2030 වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියා මාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතය.
එමෙන් ම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමටද නියමිතය.
2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා ජනාධිපතිවරයා විශේෂ දේශනයක් සිදු කිරීමට ද නියමිතය. ඒ අතර වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ, දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් සඳහා ගෝලීය සාමූහික කැමැත්ත ප්‍රදර්ශනය කිරීමේ වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් අපේක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඇමතීමට නියමිතය.
සංවර්ධනය සඳහා වන මූල්‍යකරණය පිළිබඳ , ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය.