දූෂණ වංචා කරපු අය සිටින ඩලස්ගේ පිල එක්ක සන්ධාන බැහැ කියලා ජජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද ද?
මම දන්නේ නෑ ඇත්ත වශයෙන්ම එතුමිය කිව්වේ මොකක්ද කියලා, මාධ්‍යවල ඒ ගැන ඇතැම් දේවල් පළවෙලා තියෙනවා. අපේ අදහස අපි විපක්ෂයක් සමඟම කතා කරන්නේ එක් වැදගත් කාරණයක් හිතේ තියාගෙන. ඒ තමයි මේ රට විශාල අනතුරකට වැටිලා තියෙනවා. ඒ අනතුරින් ගොඩ ආ යුතුයි යන අදහසින් අපි සියලු පක්ෂ සමඟ කතා කරනවා. අපි අතර සාකච්ඡාවක් එකඟතාවක් නිර්මාණය කරන එක අපේ වගකීමක්. ඒ අර්ථයෙන් තමයි අපි ජවිපෙ සමඟ සාකච්ඡා කළේ. එතුමිය මොකක් ද කිව්වේ කියන්න මම දන්නේ නැහැ. අපිට රටේ ඉදිරිය ගැන සාකච්ජාවක් සඳහා යම්කිසි කෙනෙක් එක්ක අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. රට පිළිබඳ නිවැරැදි සාකච්ඡාවක් ඉදිරියට ගෙන යන්න විතරයි අපිට අවශ්‍ය වෙන්නේ.
ඩලස්ගේ පිල සමඟ ජනතාවට ප්‍රශ්න තිෙයනවා කියලා මන්ත්‍රීවරිය කියනවා. මොනවද මේ ප්‍රශ්න?
විවිධ පාර්ශ්ව සම්බන්ධයෙන් නොයෙක් අදහස් තියෙන්න පුළුවන්. නමුත් රටට හානිදායක දේවල් මේ රටේ සෑම දේශපාලන පක්ෂයකින්ම කරලා තියෙන්න පුළුවන්. රටට හානිදායක දේ වගේම හොඳ දේවලුත් දේශපාලන ව්‍යාපාරවලින් කරලා තියෙනවා. අපි කිසිම දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානයක් හදන්නේ නැහැ. අපේ පදනම පොදු වැඩසටහන්වලදී ආණ්ඩුවේ ප්රජාතන්ත්රීය විරෝධී වැඩපිළිවෙළට විරෝධය පෑමට සාමූහිකව එකතු වන්නේ කොහොම ද කියන දේ කතා කිරීම. අපි කවුරුත් එක්ක සන්ධාන හදන්න කතා කරලා නැහැ. අපි කතා කරලා තියෙන්නේ දේශපාලනයේ වැදගත් වන්නේ පොදු වැඩසටහන්වලදි එකට ඉන්න පුළුවන් ද කියන කරුණාව විතරයි. අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන් ප්රජාතන්ත්ර විරෝධී ඡන්ද කල් දැමීම වැනි කාරණාවලට විරුද්ධ විය යුතුයි යන කරුණු පිළිබඳවයි. ඒ හැර පුවත්පත්වල කියන දේවල් සමඟ පැටලෙන්න අපිට අවශ්‍ය නැහැ.
මේ වන විට ඔබ ඇතුළු පක්ෂයේ දේශපාලන ගමන් මඟ කෙසේද?
අපි ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටිනවා. නිදහස ජනතා සභාව කියන නම අපි පාවිච්චි කරන්නේ. අපේ අදහස ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ පාර්ලිමේන්තුවෙන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩසටහන වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායමින් පත් විය යුතුයි කියලා. එහෙම වෙයි කියලා අපි හිතුවේ. ගෝඨාභය රාජපක්ෂයන්ට උදව් කරපු පිලෙන් නොවෙයි ජනාධිපතිවරයා පත් වුණේ. ඊට විරුද්ධව හිටපු පිලෙනුයි පත් වුණේ. අපි හිතුවා ඩලස් අලහප්පෙරුම වැනි එතුමාගේ මතයේ හිටපු කෙනෙක් පත්වෙයි කියලා. එතුමාගේ මැන්ඩේට් එකට වැඩ කරන එනම් ඒ මතය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ජනතා මතයත් සමඟ හිටපු අයටයි. ගෝඨාභය හිටපු ජනාධිපතිගේ කෙනෙක් ජනාධිපති නොවුණාම මේ ප්රශ්නය මතු වෙනවා.
බිඳ වැටුණු ජන ජීවිතය යථාවත් කිරීමට ඔබ පක්ෂයේ කෙටි කාලීන පියවර කුමක්ද?
අපේ රටේ ආර්ථීක ගැටලුවල ප්‍රධාන ධාරා ගණනාවක් තියෙනවා. එකක් සංචිත අර්බුදය, එනම් ගෙවුම් ශේෂවල අර්බුදයක් තියෙනවා. අපේ රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය සහ ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය අතර පරතරයක් තියෙනවා. මේ දෙක අතර පරතරය පියවන්නේ කෙසේද කියලා අපි සැලකිලිමත් විය යුතුයි. එසේම අපේ රටේ ණය අර්බුදයක් තියෙනවා. මෙය දෙවැනි ගැටලුව, අපේ රටේ ආර්ථිකයේ අය වැය හිඟයක් එනම් අය වැය අතර පරපතරයක් තිෙයනවා. රජයට ලැබෙන මුදලට වඩා වියදම වැඩියි. ඒ නිසා විදේශ මූල්‍ය පැත්තෙන් අපිට අර්බුදයක් තියෙනවා. විදේශවලින් ගෙන්වන භාණ්ඩ සඳහා වැය කරන මුදල අපිට සීමා කරන්න වෙලා තියෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය නිසයි. අපි ඉන්නේ විදේශ ණය ගෙවන්න පුළුවන් තැනක නොවෙයි. රජයට ලැබෙන ආදායම මදි ආදායම පියවන්නට අවශ්‍යයි. මේ ආණ්ඩුව ණය අර්බුදය විසඳන්න ණය ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වා ඒවා වෙලත් නැහැ. ඩොලර් හිඟය සම්බන්ධයෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නැහැ. මේ අය මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි. නමුත් ජනතාවට බදු ගහනවා හැර මේ රජය කිසිදු දෙයක් කරන්නේ නැහැ. මේ ගැටලුවලට අපේ අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි.
2022 බදු ආදායම රුපියල් බිලියන 1751ක්. එයින් සියලු වැටුප් සඳහා රු. බි. 1265 හා සහනාධාර සඳහා සඳහා රු. බි. 506ක්. ඒ අනුව රු.බි. 20ක හිඟයක් තිබුණා. ඔබ රජයක් යටතේ බදු ආදායම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවාද?
වසර හතරක් තුළ මේ රට හදන්න ඉතාමත් වේගවත් ආර්ථික ක්ෂේත්රයේ අලුත් තීරණ තීන්දු ගන්න අවශ්‍යයි. රටේ අදායම වැඩි කරන්න වැඩ කටයුතු සකස් කළ යුතුයි; රටේ ආදායම වර්ධනය කිරීම සහ ආණ්ඩුවේ අදායම වැඩී කිරීම යන කරුණු දෙක දෙකක්. මේ ආණ්ඩුව ආණ්ඩුවේ අදායම ගැන පමණයි කතා කරන්නේ. රටේ අදායම ගැන කතා කරන්නේ නැහැ. රටේ අදායම ආර්ථික ක්‍රියාකාරකම් රට තුළ වර්ධනය කර ගැනීමෙන් පමණයි රටේ ආදායම වැඩි වෙන්නේ. රටක ආර්ථික ක්‍රියාකාරකම් කරන්න නම් රජයත් එහි පංගුකාරිත්වය දරන්න අවශ්‍යයි. රජයට මුදල් අවශ්‍යයි. විදෙස් ආයෝජන වැඩි කරන්න අලුත් ක්‍රියාමාර්ග ගත යුතුයි. අපේ රටේ සේවා ආර්ථිකය වර්ධනය කරන්න අලුත් වැඩසටහන්වලට යන්න අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් අපිට මේ අවස්ථාවේ දී ලබාගත හැකි සහයෝගයන් ගණනාවක් රටවල්වලින් ලබාගත යුතුයි. IMF න්‍යාය පත්‍රය ඇතුළේ අපිට ගැටලුවක් වෙලා තිෙයනවා. එය කොහොමද කළමනාකරණය කරන්නේ කියලා අපි කතා කරන්න අවශ්‍යයි. ඒ ගැන අපි වැඩසටහනක් සකස් කරමින් යනවා. අපි සියලම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර බලනවා. පොදු වැඩසටහනක් යටතේ සහ කෙටිකාලීන මැදිහත්වීමක් යටතේ ණය අර්බුදයත්, සංචිත අර්බුදයත්, රාජ්‍ය ආදායම් අර්බුදයත් විසඳන්න අවශ්‍යයි. දීර්ඝ කාලීන වැඩසටහන් යටතේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ සහ සේවා ආර්ථිකයේ රාජ්‍යයට පංගුකාරිත්වය කෙසේද යන්න සලකා බලන්න අපි කටයුතු කරනවා. එවගේම රජයට අවශ්‍ය දේශපාලන සහ ව්‍යාපාරික ස්ථාන මොනවාද කියලා නැවත සලකා බලන්න අවශ්‍යයි. සමහර පාඩු ලබන බව කියන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කරන විවේචන සම්බන්ධයන් අපි එකඟ නැහැ. ඒ පිළිබඳව අපි නැවත සලකා බලන්න අවශ්‍යයි. සමහර ලාභ ලබන ආයතනයන් ද මේ ආණඩුව විකුණන්න යනවා. රාජ්‍යයට තියෙන ව්‍යාපාරික පංගුකාරිත්ව කුමක් ද කියලා අපි සලකා බලන්න අවශ්‍යයි.
ඔබ රජයක් යටතේ ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය පැහැදිලි කළොත්?
අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්න හොරකම දුෂණය අඩු කිරීම යටතේ විශාල මූල්‍යමය ඉතුරුවක් තිෙයනවා. ඒ වගේම කාර්යක්ෂමතාවය සහ අකාර්යක්ෂම පරිපාලනය කළමනාකරණය යටතේ විශාල ඉතුරුවක් තිෙයනවා. අපේ රටේ ආර්ථිකයේ අපි යෝජනා කරන වැඩපිළිවෙළ යටතේ විශාල පිබිදීමත් රට තුළ ඇති වෙනවා. අපේ ආර්ථික ක්‍රියාකරකම් පද්ධතියට සමාජය තුළ ක්‍රියාත්මක විමේ වේගයට සාපේක්ෂව ජනතාවට තෙරපුමක් නැති අවකාශයක් හිමි විය යුතුයි. විශේෂයෙන් රජයට ආදායම් ලැබෙන ස්ථාන රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල දැනට ඇති අකාර්යක්ෂමතාව අඩු කරන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා ශක්තිමත් ආර්ථීක නැම්මක් ඇති වෙනවා. එසේම අපිට හිතවත් ආයෝජන අවස්ථාවලටත් ගමන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
2022 වසරේ බදු ආදායමෙන් 72% ක්ම වෙන් වුණේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට. 28% ක් සමෘද්ධි හා ණය පොලී සඳහා වෙන්වුණා, බදු ආදායමෙන් ශත පහක මුදලක් හෝ සංවර්ධනය සඳහා වෙන්වූයේ නැහැ?
රජයකට බදු ආදායම් ලබා ගැනීම අවශ්‍යයි. මේ රජයයි, පසුගිය රජයයි බදු සම්බන්ධයෙන් ගත්ත ප්‍රතිපත්ති දෙකම වැරැදියි. පසුගිය රජය බදු සමාව දීලා විශාල ගැටලුවකට මුහුණ දුන්නා. ඒ නිසා මිලියන 600ක් විතර රජයට අහිමි වුණා. මේ රජය රාජකාරීමය වශයෙන් නිශ්චිතව රජයෙන් වැටුප් ගන්න අයට විශාල බරක් දීලා බදු ගහන්න අරන් තියෙනවා. මේ බදු ගහන ආකෘතිය වෙනස් කරන්න අවශ්‍යයි. මීට වඩා බර අඩු මිට වඩා ශක්තිමත් ක්රමානුකූල බදු ක්‍රමයකට අපි යනවා. බදු දැලෙන් අහකට පනින ජනතාව ආරක්ෂා කරලා බදු සමාදෙන ආර්ථික ක්‍රමයක් ලෝකයේ කොහෙවත් පවතින්නේ නැහැ. සමාව දෙනවා කියලා දැනගත්තාම කවුරුත් බදු ගෙවන්නෙ නැහැ. වෘත්තිකයන් රාජකාරි කරන අය සම්බන්ධයෙන් පමණක් බදු ක්‍රියාත්මක කිරීම අපි අනුගමනය කරන්නේ නැහැ.
ණයට අරගෙන ණය ගෙවන ක්‍රමවේදය ඔබේ ආණ්ඩුවක් යටතේ වෙනස් වෙනවද?
දැනට අපිට සිදු කරමින් යන ආකෘතිය ඇතුළේ විදේශ සම්පත් වැඩි කර ගැනීමට විනිමය ශක්තිය අපි වැඩි කර ගන්න අවශ්‍යයි. ඒ වගේම ණය සම්බන්ධ විශාල සංකීර්ණය තත්ත්වයක් තියෙන්නේ. එකවර විසඳන්න බැහැ. අපි එය ප්‍රායෝගිකව බලන්න අවශ්‍යයි. සමහර අවස්ථාවල විදේශ ණය කළමනාකරණය කර ගැනීමත් ගෙවීමට හැකි වන තැනට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමත් හැර විදෙස් ණය ගෙවන්නේ කොහොමද කියලා දැන් කල්පනා කරලා වැඩක් නැහැ. දැනට අවුරුදු ගණනාවක් තිස්සේ විශාල ණය කන්දරාවක් එක්කයි අපි ජීවත් වෙන්නේ. මේ ණය විශාල බරක්. සමහර අවස්ථාවල ජාත්‍යන්තරව සහයෝගය ගත යුතු වෙයි. එකවර විසඳන්න බැහැ. මෙය පුළුල් වැඩසටහනක්. දැනට කරන්නේ ණය අරන් ණය ගෙවීමක්. එයින් එකපාරට එළියට යන්න බැහැ.
සුභද්‍රා දේශප්‍රිය