ජෝර්දානයට ගෘහසේවය සඳහා යන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්රමික කාන්තාව බඳවා ගන්නා සේවා යෝජකයා විසින් අනිවාර්යෙන්ම මෙම රක්ෂණය ලබා ගෙන සිටිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී අදාළ රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව ජෝර්දාන රජය විසින් අනුමත කර ඇති රක්ෂණ යෝජනා 3 ක් අතරින් සුදුසු රක්ෂාවරණයක් තෝරා ගැනීමේ අවස්ථාව හිමි කරදී තිබේ. කිසියම් විදියකින් ශ්රමිකයකු මිය ගියහොත් සහ හදිසි අනතුරකින් පූර්ණ ලෙස අබාධ තත්ත්වයට පත් වුවහොත් එහිදී අදාළ වන්දිය පිරිනැමේ.
නාමලී ගමගේ