ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගම සිය නව විද්යුත් අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය “සම්පත් පියස” නමින් රාජගිරියේ දී විවෘත කරන ලදි. මෙම මධ්‍යස්ථානය මඟින් පාරිසරික වශයෙන් බලපෑම්කාරී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එක්රැස් කිරීම සිදු කරනු ලබයි. රාජගිරිය හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික ස්ථාන සඳහා වඩාත් පහසු, පාරිසරික වශයෙන් ආරක්ෂිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ විසඳුමක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනු ලබයි.
Cleantech සම්පත් පියස රාජගිරියේදී විවෘත වෙයි
1.7K