1.7K
ගුණදාස අමරසේකරයන්ගේ අලුත්ම නවකතාව වූ “මහගෙදර “ විසිදුනු ප්රකාශනයක් ලෙස එළිදැක තිබේ. දශක ගණනාවක් පුරා මානව සම්බන්ධතාවල විචලනයන් පිළිබඳ පරිණත ශාස්ත්‍රීය අධ්‍යයනක නිරත වෙමින් සාහිත්‍යකරණයේ යෙදුණු අමරසේකරයන් ගේ මහගෙදර කෘතිය රට මුහුණ දී ඇති ව්‍යසනය යටිපෙළ සේ නංවා පුද්ගල බද්ධ සිද්ධි සමුදායක් රූපණයෙන් ගොඩනන්වන නිර්මාණයකි. පරම්පරා ගණනාවක් තිස්සේ ස්වකීය අනන්‍යතාවය රැක ගනිමින් ක්‍රමයෙන් ගොඩනංවන මහගෙදර විජාතියන් අතට පත්වන සිද්ධියක් වස්තු විෂය කරගෙන ගොඩනැෙඟන කතාව රට මුහුණ දී ඇති යථාර්ථය සම්බන්ධව ධ්වනියක් ලෙස ද සැලකිය හැකිය.