අපි ශක්‍ර දෙවිඳු ගැන අසා දැන ඇත්තෙමු. නමුත් උන්වහන්සේගේ අනුහස් තේජස් පිළිබඳ කොතෙක් දුරට දන්නේ ද යන්න පිළිබඳව ගැටලුවකි. එදාමෙදා තුර අප සමාජය හුරු පුරුදුව ඇත්තේ යම් ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැඟුණ විට දෙවියන් සොයා දෙවොල් කරා ගොස් තම දුක දෙවියන් හමුවේ කියා සිටිමටයි. ඔබ මම අදහන බාරහාර වන දෙවි දේවතාවුන් වහන්සේගේ තේජස් අනුහස් භාවයට එහා ගිය මහා වික්‍රමයක් ඇති සියලු දෙවියන්ට අධිපති මහා පින් ඇති ශක්‍ර දෙවියන් පිළිබඳව සමාජයේ ඇත්තේ අල්ප අවබෝධයකි. නමුත් උන්වහන්සේගේ අපරිමිත තේජස් භාවය පිළිබඳව දශක කීපයක මා සතු අත්දැකීම් අතිබහුලය.
මේ සටහනෙන් මා බලාපොරොත්තු වන්නේ මිහිතලයේ බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේට අමතරව ඊළඟට පින් ඇති එකම පුද්ගලයා එසේත් නොමැතිනම් දෙවියන් වන ශක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජයා පිළිබඳව මාගේ අත්දැකීම් ඇසුරින් ඔබගේ අවබෝධය වැඩි කිරීමයි. විශාලා මහනුවර ඇති වූ දුර්භික්ෂයේදී බුදුරජාණන්වහන්සේ කෝටියක් සක්වල දෙවි මිනිස් බඹුන් පමණක් නොව පොළෝ වාසි අමනුෂ්‍ය කොටස් සඳහාද මෛත්‍රියෙන් ආමන්ත්‍රණය කළ බව සත්‍යයකි. එම සත්‍ය ක්‍රියාව නිසාම එදා විසාලා මහනුවර ජනපදවාසීන්ට සහනය උදා වුණ බව අපි දනිමු.
ශක්‍ර දෙවි රජුන් එදා විසාලා මහනුවරදී බුදු රජුන් රතන සූත්‍රය දේශනා කරද්දී එහි වැඩ සිට රතන සූත්‍රය ශ්‍රවණය කළ බව සත්‍යයකි.
රතන සූත්‍රයේ අවසාන ගාථා තුන දේශනා කරන ලද්දේ ශක්‍ර දෙවිඳුන් විසින්ය. උන්වහන්සේ මෙසේ දේශනා කරන ලදී.
ඒ මෙහි රැස් වූ පොළොවෙහි සිටින හෝ අහසෙහි සිටින හෝ යම් භූත කෙනෙක් ඇද්ද ඒ අපි සියලු දෙනාව එක්ව දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ බුද්ධ රත්නය නමදිමු. ‘සෙත් වේවා’ යන්නය. මෙහි රැස් වූ පොළොවෙහි සිටින හෝ අහසෙහි සිටින හෝ යම් භූත කෙනෙක් ඇද්ද ඒ අපි සියලු දෙනාම එකතුව දෙවි මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝ රත්නය නමදිමු සෙත් වේවා යන්නය. එදා ඒ විශාලා මහනුවර බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ මොහොතේ සහ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණ මොහොතේ ලංකා ශාසනය සුරැකීමේ වගකීම ලැබූ ශක්‍ර දෙවියෝ අදත් තවුතිසා භවනේ වැඩ සිටියි. උන්වහන්සේ ඒකාන්තයෙන්ම මතු බුදු වන බව නම් සත්‍යයකි. ඒ පින් පිරි සසරේ බෝසතුන්ට පාරමි පිරීමට උදවු කළ උතුම් වූ ශාසනය රක්ෂා කරන ශක්‍ර දෙවියන්ගේ බල මහිමය, වික්‍රමය, තේජස, අනුහස තව්තිසා භවනේ දිව්‍ය ලෝක දාසයේ මනු ලොව, නා ලොව, අනෝතත්ත විලේ, මහාමේරු පර්වතයේ ඇතුළු සක්වල, පිටසක්වල, පොළෝ තලයේ පැතිර ඇත. සියලු දෙවියන්ට අධිපති ශක්‍ර දෙවියෝ මහා පින් ඇති දෙවි කෙනෙක් බව සත්‍යයකි. අප බුදු රජාණන් වහන්සේ එදා මල්ලව රජ දරුවන්ගේ සාල උද්‍යානයේ පරිනිර්වාණ මංචකයේදී ශක්‍ර දෙවියන්ට ලංකා බුද්ධ ශාසනය භාර කළ බව දීග නිකායේ අට්ටකථාවල සඳහන් වේ.
ශක්‍ර දෙවියන්ගේ පිහිට ලබා ගැනීමට නම් ඔබ ධර්මයේ හැසිරීම අනිවාර්යයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය මූලික කරගත් ඔබගේ ජීවිතයට දාන, ශීල, භාවනා ආදි ත්‍රිවිධ පුණ්‍යකර්මයෙහි යෙදීමෙන් කටයුතු කිරීමෙන් ඔබට දිවි සහනය සැනසීම ඒකාන්තයෙන්ම ලැබෙනවාමය. දෙවියන් සතුටු කරවන දෙවියන් නිතර අසන්න කැමැති පහත සඳහන් ත්‍රිවිධ රත්න වන්දනාව ඔබ ඔබගේ ජීවිතයට හුරු කර ගන්න.
ත්‍රිවිධ රත්න වන්දනාව
* සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරන්තං
මාරාතිරේක පවරං මුනිරාජ තේජං
ආදිච්ච බන්දු පවරං කුමුදාකරං තං
පාදාර වින්ද සුචිරං සිරසා නමාමි
* සද්ධම්ම රාජ මධුරං ඉවකප්ප රුක්ඛං
සංසාර සාගර ගතං තරණාය නාවං
සද්ධම්ම භානු පවරං නිමිරං විනාසං
සද්ධම්ම රාජ මකුටං සිරසා නමාමි
* සංඝස්ස ලෝක පවරං සුචිපුඤ්ඤ චෙත්තං
නානං නිලින විපුලං වරදක්ඛිසණෙයියං
සත්ත්රින්ද්රියං ධුතවරං පරමේක සෙට්ඨං
සම්බුද්ධ රාජ තනුජං සිරසා නමාමි
දෙවන වන්දනාව
* සාර සාර ගුණ ධාර ධාර ධිතී වීර විර සුවිසාදරං
රූප රූපතල ආදි අදිතප තේජ තේජ වර සෝභනං
දේව දේව නර නාග නාග සුර කේළි කේළි මකුඨාසනං
ලෝක ලෝක ගුරු රාජ රාජ සිරි පාද පාද පණමා මහං
* දීප දීප පද පාද පාද හිත භූත භූත නිකරාකරන්
මාර මාර පර රාජ සුර මෝලි මෝලි සනරා මරං
මෝහ මෝහ තප තේජ තේජ වර මෝලි මෝලි සනරාමරං
මෝහ මෝහ මද වීත වීත මල ධම්ම ධම්ම පන මා මහං
* ඕඝ ඕඝ මති ඥාණ ඥාණ සවිතිත තීත විමලප්පහං
ධිර ධිර බර නාථ නාථ සුත සෝම සෝම සුගතනුජං
රාජ රාජ නිජ භාව භාව සනරාම රාම සුගතරසං
ජාති ජාති භව දුක්ඛ දුක්ඛ ගත සංඝ සංඝ පණමාමහං
ඉහත ත්‍රිවිධ රත්න වන්දනාව උදේ හවස හඬ නඟා කියමින් එය තම ජීවිතයට හුරුකර ගනිමින් පංචශීලයෙහි පිහිටා ගුණදම් පුරමින් ශක්‍ර දෙවියන්ගෙන් පහත ආකාරයට ඔබගේ ජීවන පැවැත්මට පිහිට ඉල්ලන්න අනිවාර්යයෙන්ම ලැබෙනවාමය.
යම්බුද්ධ සෙට්ඨො පරිවණ්නයි සුචිං
සමාධිමානත්තරික්කඤ්ඤමාහු
සමාධිනාතෙන සමොන විජ්ජතී
ඉඳම්පි ධම්මේ රතනං පනිතං
ඒතේන සච්චෙන සුවත්ථිහෝතු
ඉහත ගාථාවෙන් සමන්පිච්ච මල් ගෙන සවස් යාමයේ ඉස සෝදා පිරිසිදු වී ශීලයෙහි පිහිටා මස් මාංශ අනුභවයෙන් තොරව බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ මල් පහන් දල්වා 108 වර පිරිත් කර පසුදා අලුයම් කාලයෙහි දාගැබක් සමිපයේ පූජා කරන්න. මහා සෑය වැනි හාස්කමින් පිරි බුද්ධ රශ්මිය විහිදෙන සෑයට පූජා කර පේශා වළලු මත තම සිරස තබා නමස්කාර කොට බුදු ගුණ සිහි තබා තම සිතැඟි ප්‍රාර්ථනාවන් කිරීමෙන් නිමේෂයෙන් ඔබට ශක්‍ර දෙවිඳු පිහිට වනු ඇත.
අකීකරු දරුවන් කීකරු කරගැනීමට තම පවුලේ පවතින ආර්ථික සමාජය, අඹුසැමි, රැකීරක්ෂා, විවාහ ප්‍රමාද, විභාග කටයුතු, සතුරු උවදුරු, මානසික ගැටලු, නීති ප්‍රශ්න, ලෙඩ දුක්, අපල උපද්‍රව ආදි මෙකී නොකි සියලු දේට සහ ණය බරින් නිදහස් වීමට ආදී ඕනෑම කාරණාවක් සඳහා මෙය අතිප්‍රබලය.
* යටින්දචිලෝ පඨවිංසිතෝසියා
චතුබ්හි වාතේභි අසම්පකම්පියෝ
තථුපමං සප්පුරිසං වදාමි
යෝ අරියසච්චාතී අවේච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පනීතං
එතේන සච්චෙන සුවත්ථි හෝතු
සමන් පිච්ච මල් 7ක් ගෙන ඉහත ගාථාවෙන් 108 වර බැගින් පුර පක්ෂයේදී පිරිත් කර ස්ථූපයකට පූජා කර තම සිතැඟි කියා සක් දෙවිඳුට පින් දෙනු. සොර සතුරු බය, රාජ බය දුරු වේ. ශ්‍රියාව ඇති වී රෝග අපල උපද්‍රව දුරුවේ. දහසක් සම්පත් උදා වේ. නොකඩවා ශීලයෙහි පිහිටා සිදු කිරීමෙන් විස්මිත ප්‍රතිඵල ලැබේ. ඉතා පිරිසිදු සිතින් කළ යුතුය.
ඛීණං පුරාණං නවං නත්ථිසම්භවං
විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තෙ ඛීණ බීජා අවිරූල්හිච්ඡන්දා
නිබ්බත්ති ධීරා යතායම්පදිපෝ
ඉදම්පි සංඝෙ රතනං පණිතං
ඒතෙන සච්චෙන සුවත්ථි හොතු
මෙම පිරිත් ඛණ්ඩයෙන් හත් වර පෙරාගත් පැන් පිරිත්කර නිවසට, වත්තට, මිදුලට ඉසින්න. යාන වාහන, ගොවිබිම් ආරක්ෂා වී දීප්තියෙන් බැබළෙනු ඇත. දරුවන්ගේ උපද්‍රව දුරුවීමට ස්නානයට, උදේ හවස මූණ සේදීමට වඩාත් ගුණදායකය. එදා විසාලා මහනුවර රතන සූත්‍රය දේශනාවේදී එය ශ්‍රවණය කළ සක් දෙවිඳු අදත් වැඩ සිටි. මෙම පිළිවෙත් පිරීමෙන් බුද්ධ, ධම්ම, සංඝ, ත්‍රිවිධ රත්නයේ අපිරිමිත ගුණ සමුදායෙන් ආරක්ෂාව සැලසී ශක්‍ර දෙවියන්ගේ පිහිට ආධාරය ලැබෙනු නියතය. ඉහත පිළිවෙත අවසානයේ නවගුණ සිද්ධි මන්ත්‍රය 7 වර කියා දෙවියන්ට පින් දෙන්න.
නව ගුණ සිද්ධි මන්ත්‍රය
*ඕං නමෝ භගවා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ අරහං සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සුගතෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ ලෝකවිඳු සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ අනුත්තරෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ පුරිස ධම්ම සාරථි සම්මා සම්බුද්ධනං නමඃ
ඕං නමෝ සත්ථා සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ සම්බඤ්ඤු සම්මා සම්බුද්ධානං නමඃ
ඕං නමෝ දිපදුත්තමෝ සම්මා සම්බුද්ධානං නමඃ
ඒතෙන සච්ච වජ්ජේන ජයෝ ජයස්තු මේ සදා
ශක්‍ර දෙවියන්ට අවසානයේ පින් දෙන්න.
1) ගාථාව –
සන්තෝ දන්තෝ ධිනිමන්තෝ
පත්තෙන්තෝ සම්බෝධි මුත්තමෝ
සබේ වේදාපති බ්‍රහ්මෝ ශක්රෝ
කතං මේ පුඤ්ඤානුමෝදතු
අර්ථය –
සම්‍යක් යජුර් සාම අර්ථවන් යැයි කියනු ලබන චතුර් වේදයට අධිපති වු ශාන්ත වු දැමුණු ඉඳුරන් ඇති ධෛර්යවත් වූ ඒකාන්ත වශයෙන් උතුම් වු සම්මා සම්බුදු බවට පැමිණෙන්නා වූ මහා බ්‍රහ්ම ශක්‍ර දේවේන්ද්රයානන් වහන්ස ඔබ වහන්ස මා විසින් රැස් කරන ලද පිං අනුමෝදන් වන්න.
2) ගාථාව –
වන්දේහං බ්‍රහ්ම ශක්‍ර ත්වං පාද
දේහි මේ සති මේ ධිතී
මනසා නීව සස්සාමි ත්වං
ගන්හාතු පුඤ්ඤ සම්පදා
අර්ථය –
මහා බ්‍රහ්ම ශ්‍රක දේවේන්ද්රයානන් වහන්ස මම ඔබගේ පා පියුම් වඳිමි. ඔබ වහන්සේ භක්තිමත් වූ මට ස්මෘතිය සහ ධෛර්යයන් ලබාදුන මැනව. ඔබ වහන්සේලා සෙවණෙහි මම සිතින් බැඳී වාසය කරමි. එහෙයින් මෙම පුණ්‍ය සම්පත්තියද ඔබ වහන්සේලා ගනු මැනවි.
ගාථාව –
සුධම්මා දේව විමානස්මිං
නිසින්නෝ දේව ගණ පරිවුනො
බ්‍රහ්ම සක්‍ර නාම
මිදං පුඤ්ඤාණුමෝදතු
තේරුම –
දිව්‍ය සමුහයා පිරිවරාගෙන
සුධර්ම නම් දේව විමානයේ
වැඩ සිටින්නා වූ බ්‍රහ්ම
ශක්‍ර දේවයානන් වහන්ස
මේ පින් අනුමෝදන් වන්න.
අවසානයේ දෙවියන්ට පින් දීමේ කන්නලව්ව
අවසර ශ්‍රීමත් ශ්‍රී සුගත තථාගත ත්‍රෛලෝක්‍ය ප්රදිපායමාන වූ ශක්‍ය කුල නිකායමාන වූ අප ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ආරාධනාවෙන් ලක්දිව සසුන රකින්නා වූ මහා ශක්‍ර දේවයන් වහන්ස මා විසින් රැස් කරන ලද පින් අනුමෝදන් වී ඔබ වහන්සේගේ ඇල්ම බැල්ම මා වෙත ලැබී විරාගත බල මහිමයෙන් මා වෙත මා පැමිණ කාරණාව ඉෂ්ට සිද්ධ කර දී පින් අනුමෝදන් වන්න.
ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ