කුලරත්න ආරියවංශගේ සීතල දිය දෝතක්
කෘතිය – සීතල දිය දෝතක්
කර්තෘ – කුලරත්න ආරියවංශ
ප්රකාශනය – සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශන
මිල – රු 600/=
දුරකතන අංකය – 077 7748955
මීට පෙර පිනිබර මලක් නමින් ගීත සමුච්චයක් එළිදක්වා ඇති කර්තෘගේ නවතම ගීත සමුච්චය වන්නේ සීතල දිය දෝතක් කෘතියයි. ගීත 92 ක එකතුවක් වශයෙන් ලියැවී ඇති මෙම කෘතිය විවිධ තේමා යටතේ වූ ගීත සමුදායක් ඉදිරිපත් කරයි.
සසල ගිර-Trembling Heap
කෘතිය – සසල ගිර – Trembling Heap
කර්තෘ – ගයාදාස පරණවිතාන
ප්රකාශනය – කර්තෘ ප්‍රකාශන
මිල- රු 650
දුරකතන අංක – 0112 848333, 0716436520
ගයාදාස පරණවිතානගේ සසල ගිර කෘතිය මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමේදී සිදුවූ සත්‍ය සිදුවීම් ආශ්රයෙන් නිර්මාණය වූවකි. කුණු කන්ද පාමුල ජීවත් වූ එයින් යැපුණු තරුණයින් දෙදෙනකුගේ අනුවේදනීය කතාවක් ඇතුළත් වූ මෙම කෘතිය ඔහුගේ දෙවැනි නවකතාවයි.
ගෑනු හිටියෙම හිනාවීගෙන කෘතිය – ගෑනු හිටියෙම හිනාවීගෙන
කර්තෘ – රසිකා මුහන්දිරම්ගේ
ප්රකාශනය – කඩුල්ල ප්‍රකාශන
මිල- රු 500
රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ කථිකාචාර්යවරියක් වන රසිකා මුහන්දිරම්ගේ නවතම කාව්‍ය සංග්‍රහය වන්නේ ගෑනු හිටියෙම හිනාවීගෙන යන කෘතියයි. නිර්භීතව කිව යුතු දේ නොපැකිළිව පැවසීම ඇගේ කාව්යන්හී ඇති සුවිශේෂිත්වයකි. ඇය විසින් රචිත බොහෝ කාව්‍ය පන්තීන්හි උපහාසාත්මක පදවලින් ගහන අතර ගැඹුරු ව්‍යාංගාර්ථයන් ඉස්මතු කරවයි.
ශ්‍රී දෙවොල් දෙවි වරුණ
කෘතිය – ශ්‍රී දෙවොල් දෙවි වරුණ
සම්පාදක – විමලතුංග ජෝතිරත්න
ප්රකාශනය – සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්යක්ෂ පෙරුමාදුර
මිල- රු 250
දුරකතන අංක – 077 2972176, 091 2268029
ඓතිහාසික සීනිගම දේවාලය පිළිබඳව සෑම තොරතුරක් ගැන තමන්ගේ සිතට ගලා එන සොදුරු අදහස් කවියෙන් කියා පෑමට ගත් සාර්ථක උත්සාහයකි. දේවාලයේ ඉතිහාසගත කරුණු, බල මහිමයන්, දෙවි නැමදීමේ ගාථා ඇතුළත් වූ කවි 315 කින් මෙම ග්‍රන්ථය සැදුම් ලද්දකි.
නිර්මලී
කෘතිය – නිර්මලී
(ගිංගඟ අසබඩ පිපුණු කුසුම)
කර්තෘ – සුගතපාල මැන්දිස්
ප්රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල- රු 1500
දුරකතන අංක – 091 2267079, 071 3746475
1980 දශකයේ ආරම්භයේ හා අවසානය දක්වා දකුණ වෙළාගෙන පැවැති දුර්දාන්ත අඳුරු කාලපරිච්ඡේදයේ වු පවුලක් පසුබිම් කරගෙන රචිත මෙම නවකතාව නිර්මලී නම් කාන්තාවක් පසුබිම් කර ගනිමින් රචනා වූවකි. මීට පෙර ග්රන්ථ කිහිපයක් රචනා කර ඇති මෙය කර්තෘගේ නවතම කෘතියයි.
Boxer බොක්සර්
කෘතිය – Boxer බොක්සර්
කර්තෘ – ජී. ආර්. නිශ්ශංක
ප්රකාශනය – ආශිර්වාද ප්‍රකාශන
මිල- රු 650
දුරකතන අංකය – 077 9291789
දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර පාක්ෂික හමුදා සමඟ විදෙස්ගතව සංග්‍රාමයකට සහභාගි වූ ශ්‍රී ලාංකික රණ විරුවෙකුගේ යුද බිමේ පෙම් පුවත සහ ජීවන ගමන ජය ගැනීම පිණිස කළ සංග්‍රාමයේ සත්‍ය කතාව මින් නිරූපිතය. මීට පෙර කර්තෘ විසින් තවත් කෘති කිහිපයක් රචනා කර ඇත.