මෙරට භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය ඉහළ නැංවීම පිණිස ආරම්භ කරන ලද විද්‍යෝදය පිරිවෙන මෙරට නූතනයේ පිරිවෙන් ඉතිහාසයේ පළමු පිරිවෙන ලෙස නම් කළ හැකිය. 1873 වසරේ දෙසැම්බර් 6 වෙනිදා ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ විසින් පිරිවෙණ ආරම්භ කරන ලදී.
ඒ 7 දෙනකුගෙන් යුත් ශිෂ්‍ය පිරිසකගෙනි. එහෙත් වසරක් ගත වෙත්ම ඒ ශිෂ්‍ය සංඛ්‍යාව 100 කටත් අධික විය. ශාඛා පිරිවෙන් 48ක් දක්වා වර්ධනය වූයේ ඉතා ඉක්මනිනි.
2011 වසර වන වන විට එම සංඛ්‍යාව 520 ක් පමණ දක්වා ඉහළ ගියේය. විද්‍යෝදය පිරිවෙණින් ආරම්භ වූ පිරිවෙන් සංඛ්‍යාව පසුව දිවයින පුරා ව්‍යාප්ත විය. අදත් එයින් බොහෝ පිරිවෙන් සමඟ විද්‍යෝදය පිරිවෙන හා සම්බන්ධතා පවතී.
හික්කඩුවේ සුමංගල නා හිමියන් ආරම්භ කළ විෂය නිර්දේශ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ අනුග්‍රහයෙන් ඉතා ඉහළ මට්ටමින් අදටත් පවත්වාගෙන යනු ලැබේ. වසර 10කට පසුව සිදු කරන අවසන් පරීක්ෂණයෙන් පසුව පිරිවෙනින් ලබාදෙන සහතිකය ආචාර්ය පත්වීමක් ලබා ගැනීමට හැකි තත්ත්වයේ උසස් සහතිකයකි.
පිරිවෙන් අධ්‍යාපනය නැංවීමට තිබුණු අඩුපාඩු මඟ හරවා එහි ගුණාත්මක තත්ත්වය වැඩිදියුණු කිරීම පිණිස රජය මඟින් මෑතදී ලබා දුන් අනුග්රහයද අගය කළ යුතුයි. විද්‍යෝදය පිරිවෙණට මේ වන විට වසර 150ක් සම්පූර්ණ වී ඇති අතර ඒ නිමිත්තෙන් හික්කඩුවේ නායක හිමියන් වැඩසිටි ආවාස ගෘහය ප්‍රතිසංස්කරණය පිණිස රජය මඟින් නාවික හමුදාව යොදවා තිබේ. ඒ නිමිත්තෙන් දෙසැම්බර් මාසයේදී විශේෂිත උත්සව මාලාවක් ප්‍රදර්ශන කුටි සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේම එම ආවාස ගෘහය කෞතුකාගාරයක් බවට පත් කිරීමටද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. මේ වන විට පිරිවෙණේ ශිෂ්‍ය භික්ෂූන් හා ගිහි පිරිස් 200 කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන අතර ආචාර්යවරුන්ද 20 ක් සේවයේ යෙදී සිටී.
විද්‍යෝදය මහා පිරිවෙණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමෙන් පසු ඊට දෙස් විදෙස්හි තිබු පිළි ගැනීම තවත් වැඩි විය. ප්‍රධාන වශයෙන්ම සිංහල, පාලි, සංස්කෘත, ප්රාකෘත හා ඉංග්‍රීසි භාෂාවන් අඩංගු විෂය නිර්දේශයන් යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ. එම භාෂාවන්ගේ සාහිත්‍ය, ඉතිහාසය, ඡන්දෝලංකාර, ඇතුළු ගැඹුරු අධ්‍යාපනයක් මෙහිදී ලබා දීම සිදු කෙරේ. සෙසු අධ්‍යාපනික රටාවන්ට වඩා තරමක් ගැඹුරු මේ අධ්‍යාපනික රටාවට ලෝකයේ පවා බොහෝ දෙනාගේ පැසසුම් ලැබී තිබේ.
පැලෑනේ ශ්‍රී වජිරඥාන, යගිරල ශ්‍රී ප්‍රඥානන්ද, කොත්මලේ ශ්‍රී ධම්මානන්ද, කරඳන ශ්‍රී ජිනරතන, ශ්‍රී ධම්මාලෝක යන බහුශ්‍රැත පැවිදි පඬිවරුන් බිහිකළ විද්‍යෝදය පිරිවෙණ, වේරගම පුංචි බණ්ඩාර, ඩබ්ලිව්.ඒ. සමරසේකර, සූරිය සුමංගල, ගුණපාල මලලසේකර ආදී ගිහි පඬිවරුන්ට ප්‍රභවස්ථානය විය. දෙස් විදෙස්වල විද්‍යෝදය පිරිවෙණෙහි කිතුගොස පැතිර යත්ම, එම රටවල්වලින් ද ශිෂ්‍යයෝ මෙහි ඉගෙනු පිණිස පැමිණියහ. ඒ අතර වන කෝජින් ගුණරතන නම් ජපන් ජාතික හිමියන්ද විය. උන් වහන්සේ වර්ෂ 1888 දී පමණ පැමිණ බුද්ධාගම ඉගෙන ගත්හ. පිරිවෙනෙහි ඉගෙන ගන්නා සමයෙහි උන්වහන්සේ තම නාමය ‘කෝජිමා කොණ්ඩඤ්ඤ’ ලෙස ව්‍යවහාර කළහ. ජපන් ශිෂ්‍යයෙක් වූ ‘සතෝ’ නමැති පඬිවරයා ද එම සමයෙහි ම බුද්ධාගමත් පාලි භාෂාවත් හැදෑරුවේ ය.
1905 දී පමණ මෙහි පැමිණි ‘තචිබානා’ නමැති ජපන් භික්ෂුව ද ඉහළ සාමාර්ථ සහිතව පාලි භාෂාව ඉගෙන ගත්තේ ය. උන්වහන්සේ පසු කාලයක දී ජපන් රටේ ඔසාකාහි විශ්ව විද්‍යාලයේ පාලි මහාචාර්යවරයා බවට ද පත් විය. විශේෂයෙන්ම ප්‍රාචීන අවසන් විභාග වන පණ්ඩිත උපාධිය හා රාජකීය පණ්ඩිත දක්වා වූ විශිෂ්ට අධ්‍යාපනික රටාවක් කරා තම අධ්‍යාපනික කටයුතු ගෙන යන්නට මේ හරහා හැකියාව ලැබී ඇති අතර, මීට සිවු වසරකට පෙර ප්‍රාචීණ අවසන් විභාගයට පෙනී සිට දිවයිනේ ප්‍රථම හා දෙවන ස්ථාන දෙකම හිමි කරගත්තේ විද්‍යෝදය පිරිවෙණේ සිසුන් වීම විශේෂත්වයකි.
එමෙන්ම ඊට පසු අවුරුද්දේ ගෞරව පංති සාමර්ථ ලබා ස්වර්ණ මුද්‍රිකාව හිමි කර ගන්නටත් සිසුවකු සමත් විය. ඒ පැවිදි සිසුවා මේ වන විට ජර්මනියේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේය. එසේ ස්වර්ණ මුද්‍රිකාව සිසුවකු විසින් ලබා ගත්තේ වසර 52ක පසුව වීම විශේෂීතය. මීට පෙර එය ලබාගත්තේ මහාචාර්ය විමල් බලගල්ලේ විසිනි. ඉන්පසු වසරේද ප්‍රථම ස්ථානය ලබාගත්තේ විද්‍යෝදය පිරිවෙණේ සිසුවෙකි. පසුගිය වසරේද දෙවන ස්ථානය හිමි කර ගන්නට පිරිවෙණේ සිසුවකු සමත් විය. භාෂා විෂයට අමතරව පරිගණක තාක්ෂණය වැනි විෂයයන් හැදෑරීමට පහසුකම් ඇතත් ඒවා අනිවාර්යය නොවේ.
වසර 150ක් පුරා පිරිවෙණ විසින් සිදු කර ඇති ධර්ම ශාස්ත්‍රීය සේවාව අපමණ වන අතර ඒ හරහා බිහි කර ඇති සිසුන්ගෙන් දෙස් විදෙස් වශයෙන් සිදු ව ඇති සේවාව සුළු පටු නොවේ.
තාරක වික්‍රමසේකර, සේයාරූ - රුක්මල් ගමගේ