වර්ෂ 1978දී ආරම්භ කරන ලද පාණදුර රාජකීය විදුහල වසර 45ක් පුරා සියලු බාධක ජය ගනිමින් සිය ධජය යටතේ දෑ හිතකාමී දරු පරපුරක් ජාතියට බිහි කරමින් පාණදුර පුරවරයේ අභිමානය විදහා දක්වමින් සිටී. හෙටක් ඇති ලොවක් පිළිබඳ නැවුම් අදහස් සමඟින් පානදුර රාජකීයන්ගේ අභිමානවත් දැක්ම සැමවිටම යොමු කරනු ලබන්නේ දැනුමින් කුසලතාවලින් පමණක් නොව ආකල්පවලින් පිරිපුන් දරු පිරිසක් සමාජයට දායාද කිරීමේ අභිලාෂයෙන් වීම මෙහිදී සඳහන් කළ යුතුය.
අධ්‍යාපන කටයුතුවලින් පමණක් නොව ක්‍රීඩාව, සෞන්දර්ය හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් යහපත් පෞරුෂයක් සහිත සිසු දරුවන් සමාජයට දායාද කිරීමට පාණදුර රාජකීය විදුහල් මාතාව සමත්ව ඇත්තීය.
පාණදුර රාජකීය මාතාවගේ ගමන් මගේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ 1997 / 2000 (සා. පෙළ / උ. පෙළ ) සහෝදර කණ්ඩායම පාසල් මාතාවගේ අභිමානයට නවමු අරුතක් එක්කරමින් නැවත සිය පාසල් අතීතයේ සුන්දර මතක ආවර්ජනය කරන්නට ඔක්තෝම්බර් 1 ඉරිදා සුහද පිළිසඳරක යෙදෙන්නට කටයුතු යොදා ඇත.
ඒ අනුව වසර 23ක සිය මතකයන් ආවර්ජනය කරමින් 1997/2000 ආදී පාණදුර රාජකීයන් ඔක්තෝම්බර් 01 ඉරුදින වාද්දුව Claremont Suits හෝටලයේදී සුහද හමුවකට එක්වනු ඇත.