දරුවකුගේ උප්පත්ති ග්‍රහ හැසිරීම් රටාව අනුව ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය දැනගත හැකියි
අහස් සිතියමේ සනිටුහන් වන ග්‍රහ හැසිරීම් හරහා නිකුත් වන කිරණ බල ශක්තිය දරුවෙකු මෙලොවට උපදින මොහොතේදී එනම් දරුවා බිහිවී හඬන මොහොතේදී සනිටුහන් කරන කේන්දරයේ කොටු 12 තුළට ගොනු වී ඇති ග්‍රහයන් හරහා ජීවන ගමන්මඟේ සියලු තොරතුරු නිවැරදිව සනිටුහන් වී තිබේ.
ජ්‍යොතිෂ විද්‍යාත්මක පැතිකඩ හරහා නීරීක්ෂණය කරන විටදී දරුවාගේ ජන්ම පත්‍රයේ 2, 4, 5 සම්බන්ධිත ග්‍රහයින් ද බුද්ධියට අධිපති බුධ, ගුරු, සඳු ගැන ද විමසීම අනිවාර්ය වේ. කේන්දරයේ 2 වැනි භාවය ඉතාම බලවත් වූ විට ප්‍රකාශන බුද්ධියත් වාග් චාතුර්යත් ප්‍රබල වේ. අදහස් අලෙවිකරණයේ ප්‍රබලතම චරිතයක් ද වන්නේය. ගුරු, බුධ මෙන්ම රවි බලවත් වීම සුවිශේෂිතය.
විචාරශීලිත්වය, තර්ක ඥානය, බුද්ධි ගෝචරත්වයත් ප්‍රදර්ශනය කෙරේ. ග්‍රහ බල ශක්තියත් කිරණ බලයත් මනාව විමසා බැලිය යුතු වේ. තව ද අෂ්ටක වර්ග ක්‍රමය ද උපයෝගි කරගැනීම වැදගත්ය. කේන්දරයේ ලග්නය හා ත්‍රිකෝණය උපන් ලග්නයේ අංශකවලට අනුකූලව විනිශ්චය කළ යුතුය. එක භවයක සිටින ග්‍රහයෙකු අංශක 15න් පසුව ගමන්කර ඇත්නම් ඊළඟ භාවයේ ශක්ති ප්‍රදානම සම්බන්ධ වේ.
කේන්දරයේ ලග්න ත්‍රිකෝණය ගැනීමේදී උපන් ලග්නයේ අංශකවලට අනුකූලව විනිශ්චව නිගමනය කළ යුතු වේ. එය ලග්න ස්ථුටය සහ අංශක අතර ඇති සබඳතාව මත විය යුතුය. දරුවාගේ අධ්‍යාපන කටයුතුවල නිරත වන විට ඉදිරි කාලය තුළ දියණිය හෝ පුතු කුමන විෂයකට දක්ෂතා තිබේද යන්න දැනගැනීම වැදගත් වේ.
* ග්‍රහ හැසිරීම් රටාව මත දරුවාගේ අධ්‍යාපන රටාව වියමනක් වේ.
1,4,7,10 හතර කේන්දරයේ 5 – 9 ත්‍රිකෝණවලත් 2 වැන්නේ බුධ ගුරු ශුක්‍ර ග්‍රහයින් 3 හා උච්චව මිත්‍රව හෝ ස්වක්ෂේත්‍රව එකී රාශීන් තුළ යෙදුණ විට (මෙයට සරසවි යෝගය යැයි නම් කෙරේ) ඉගෙනීමට දක්ෂ වන අතර අධ්‍යාපනය උසස් තලයකට පිවිසේ. මහා විද්වතෙක් වනු ඇත.
* වෘෂභ ලග්නයේ ගුරු ප්‍රබලව යෝග වී බුධ ශුක්‍ර 7 බලවත් වීමෙන් දක්ෂතම චරිතයක් ගොඩනැඟේ.
මිථුන, කන්‍යා රාශිවල කුජ සිට බුධගේ දැක්මෙන් බුධ, වෘශ්චික, මේෂ රාශිවල කුජගේ දැක්මෙන් මිථුන කන්‍යාහි බුධ සිට සඳු ශුක්‍ර දෘෂ්ටිගත වීම හරහා ගත්කතුවරුන්, සිත්තරුන්, ලේඛකයන්, මාධ්‍යකරුවන් උපත ලබයි.
ඉතාමත්ම දක්ෂ මාධ්‍යකරුවන් බවට පත්වන්නේ බුධගේ බල ශක්තිය මතය. රවි – ගුරු 4රේද රවි ශුක්‍ර 10 ශුක්‍ර බුධගෙ කුජ, බුධ, ගුරු යෙදීමෙන් ද මේ යෝග 4න් එකක උපත ලත් විට තර්ක ශාස්ත්‍රය, නීතියට දක්ෂයෙක් වේ. ගුරු, රවි 2 වැන්නාධිපතියා වී උච්ච මූල ත්‍රිකෝණ රාශිවල කුජ හෝ රවි ග්‍රහයන් දැක්මෙන් ද නීතිවේදියෙක් වන්නේය.
කුජ 2හිද චන්ද්‍ර – බුධ ග්‍රහයින් දැකීමෙන් ගුරු 01 ශනි 08 සිට 1, 4, 7, 10, 5, 9හි ගුරු මකර රැසේ නීචවී සිටියහොත් ශනි බුධ 2 වැන්නේ ශුක්‍ර මීන රාශියේ උච්ච වී උපත ලද්දේ නම් අංක ගණිතයට දක්ෂවේ. ගණකාධිකරණයට යොමු වේ. කුජ චන්ද්‍ර 02 වැන්නේ ද ගුරු 01 ද ශුක්‍ර, රවි ග්‍රහයින් 2 අධිපති වීමත් ගුරු හෝ ශුක්‍ර ශුභ දුෂ්ටි ගතවීම හරහා ගණිතයට අතිදක්ෂයෙක් වේ.
කුජ බුධ 1 හි අධි සහ ගුරු බුධ සිට ශුක්‍ර දැක්මෙන් රවි, බුධ, ගුරු ත්‍රියෝගකාරකව ඇත්නම් බුධගේ දෙර්කාර්ණය වන 5,4 වැන්නේ සඳු සිටීමෙන් අතිදක්ෂ ප්‍රකට යාන්ත්‍රිකමය ඉන්ජිනේරුවෙක් වේ.
ව්‍යාපාර – වෙළෙඳාමට අතිදක්ෂ වන්නේ ගුරු මකර කුම්භ රැසක සිට සඳුගේ දැක්මෙන් චන්ද්‍ර + ගුරු 7 වැන්නේ එක්වීමෙන් ද සඳු සිටි තැනින් 10 රවි බුධ යෝග වීමෙන් ව්‍යාපාර ලෝකයේ මහ බලවතෙක් වේ. ප්‍රකට ලෝපතළ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වේ. 10 වැන්නේ බුධ කුජ බලවත්ව සිංහ ලග්නයේ සඳු සිටීමෙන් ද වෙළෙඳාමේ අතිදක්ෂ වේ.
මේෂ – විවිධ අංශයන්ට දක්ෂතා ඇතිවේ.
වෘෂභ – කෘෂිකර්මය පශු සම්පත්වලට දක්ෂතා ඇතිවේ.
මිථුන – රසායන විද්‍යාව, අංගරාග හෙවත් සුවඳ විලවුන්, නිර්මාණ කලාවට දක්ෂවේ.
කටක – වෙළෙඳ කටයුතු විදේශ සබඳතා ඇතිවේ.
සිංහ – දර්ශනවාදියෙක් වේ. තර්ක ඥානය ඉහළින්ම ඇත.
කන්‍යා – කලා කටයුතුවලට පුවත්පත් හා මාධ්‍ය කටයුතු මෙන්ම දේශපාලනයට සමත්වේ. බුද්ධිමතෙකු වන්නේය.
තුලා – තාක්ෂණ විද්‍යාවත් ව්‍යාපාර කටයුතුවලට අතිදක්ෂ වේ. ආනයනය /අපනයනයට නැඹුරුවේ. බැංකු පරිපාලනයට දක්ෂ වේ.
වෘශ්චික – මිනින්දෝරු – තක්සේරු බැංකු පරිපාලනය ගුවන් සේවාවට තත්ත්ව පාලනයට දක්ෂ වේ.
ධනු – නීතියටත් පරිපාලනයටත් දක්ෂ වේ. සරසවි පාලකයන් දක්ෂතම විද්වතුන් මෙන් අධිනීතිඥයින් ලෙස සේවාව කෙරේ.
මකර – හමුදා අංශයට දක්ෂය. රාජ්‍ය සේවයේ ඉහළම තලයට පිවිසේ. බැංකු පරිපාලකයෙක් වේ.
මීන – සැඟවුණු වාසනාව ඇත. දේශපාලනයට අතිදක්ෂයි. සියුම් බුද්ධියක් ඇත. හිටිගමන්ම සමාජයේ ඉහළ තැනට පත්වේ. ලෝපතළ නමක් හිමිකර ගනී. පරාජය නොවන ලග්න හිමියෙකි. උපන් ජන්ම කේන්දරයේ දෙවැන්නේ 1 රවි නම් උසස් අධ්‍යාපනයක් ලබයි. සඳුනම් වරින්වර ඉගෙනීම් කටයුතු මාරු කරයි. කුජ නම් නියෝගාත්මක තරමක සැර කතාවක් ඇත. නීතිගරුකය.
බුධ – නම් ඉතාම යහපත්ය. උසස් ඉගෙනීමක් ලබයි. ජනයා අතර ප්‍රකට වේ. සම්මාන ලබයි. දර්ශනවාදියෙකි. ගුරු 2 වැන්නේ නම් බුද්ධිමතෙකි. දක්ෂ නීතිවේදියෙක් වේ.
ශුක්‍ර – උපදේශකයෙක්වේ. කලාවට දක්ෂයි. සෞන්දර්යවාදියෙකි. අනුන් වශී කර ගනී. යහපත් මානව හිතවාදියෙක් වේ.
ශනි – තරමක දුබලතා ගොඩනැගේ. තර්ක නුවණ හීනයි. වෙළෙඳාමට දක්ෂ වේ. උසස් ඉගෙනීමක් කරා එළඹීමට තරමක් දුෂ්කරතා ගොඩනැගේ.
රාහු – වගා වෙනස් කරනසුලුය. අන්‍යයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට අපහසු වේ. සියල්ලම වෙනස් කරයි. චංචලය. සහසම්බන්ධතා ගොඩනැඟේ.
කේතු – පොතපතට ඇලුම් කරයි. ඇවිදින පුස්තකාලයක් වේ. තරමක් කම්මැලිය. උසස් ඉගෙනීමට යන්නේ තරමක අසීරුවෙනි. සැඟවුණ දක්ෂතා ඇත. ගුරු සමඟ 2 අධිපතියා සංයෝග වීමෙන් 6, 8, 12 නැකත් ඉෂ්ට අහිතකර තත්ත්වයක් උදාවේ. ගොත ගැසීමට ඉඩ ඇත. ඉගෙනීමට ද තරමක් දුර්වලය. 2 අධිපතියා ශුක්‍ර, බුධ, ගුරු සමඟ නම් දක්ෂ නීතිඥයෙක් වේවි. චතුර කථිකයෙකි. අදහස් අලෙවියට ඉතාම දක්ෂය. මෙහි දක්වා ඇත්තේ දරුවෙකුගේ උප්පත්ති ග්‍රහ හැසිරීම් රටාව අනුව ඔහුගේ හෝ ඇගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය ගැනයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල