අනුව නියම කරනු ලබන දණ්ඩන ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන බැවින් වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි දඩමුදල් යාවත්කාලීන කිරීම ද සිදුවේ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division