දේශපාලන ක්ෂේත්රයේ පසුගිය සතියේ බොහෝ ලෙස කතාබස් වූයේ ජාත්‍යන්තර දේශපාලනයට අදාළව ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කියුබානු, අෙමරිකානු හා ජර්මන් සංචාර ඊට ප්‍රධාන වුණි.
බදු වැඩි නොකරන බවට ජනපති රනිල්ගෙන් සහතිකයක්
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට අෙමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගිය ජනපති රනිල් මවුබිමට පැමිණෙද්දී මැති ඇමැතිවරු රොත්තක් වත්මන් ජනපති කැඳවාගෙන ඒමට පැමිණියේ නැත. දීර්ඝ සංචාරයක නිරතවුව ද ඔහු ලංකාවට පැමිණි මොහොතේ සිට යළිත් සුපුරුදු පරිදි දෛනික රාජකාරියේ නිරත වන්නට වූවේය. සුළු විවේකයක් ගත් ඔහු දහවල් වන විට සිය කාර්යාලය වෙත පැමිණියේ මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණ ගැසීමටය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මුණ ගැසීමට පෙර සූදානමක් ලෙසය.
ඒ වන විටත් මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණි.
“සර් මේ අය තවදුරටත් බදු වැඩි කරන්න කියනවා. රජයේ ආදායම් මදි කියන එක තමයි මේ අය ඉදිරිපත් කරන තර්කය.” නිලධාරීන් කීවේ එවැන්නකි.
“අපිට තවත් ජනතාව මත බර පටවන්න බෑ. අපි උපරිමයෙන් බර පටවලා තියෙන්නේ. රජයේ ආදායම් අඩු වෙන්න විවිධ හේතු තියෙනවා. අපි ඒවා ඔවුන්ට කියමු. මොනවා කළත් තවදුරටත් බදු වැඩි කරන්න බෑ.” ජනපතිගේ ස්ථාවරය එය විය.
මනූෂගේ පොත ජනපති අගයයි
ජනපති රනිල් ඉන් පසුව වෙහෙස නොබලා තවත් ගමනකට එක් වූවේය. ඒ කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර ලියූ “ද රයිට් අයි” කෘතිය ජනගත කිරීමේ උත්සවයටය.
ඒ වන විටත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් උත්සව භූමියට පැමිණ සිටියහ. මනූෂ ජනපතිට උත්සවයට ආරාධනා කර තිබුණේ හිටපු මාධ්‍යවේදියෙකු ලෙසටය. ජනපති අගමැති හා මනූෂගේ පවුලේ සාමාජිකයන් අසුන් ගෙන සිටියේ එකම ස්ථානයකය.
මනූෂට ළංවූ ජනපති විමසා සිටියේ පොතක් ලියන්න කාලය සොයා ගත්තේ කෙලෙස ද කියාය. “විවේකයක් ලැබෙන.. ලැබෙන වෙලාවට පොඩි පොඩි කොටස් ලියනවා. පස්සේ ඒ ටික එකතු කරලා පොතක් ගැහුවා.” මනූෂ පිළිතුරු බැන්දේය.
“මටත් මේකේ අත්පිටපත එවලා තිබුණට වැඩ වැඩි හින්දා කියවන්න බැරි වුණා. හැබැයි මම මේකේ සාරාංශය කියෙවුවා.” ජනපති මනූෂ දිරි ගැන්වූවේ එලෙසිනි.
ඉන්පසු ඔහු මනූෂට ජාත්‍යන්තර කම්කරු නීති අලුත් වී ඇති ආකාරය ගැන පැහැදිලි කිරීමක් ද කළේය. කම්කරු ඇමැති ලෙස මනූෂ ජාත්‍යන්තර කම්කරු නීති මෙරටට හඳුන්වාදීමට ගන්නා උත්සාහය ද ජනපති අගය කළේය.
උත්සවයේ ප්‍රධාන දේශනයක් කළ සද්ධා මංගල සූරියබණ්ඩාර එය අවසන් කොට බැස එද්දී මනූෂ ඔහු ඔවුන් ඉන්නා තැනට කැඳවා ගත්තේය. “සර් අපේ පරණ යාළුවෙක් තමයි” මනූෂ කීවේ සද්ධා පෙන්වමිනි. “ඔව් ඔව් මම දන්නවා.” කී ජනපති ඔහුගේ දේශනය අගය කරමින් කතා කළේය.
සම්භාෂණය අවසන් වන තුරුම ජනපති එහි රැදී සිටි අතර ඔහු අසුන්ගෙන සිටි මේසයේ අගමැති හා මනූෂ සමඟ ටිරාන් අලස් හා වජිර අබේවර්ධන යන ඇමැතිවරුද අසුන්ගෙන සිටියෝය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන මැති ඇමැතිවරු මෙන්ම මහාචාර්ය ආශු මාරසිංහ ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන්හි ප්‍රගතිය ද ජනපති රනිල් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය. ඇමති මණ්ඩල හමුවෙන් පසු මැති ඇමැතිවරු ඇතුළු නිලධාරීන් පිරිසක් ජනපති මුණ ගැසුනේ ඔහුගේ කාර්යාලයේදීය.
ලෝක නායකයින් හමුවීම ගැන මැති ඇමැතිවරුන් ජනපතිගෙන් විමසුවේ මොනවාද?
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගීවීම හා එහිදී ලෝකයේ ප්‍රබල නායකයන් මුණ ගැසීමට හැකිවීම ගැන මෙහිදි මැති ඇමැතිවරු විමසන්නට වූහ.
“ජනාධිපතිතුමා සාගර සමුළුවේදි වගේම කියුබාවේදී චීනය සම්බන්ධයෙන් කළ විග්‍රහය රාජ්‍ය නායකයෝ හැමෝම වගේ අගය කරලා තිබුණා. විදේශ ලේකම්තුමිය කිවුවේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් මේ කාරණාව අගය කළා කියලායි.” රුවන් විජයවර්ධන කීවේ පිරිස දෙස බලමිනි.
“චීනය කියන්නේ දැනටමත් ලෝකයේ ප්‍රබලම රටක්. අපේ ලොකුම ණය හිමියාත් චීනය. අපට චීනය අත්හැරලා යන්න බෑ.” ඇමැති ප්‍රසන්න රණතුංග කියද්දී සැවොම හිස සැලූහ.
“ඒ වගේම එතුමා දේශන තුනකදී ලෝකයේම නැඟී එන රටවලට බලපාන ආර්ථික ප්‍රශ්න කතා කළා. අනෙක් පැත්තෙන් ජනාධිපතිතුමා පක්ෂපාති ලංකාවට කියලා කියපු කතාවටත් මෙරට හොඳ පිළිගැනීමකට ලක් වුණා.” මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත කීවේය.
“ඇයි බංග්ලාදේශ අගමැතිතුමිය අපි මෙච්චර ඉක්මනට ණය ගෙවයි කියලා හිතුවේ නෑ. කියපු කතාවටත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ලෝක ප්‍රජාවම කඩා වැටුණු රටක් ලෙස අප ඉක්මනින්ම නැගී සිටීම ගැන විමතිය පළ කරනවා.” මන්ත්‍රී වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.
ධනවාදය හා සමාජවාදය ගැන ප්‍රසන්න කිවුවේ මොනවාද?
“සමාජවාදී කියුබාවේ ජනාධිපති කියුබාවට ගෙන්වා ගන්නේ ධනවාදි නායකයෙක් කියන රනිල් වික්රමසිංහවයි. හැබැයි ලංකාවේ සමාජවාදී නායකයා යන්නේ ධනවාදි රටවලට. මේ වෙනස ජනතාව තේරුම් ගන්න ඕනේ.” ඇමැති ප්‍රසන්න කීවේ සැවොම සිනා ගන්වමිනි.
“ඉරාන ජනාධිපතිවරයාත් උමා ඔය විවෘත කරන්න ලංකාවට පැමිණෙන්නේදැයි” මන්ත්‍රී මදුර විමසද්දී ජනපති හිස සැලුවේය.
මේ සියල්ල අසා සිටි ජනපති රනිල් කීවේ හැකි ඉක්මනින් රට සංවර්ධනය කරා රැගෙනයාම සිය අභිප්‍රාය බවය.
ලෝක නායකයන්ගෙන් ජනපතිට විශේෂ ආරාධනා රැසක් හිමිවූයේ එම රටවල සංචාරයට පැමිණෙන ලෙසටය. ඉන් තෝරාගත් කිහිපයකට පමණක් සහභාගී වීමටත් අනෙක් ඒවාට නියෝජිතයන් එක් කිරීමටත් ජනපති පියවර ගත්තේය.
විවෘත ආර්ථිකය ගැන ධර්මයෙන් පාඩමක්
ජනපති ලෙස ඇති බලතල ප්‍රකාරව විහාරස්ථාන පහක් සහ දේවාල දෙකක් පූජාභූමි ලෙස නම් කිරීමේ සන්නස් පත්රයන් ප්රදානය කෙරුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිනි. ජනාධිපති ලේකම් උත්සවය අවස්ථාවේ එකම ථේරවාදි බුදු දහම තිබෙන රට ලෙස ලංකාව හැඳින්වීම ගැන එහි පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ලේකම්ට අරියාදුවක් කළේය.
එය අසා සිටි මීගම්මන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති මානින්ගමුවේ විමලජෝති හිමියන් ලේකම් සමන්ව පෙසකට කැඳවාගෙන ගියේ එහි සිටි තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟිනි. “ලේකම්තුමා ඔබතුමා මෙය කිවුවේ හැඟීමෙන් බව දන්නවා. ඇත්තටම නිර්මල ථේරවාදි බෞද්ධ දර්ශනය තියෙන්නේ ලංකාවේනේ.” කියා කීවේ සැමට ඇසෙන ලෙසිනි.
“මම ඔබතුමාට තවත් කතාවක් කියන්නම්. ජනාධිපතිතුමා විපක්ෂ නායක කාලේ අස්ගිරි මහා විහාරයට ආවා. එතනදි භික්ෂූන් වහන්සේ ප්‍රශ්න කළා ජේ.ආර් ජයවර්ධනගේ විවෘත ආර්ථිකය ගැන. එතුමා එතනදි කදිම පිළිතුරක් දුන්නා. එතුමා කිවුවා තපස්සු භල්ලුක කියන වෙළෙඳ දෙබෑයන් වෙළෙඳාමේ යන විට කරත්ත මඩේ එරුණා. ඒ වෙලාවේ ඔවුන්ට පිහිට වුණේ බුදුන් වහන්සේ. මේ නිසා වෙළෙඳ දෙබෑයන් බුදුන් වහ්නසේට විළඳ මී පැණි පූජා කළා. මේ වෙලාවේ ඔවුන් බුදුන් වහන්සේගෙන් කේෂ ධාතු ඉල්ලගෙන ගොස් බුරුමයේ ස්වේතගොන් චෛත්‍ය නිර්මාණය කළා. ඉන් ඉතිරි කොටසක් ලංකාවට ගෙනල්ලා තිරියාය චෛත්‍ය හැදුවා. එදා වෙළෙදාමේ එන්න මේ අයට වීසා දුන්නා කියන්නේම එදත් විවෘත ආර්ථිකයක් තමයි තිබිලා තියෙන්නේ. ජේ.ආර් ජනාධිපතිතුමා ඒක පොඩ්ඩක් වෙනස් කළා විතරයි කියලා රනිල් ජනාධිපතිතුමා කිවුවා. ඉතින් මෙහෙම බෞද්ධ දර්ශනය නිවැරදිව දන්න ජනාධිපති කෙනෙක් මීට පෙර සිටියා කියා මම හිතන්නේ නෑ.” උන්වහන්සේ කීවේ ජනපති ලේකම්ගේ සුරත අල්ලා ගනිමිනි.
චීනය, දිනේෂ් හරහා සීතාවක දරුවන්ට දුන් තෑග්ග
ගෙවී ගිය සතිය අගමැති දිනේෂ්ට සුවිශේෂී වූයේ, ඔහුගේ ගම් ප්‍රදේශය, බොරළුගොඩ සීතාවක දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කිරීමට යෙදී තිබීම හේතුවෙනි. ඒ, 12,000ක් සීතාවක සිසු දරු දැරියන්(ප්‍රාථමික) වෙනුවෙන් පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම, ‘සීතාවක සිසු අරුණළු’ වැඩසටහන පසුගිය 25 දින ආරම්භ කිරීමයි. ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරුන්, මෙරට චීන තානාපති ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන්, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේදී ආරම්භක උත්සවය පැවති අතර චීන තානාපතිවරයා විශේෂ කරුණක් සිහිපත් කළේය.
“අතීතයේ ඉඳන් තිබුණ චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයන්න වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප් – කුසුමා ගුණවර්ධන යුවළ 1940 දශකයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සඳහා දැමූ අඩිතාලම ඉතා ම ශක්තිමත්”
ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුමද අගමැති දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ පසුගිය 21 දින, චීන තානාපතිගේද සහභාගිත්වයෙනි.
චන්ද්‍රිකා දිනේෂ්ට කියපු දේ
අඟහරුවාදා(26) බණ්ඩාරනායක ගුණ සමරුවට එක්වීමට අගමැති දිනේෂ්, හොරගොල්ලට ගියේ හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ආරාධනයෙනි.
එහිදී චන්ද්‍රිකා-දිනේෂ් අතර මෙන්ම මෛත්‍රීපාල-දිනේෂ් අතරද යම් කෙටි කතාබහක් ඇතිවිය.
1956 ආණ්ඩුව බිහි කිරීමට නායකත්වය ගෙන තිබුණේද චන්ද්‍රිකාගේ පියා, බණ්ඩාරනායකයන් මෙන්ම දිනේෂ්ගේ පියා, පිලිප්ය. චීන-ලංකා මිතුදම ඇතිකර ගැනීමට පිලිප් ගුණවර්ධන, චීනයට ගියේ 56 ආණ්ඩුව බිහි කිරීමට සූදානමින් සිටි පසුබිමකය
මහින්දයි, ගඩාෆියි එකම පුටුවේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා දැඩි ලෙස සංවේදී වූ පුවතක් පසුගිය දිනවල විදෙස් ප්රවෘත්ති වාර්තා ඔස්සේ පළ විය.
ලිබියාවේ ගංවතුර ඇතුළු ආපදාවලින් එරට විශාල පිිරිසක් මියගොස් ට්‍රිපොලි ඇතුළු මුළු ලිබියාවේ ප්‍රධාන නගර රැසකට සිදු වී ඇති හානිය දුටු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස කම්පාවට පත් විය.
පසුගිය දවසක ඔහු කොළඹ පිහිටි ලිබියානු තානාපති කාර්යාලයට ගියේ ලිබියාවේ විපතට පත් වූ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමටය.
සටහනක් තබමින් ලිබියාවේ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා එතන සිටි නිලධාරීන්ට කියා සිටියේ ජනාධිපති කර්නල් ගඩාෆි හිටියානම් අද මෙවැනි ඉරණමක් ලිබියාවට අත් නොවන බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සිය නිල නිෙවසට පැමිණෙන විට මැති ඇමැතිවරුන් පිරිසක් පැමිණ සිටියේ හිටපු අගමැතිවරයා හමුවීමටය.
“සර් ලිබියාවේ තානාපති කාර්යාලයට ගියා කිවුවා” යනුවෙන් කතාව ආරම්භ කළේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය.
“ඔව්. ශෝකය සටහනක් කරලා එන්න ගියේ. මං එතන හිටපු නිලධාරීන්ට කිවුවා ගඩාෆි හිටියානම් ලිබියාවේ ජනතාව අද මේ වගේ අසරණ වෙන්නේ නැහැ කියලා”
“සර්. එහේ ගිය වෙලාවේ ගඩාෆි සර්ව හොඳට පිළිගත්තා නේද? යනුවෙන් විමසුවේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාය.
“ඔව් ඉහළින්ම පිළිගත්තා. අපේ රටට හුඟක් සහයෝගය ඕනෑම වෙලාවක ලබා දුන්නා. මං එහේ ගිය වෙලාවේ පිළිගැනීමේ උත්සවයකදී ගඩාෆි හිටපු පුටුවේ මාත් වාඩි කරගත්තා. මිනිහා හිටියේ පුටුවේ මාත් වාඩි කරගත්තා. මිනිහා හිටියේ ලොකු පුටුවක. ඒකේ ඉඩ තිබුණා. ඒකෙ ඉන්න ගමන් තමයි ගඩාෆි මගේ කරට අත තියාගෙන හිටියේ. ඒ ෆොටෝ එක පත්තරවල ගියා. ඒක එදා හුඟක් කතාබහට ලක් වුණා”. යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
සර්ට ගඩාෆි ජනාධිපතිතුමා හරිම වටිනා තෑග්ගක් දුන්නා. ඒක සර්ට පෞද්ගලිකවම දුන්නු තෑග්ගක්. යනුවෙන් එතන සිටි නිලධාරියෙකු පැවසුවේය.
“මොකක්ද ඒ තෑග්ග යනුවෙන් දැනගැනීමට බොහො දෙනෙකු දැඩි කැමැත්තකින් තමා දෙස බලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා තේරුම් ගත්තේය.
“මං කොටි ත්රස්තවාදීන්ට බය නැතුව මුහුණ දුන්නු එක ගැන ගඩාෆිට තිබුණේ විශාල ගෞරවයක්. මටම තෑග්ගක් විදිහට හදපු රොලෙක්ස් (Rolex) අත් ඔරලෝසුවක් තෑගි කළා.“ යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.
“මං හිතන්නේ Rolex ඔරලෝසුවක් හරි ගණන්“ යනුවෙන් විමසුවේ මධුර විතානගේය.
“ඔව්. හුඟක් ගණන්. ගඩාෆි ජනාධිපතිතුමා මේ ඔරලෝසුව Rolex කම්පැනියට කියලා හදවලා තියෙන විශේෂ ඔරලෝසුවක්. පස්සේ කාලෙක මේක පොඩි රෙපයාර් එකක් කරන්න ඕන වෙලා කම්පැනියට යැවුවාම ඒ ගොල්ලන් පුදුම වෙලා තියෙනවා.
මේ ඔරලෝසුවේ සීරියල් නම්බර් එක ගහපුවාහම නම එන්නේ ගඩාෆි කියලා. එතකොට තමයි ඒ ගොල්ලන් දැනගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තෑගි කරන්න මේ විශේෂ ඔරලෝසුව හදවන්න ඇණවුම රොලෙක්ස් කම්පැනියට ගඩාෆි ජනාධිපතිතුමා එයාගේම නමින් භාරදීලා තියෙන්නේ කියලා.“ යනුවෙන් එතන සිටි නිලධාරියා කළ කතාව සියල්ලන්ම අසාගෙන සිටියේ මහත් උනන්දුවකිනි.
ඩයනා වැඩ බැලීමට පටන්ගත් දිනයේදීම හරීන්ගේ ටිකට් කපලා
දස ලක්ෂයේ සංචාරකයා දිවයිනට පැමිණීම පසුගිය සතියේ සිදුවිය.
“මේක ලොකු ජයග්‍රහණයක්.ඈත ගම්වල මිනිස්සු පවා රට දාලා යන්න හිතන් හිටපු වෙලාවක අභියෝගයක් භාර අරගෙන ඒක කණපිට හරවන්න ගත්ත මහන්සිය විශිෂ්ටයි”
බොහෝ දෙනා හරීන්ට සුබපතා තිබුණේ එහෙම ය.
හරීන් අසනීප වීම හේතුකොටගෙන ඊට ප්‍රතිකාර ගැනීමට විදෙස්ගත වූයේ මීට සති එකහමාරකට පමණ පෙර ය.කෙසේ වෙතත් රෝහලේ සිටම හරීන් අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳවද සොයා බැලීමට අමතක නොකළ අතර,සියලු සභාපතිවරුන්ටත් ආයතන ප්රධානීන්ටත් සිය ලේකම්වරුන්ටත් උපදෙස් දී තිබුණේ කිසිම කටයුත්තක් කල් නොදමන ලෙස ය.
මේ අතර ජනාධිපතිතුමා විසින් හරින්ගේ අමාත්‍යාංශයේ වැඩ බැලීමට ඩයනා ගමගේ පත්කරනු ලැබුවේ හරීන් විදේශගත වී සතියක් පමණ ඉක්ම ගියාට පසුවය.
අදාළ පත්වීම සිදුකොට තිබුණේ පසුගිය විසි පස්වෙනිදා සිටය. නමුත්,25 වෙනිදා සවස හරීන්ගේ ටිකට් කපා තිබූණි.
විසිපස් වැනි දා වැනිදා පත්වීම ලැබූ ඩයනා 26 වෙනිදා ඉඩම් අමාත්‍යාංශයට පැමිණියාය.
“ලේකම්තුමා හරීන් මැතිතුමාට දැම්ම එන්න වෙන්නේ නැහැ. එතුමට සෑහෙන්න අමාරුයි. මං හිතන්නෙ මාස දෙකක් විතර එක තැන ඉන්න වෙයි. මට තමයි ඔය සේරම කරන්න වෙන්නේ. එනිසා ඔය බෙදන්න තියන ඉඩම්වල ෆයිල් ටික එහෙම දෙන්න.” ඇය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පවසා තිබුණි.
කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු ඒ වන විට සුවය ලබා රෝහලෙන් නිෙවසට පැමිණීමට නියමිතව සිටින බව ලේකම්වරයාට සැල වී තිබුණි.
“හරි ඇමැතිතුමිය, නීත්‍යනුකූලව මං අවශ්‍ය කටයුතු කරන්නම්.” ලේකම්වරයා ඇයට දැනුම් දුන්නේය.
“මං මේ ඔප්පු බෙදන්න ජනාධිපතිතුමාගෙන් ලබන සතියේ දිනයක් දාගන්නම්. සේරම ෆයිල් ටික ලෑස්ති කරලා තියන්නකෝ”
ඇය අමාත්‍යාංශයෙන් පිට වී තිබුණි.
කෙසේ වෙතත් ඊට පසු දින දෙකම නිවාඩු දින දෙකක් වූ අතර,අනෙක් දින දෙක සති අන්ත දින දෙකක් විය.
මේ වන විටත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සුවය ලබා දිවයිනට පැමිණ සිටි නිසා අමාත්‍යවරියට සිදු වූණේ ඉඩම් අමාත්‍යාංශයට ගොස් එන්නට ය.
ලාන්සා හමුවීමට සංවිධාන 20ක්
නව සන්ධානයේ සාර්ථකත්ව පිළිබඳ මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ,විද්වත් සංවිධාන සහ වෘත්තීය සමිති සංවිධාන නියෝජිතයින් රාජගිරිය පක්ෂ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සමඟ සහ එහි නායකයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂ කාර්යාලය පවසයි.
ගතවූ සතියේ පමණක් විවිධ සංවිධාන 20ක් මෙම සාකච්ඡා සඳහා එක් වී ඇත.
නාමල්ගේ මොබයිල් එක බේසමේ
පසුගිය සතියේ නාමල් රාජපක්ෂ සිටියේ කාර්ය බහුලවය.විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති පිහිටුවීම ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර නාමල් හැම දිස්ත්‍රික්කයටම ගොස් ශාඛා සමිති පිහිටුවීමට පැමිණෙයි. කාර්යබහුල නිසා නාමල් එක් දිනක් තම පවුල සමඟ නිෙවසේ සිටීමට යොදා ගත්තේය. එදින ඔහුගේ ජංගම දුරකතනය වැඩ කළේ නැත. විවිධ පාර්ශ්වයන් නාමල්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී තිබිණි. එදිනම සවස මාධ්‍යවේදී හිතවතුන් පිරිසක් මුණ ගැසීමටද නියමිතව තිබිණි.කෙසේ හෝ සවස් වරුවේදී නැවත දුරකතනය වැඩ කරන්නට විය.මාධ්‍යවේදීන් එදිනම හමුවූ අතර ඔවුන්ගෙන් නාමල්ට එල්ලවූයේ චෝදනාවකි.“ මහින්ද මහත්තය නම් එක කෝල් එකෙන් ආන්ස්වර් කරනවා ඔයාගෙ ෆෝන් එක ඕෆ්.”
“ අනේ නෑ මට මාර වැඩේ උනේ. මේ දවස්වල එක දිගටම කෝල් එනවා.මම පොඩ්ඩක් ගෙදර අයත් එක්ක ඉන්න වෙලාවක හදා ගත්තා. ඉතින් එදා මට පුතාව නාවන්න උනා.එහෙම යනකොටත් කෝල් එකක් ආවා. මම ඒකත් ආන්සර් කරගෙනම තමයි ගියේ. පුතා ෆෝන් එක ඇද්දා. ඇද්ද පාර ෆෝන් එක බේසමේ. ඒත් මම ඉක්මනින්ම ෆෝන් එක හදා ගත්තා“
පසුගියදා ඩී.වී චානක රාජ්‍ය ඇමැතිතුමාට ඉතාමත්ම කනගාටුදායක සිද්ධියකට මුහුණ දීමට සිදු විය. ඒ ඔහුගේ මාමණ්ඩිය පාතාලයේ වෙඩි තැබීමක් නිසා ඝාතනය වීමයි. මේ වන විට නාමල් රාජපක්ෂ සිටියේ තංගල්ල නිෙවසේය. නාමල්ට ඉතාමත්ම හිතවත් ඩී.වී චානකගේ මාමණ්ඩියට සිදුවූ මෙම කනගාටුදායක සිදුවීම නාමල්ට පැවසුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දුය. වහාම නාමල් ඩී.වී චානකට ඇමතුමක් දුන් අතර තංගල්ල සිට කෙළින්ම පැමිණියේ ගාල්ල කරාපිටිය රෝහලටය. ඉන් අනතුරුව තේනුක විදානගමගේ හා මොහාන්ද සිල්වා මේ වනවිටත් ගාල්ල කරාපිටිය රෝහලට පැමිණ සිටියහ. නාමල් දින තුනක්ම එක දිගට තමාගේ හිතවතා වූ ඩී.වී චානක සමඟ කාලය ගත කළේය.
79 වැනි බස් රථයත් සජිත් දෙයි
අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමත් සමඟ මේ වන විට විපක්ෂ නායක සජිත් සක්වල යටතේ බස්රථ 79ක් පරිත්‍යාග කොට තිබේ.
මේ වන විට සක්වල බස්රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 79ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 395,000,000 ක මුදලක් වැය වී තිබේ. එසේම පාසල් 33කට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 290ක සුහුරු පන්ති කාමර උපකරණ සහ හුස්ම වැඩසටහන යටතේ රජයෙ රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ ලබා දී තිබේ.
වජිරගේ පාර්ලිමේන්තු කතාවට වැඩි අවධානයක්
පසුගිය සතියේ පාර්ලිමේන්තුව අවසන් කෙරුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධය විවාදය අවසන් වීමත් සමඟය. පක්ෂ විපක්ෂ සියලු දෙනාම මෙම විවාදයේදී තමන්ගේ අදහස් දැක්වීය.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකාට වරද පටවමින් තමන්ගේ කතා පැවැත්වුවත් වජිරට සභාව ඇමතීමට සිදුවූ දවසේ වජිර සිදුකළ ප්‍රකාශය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බොහෝ දෙනකුගේ සාකච්ඡාවට බඳුන් විය. ඒ මක් නිසාද යත් එම ප්‍රකාශය පාස්කුප්රහාරයට පමණක් නොව ඕනෑම දෙයකට වලංගු වූ නිසා විය හැකියි.
මෙවැනි දේ තුළින් සිදු වන්නේ බෙදුණු ජාතිය තවදුරටත් බෙදී විනාශ වී යාම බවත් මෙවැනි ප්‍රශ්න සඳහා අප රටක් ලෙස එකට එකතු වී මුහුණු දිය යුතු බවත් වජිර තරයේ ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලයේ දොර වැසුණු නිසා අගමැති රනිල් එළියේ කාමරයක
“මට මතකයි බෝම්බය පුපුරපු දවස, මට මතකයි අගමැතිතුමා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයට යනවා. එතැනදී මම දැක්කා අගමැතිවරයෙක් කොයිතරම් ඉවසීමකින් කටයුතු කරනවද කියලා, ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා තිබෙනවා. නමුත් අගමැතිතුමන්ට දොර විවෘත වෙන්නේ නැහැ. එළියේ කාමරයක අපි වාඩිවෙලා ඉන්නවා, විනාඩි 20 ක් 25 ක් පමණ. කමක් නෑ. මේක තමයි අපේ දේශපාලනේ ස්වභාවය. මේ සෙල්ලම අපි නැවැත්විය යුතුයි. ඊර්ෂ්‍යාව, කුහකකම, ක්‍රෝධය, තණ්හාව මේවා නවත්ව ගන්න තිබෙනවා. මම ඒත කල්පනා කළ අපි වගේ කෙනෙක් නම් දොර ඇරගෙන ගිහින් ඇතුළින් වාඩි වෙනවා.” යනුවෙන් වජිර ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයාගේ ඉවසීම පිළිබඳවයි.
අජිත් රාජපක්ෂට ඊජිප්තුවෙන් ලැබුණු පණිවිඩය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේත් විරුද්ධ පක්ෂයේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ශ්‍රී ලංකාවේ පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලයෙන් ආරාධනාවක් ලැබී තිබුණි.
එම ආරාධනාව ලැබී තිබුණේ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොග්ලේ විසිනි.
ශ්‍රී ලංකාව හා ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කඩිනමින් පිහිටුවීම සඳහා වන කරුණු සාකච්ජා කිරීම සඳහා ඊජිප්තු තානාපතිවරයා විසින් මෙසේ ආරාධනා කර තිබුණි.
මෙම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කඩිනමින් ආරම්භ වූ පසු දෙරට අතර ආර්ථීක, දේශපාලන, සංචාරක ඇතුළු සමාජීය කරුණු රැසක් දියුණු කිරීම සඳහා වැඩසටහන් රැසක් සිදුකළ හැකි බව අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා සහ තානාපති මගේඩ් මෝෂ්ලේ අතර පැවති සාකච්ජාවේදී අවධානයට ලක් කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, මධුර විතානගේ, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, ඉසුරු දොඩංගොඩ, රාමේෂ්වරම්, වරුණ ලියනගේ ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.