ස්වාධීන කණ්ඩායමක් සමඟ ඔබගේ දේශපාලන ගමන් මඟ ඉදිරියට ගෙනි යනවා. කොහොමද මේ ගමන් මඟ?
අද දේශපාලනය පිළිබඳව ඇත්තේ විශාල අවිනිශ්චිත බවක්. මේ අභියෝගය අනුව අපි කණ්ඩායමක් ලෙස එකතු වී අත්හදා බැලීමක නිරත වෙනවා. ඒ ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය තුළ රඳා පවතින ආර්ථික ක්‍රියාවලිය සම්බන්ධව. මේ අයගෙන් කොටසක් දැනටමත් ආණ්ඩුව තුළ සිටින අය. ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි වූ කොටසක් ඉන්නවා. ඊළඟට වෙනත් දේශපාලන පක්ෂවල පිරිසකුත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒ ප්‍රමාණය 30-35 ක් අතර. කණ්ඩාමක් ලෙස අපි ඉදිරියට කටයුතු කළ යුත්තේ කෙසේද කියා සාකච්ඡා කරමින් ඉන්නවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකක් විය යුතුයි. අපේ ආර්ථික ගැටලුවලට පිළිතුරු දිය හැකි විය යුතුයි. ග්‍රාමීය නාගරික ජනතාව විඳින ගැටලුවලට විසඳුම් දිය යුතුයි. අපි උත්සහ කරමින් ඉන්නේ එවැනි ජනමතයක් නිර්මාණය කිරීමටයි. අද සත්‍ය වශයෙන්ම සිදුවන දේ සම්බන්ධව අපේ ඡන්දදායකයන් වික්ෂිප්ත වෙලයි සිටින්නේ.
ස්වාධීන වූ පක්ෂ කිහිපයක් තියෙනවා. මේ සියල්ලටම එකතු වී එකට කටයුතු කිරීමට නොහැකි වූයේ ඇයි?
මෙය තීන්දු වන්නේ අපි ඔවුන් සමඟ කරන සාකච්ඡා අනුවයි. බොහෝදුරට අනිකුත් ස්වාධීන අයත් සමඟ ගනුදෙනුවක් තියෙනවා. අපි විවිධ පක්ෂ සමඟ සාකච්ඡා කරමින් යනවා. මේ සාකච්ඡා අපි ඉදිරියටත් කරගෙන යනවා.
ඔබ ඇතුළු පිරිස් ස්වාධීන වුවත් රටේ ඇතිවූ ආර්ථික අකර්මණ්‍යතාවට සියලු දේශපාලනඥයන් වගකිවයුතු බවටයි චෝදනා කරන්නේ..?
එය වැරැදි අදහසක්. නිදහසින් පසු නිර්මාණය වූ ආණ්ඩු හැම එකක්ම කළේ සමාජයට අවශ්‍ය කරන පහසුකම් දීමයි. රැකියාවක් දීම, නිදහස් අධ්‍යාපනයක් ලබාදීම, නිදහස් සෞඛ්‍යක් ලබාදීම, නැති බැරි අයට සහනාධාර ලබාදීම. මේවා සමාජ සාධාරණත්වය යන කරුණ මුල් කරගෙන ක්‍රියාත්මක වූවා විනා එය ඇති කිරීමට අවශ්‍ය කරන වටපිටාව ඇති කරන අංශ ගැන අවධානයක් යොමු කළේ නැහැ. 1977 විවෘත ආර්ථිකය හැදුවා. ඇඟලුම් කර්මාන්තයෙන් එය නැවැතුණා. ඊට පසු වසර 30ක යුද්ධය නිසා අවස්ථාවක් ලැබුණේ නැහැ. ලෝකයේ අනිකුත් රටවල් මෙන් ගමන් කරන්න අපිට හැකි වුණේ නැහැ. 2009 වසරේදී යුද්ධය අවසන් කළ පසු වුව ද ආයෝජන වර්ධනය කිරීම, අපනයනයට බරවූ ආර්ථිකයක් ඇති කිරීමට අපිට නොහැකි වුණා. ඊට සියලු දේශපාලනඥයෝ වගකිව යුතුයි කීම බොරුවක්. මේ ආකාරයේ බොරු කියන්න ගියොත් වන්නේ අතරමං වීමක් පමණයි.
රටේ ඇති වූ වැරැද්ද නිවැරදි කර ගැනීමට ඔබ පක්ෂයට දායක විය හැක්කේ කෙසේද?
මේ සඳහා කළ යුත්තේ ආර්ථික මොඩලය වෙනස් කිරිමයි. එයට පෞද්ගලික අංශය සහභාගි කරවා ගත යුතුයි. රාජ්‍ය අංශය නියාමනයක් සිදුවිය යුතුයි. රාජ්‍ය සතු ව්‍යාපාර යම් ප්‍රමාණයකට රජය සතුව තබා ගනිමින් හවුල් ව්‍යාපාර බවට පරිවර්තනය කළ යුතුයි. තාක්ෂණය දියුණු කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. විශ්වවිද්‍යාලවල පැවැති යල් පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ සියල්ල හරහා අපි අලුතෙන් සිතීමට පුරුදු විය යුතුයි. මෙය කිරීම තරමක් අමාරු දෙයක් නිසයි රජය එයට අත නොගසන්නේ. එවිට විරෝධතා, විවේචන එන්න පුළුවන්. එයට මුහුණ දීගෙන ආර්ථිකයේ ඒ ආකාරයෙන් වෙනසක් නොකළොත් ඊළඟ වසර දහය ඇතුළත අපි නැත්තටම නැතිවෙනවා.
2022 වසරේ බදු ආදායමෙන් 72%ක්ම වෙන් වුණේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට. 28%ක් සහනාධාර හා ණය පොළි සඳහා වෙන්වුණා. බදු ආදායමෙන් ශත පහක මුදලක් හෝ සංවර්ධනය සඳහා වෙන් වූයේ නැහැ….කවර රජයක් බලයට පත් වුවත් මේ ක්රමයේ වෙනසක් අත්විඳිය හැකිද?
අපි පසුගිය කාලයේ බදු ආදායම අඩු කළා. ගෝඨාභය රාජපක්ෂ මුල් අවධියේදීත් රුපියල් බිලියන 600 ගණනක බදු කප්පාදුවක් සිදු කළා. එහි අවසන් ප්‍රතිඵලය වුණේ බදු ආදායම ජාතික නිෂ්පාදිතයෙන් 8-9% ක් දක්වා අඩුවුණා.
දියුණු රටවල 20-21% තිබිය යුතු වෙනවා. අපේ රටේ බදු ගෙවීම සම්බන්ධව ඇත්තේ වැරදි අදහසක්. අපි බදු අය කරන්නේ අපිට එළියෙන් පෙනෙන පිරිසකගෙන් පමණයි. රේගු, ආදායම් බදු දෙපාර්තමේන්තු ආදිය තියෙන්නේ ප්‍රාථමික තත්ත්වයේ. මේවා නැවත වෙනස් කළොත් මේ බදු ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් වෙනස් කළ හැකියි. බදු අයකර ගැනීමේ ක්‍රමවේදය වෙනසකට ලක්විය යුතුයි. කිසි ආණ්ඩුවක් හරියාකාරව බදු එකතු කිරීමේ ප්‍රතිපත්තියක් ගැන හිතලවත් නැහැ. මෙය දූෂණය වංචාව ඉහවහා ගිය රටක්. මේවා ගැන අපි විවෘතව තීන්දු තීරණ ගත යුතුයි. නිසි නියාමනයකට යටත් කළ යුතුයි.
නිසි බදු ප්‍රතිපත්තියක් ගැන රජයේ අවධානය පසුගිය කාලයේ යොමු වුණා. නමුත් ඔබ පවසන්නේ එය තවමත් ක්‍රියාත්මක නොවූ බව ද?
ඔව්. මේ වන විට ලංකාව බලාපොරොත්තු වූ බදු ආදායම එකතු වී නැහැ. රුපියල් මිලියන 3000 ගණනක ඉලක්කයක් තිබී තියෙනවා. නමුත් ඒ ඉලක්කය සපුරාගන්න බැරි වෙලා තියෙනවා. මූල්‍ය අරමුදල පවා තමන්ගේ කනස්සල්ල පළ කරලා තියෙනවා.
බදු ගෙවීමේ පමණක් නොව බදු අය කිරීමේ ප්‍රශ්නත් තියෙනවා. ඉහළ ආදායම් ලබන පිරිස් බදු ගෙවන්නෙම නැහැ. ආදාළ දෙපාර්තමේන්තුවට මේ සඳහා ක්‍රමවේදයක් නැහැ. රේගු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේවා තාක්ෂණය මුසු වූ නවීකරණ වැඩ පිළිවෙළකට යායුතුයි. රාජ්‍ය සේවය බදු අයකිරීම සඳහා යොදවා නැහැ. මේවා වෙනස් නොකර රටක් ඉදිරියට ගෙනයාමට බැහැ.
ඔබලාගේ රජයක් යටතේ මේ තත්ත්වය වෙනසකට ලක් කරන්නේ කෙසේද?
බදු ජාලය පුළුල් කළ යුතුයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාල හරහා තොරතුරු එකතු කළ යුතුයි.
මෙය ඉතා සරල දෙයක්. සියලු දෙනාම සම්බන්ධ වුණොත් බදු ප්රතපත්තිය පුළුල් කළ හැකි වෙනවා. එයින් අදහස් වන්නේ ජනතාව තලමින් බදු අයකර ගැනීම නෙමෙයි.
2022 බදු ආදායම රුපියල් බිලියන 1751ක්. එයින් සියලු වැටුප් සඳහා රුපියල් බිලියන 1265 හා සහනාධාර සඳහා සඳහා රුපියල් බිලියන 506ක්. ඒ අනුව රුපියල් බිලියන 20 ක හිඟයක් තිබුණා. ඔබ රජයක් යටතේ බදු ආදායම වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවාද?
බදු වැඩි කරන්නේ නැහැ. ඒ ක්‍රමවේදය වෙනසකට ලක් කරනවා.
පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඉතාම දුර්වලයි. වසරක් ගියත් කිසිදෙයක් සිදුවී නැහැ. පත්කළ කමිටුවෙන් කිසිවක් වන්නේ නැහැ. රටක් ආර්ථික වශයෙන් වැටෙන කොට ව්‍යාපාර පාඩු ලබනවා නම් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයට මුල් තැනක් ලබා දිය යුතුයි. නමුත් ආණ්ඩුව ඒ සඳහා කිසිවක් නොකරන විට රටක් ඉදිරියට යන්නේ කෙසේද? ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණයෙන් පමණයි අපිට ආයෝජන අවස්ථා වැඩිකර ගත හැක්කේ. රටේ මහජනයාට වසරක් බලාපොරොත්තු දී මුකුත්ම නොකළ පසුව අනතුරුව කරන දේට මහජනයා විරුද්ධ වීම ස්වභාවිකයි.
මේ තත්ත්වය ඇති කර නොගෙන මුල සිටම විනිවිද බවකින් කළා නම් මේ වන විට හුඟාක් සාර්ථක වීමට ඉඩ තිබුණා. රටේ සියලු දෙනාටම විනිවිද පෙනෙන අයුරකින් ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට අපි පක්ෂයි. රජය අපේක්ෂිත ඉලක්කයන්වලට නොයෑම නිසා ඉදිරියේදී ජත්‍යන්තර ණය ආධාර ලබා ගැනීමටද පවා ඒ තත්වය බලපාන්න පුළුවන්. අපිට වැඩි කාලයක් නැහැ. ලබන වසර මැතිවරණ වසරක්. ගිය වසර අරගලවලට වෙන් වුණා. මිනිස්සු විශාල වශයෙන් විදුලි, ඉන්ධන බිල් ගෙවමින් තවමත් ඉවසාගෙන ඉන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. අපි බලාපොරොත්තු වුණා යහපත් ප්‍රතිසංස්කරණ සිදුවෙයි කියලා. මම කියන්නේ කළ යුතු දේ නොකර ආණ්ඩුව වසරක් කාලය කා දැම්මා කියලයි.
ඔබ රජයක් බලයට පත්වුවහොත් ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
කවුරු බලයට පත් වුණත් මේ ප්‍රතිසංස්කරණ සිදු නොවුණොත් අත්‍යාවශ්‍ය දේ නොව කිසිදු දෙයක් කරන්න මුදල් ඉතිරි වෙන්නේ නැහැ. විදේශ විනිමය අර්බුදය, දේශීය ණය අර්බුදය ආවා.
විදේශ විනිමය ලැබුණ නම් අපි ණයත් ගෙවලා කළ යුතු දේ කරන්න තිබුණා. විදේශීය ණය අර්බුදයෙන් හා දේශීය ණය අර්බුදයෙන් අපි තවමත් ගැලවී නැහැ. අපි ඉන්නේ සියල්ල පරක්කු කරමින්. භාණ්ඩ හා සේවාවන්ට ඉහළ මිලක් ගෙවන්න සිදු වෙනවා. අපි ආදායමට වඩා වැඩි වියදමක් ගෙවමින් ජීවත් වන්නේ ආමාරුවෙන්. මේ නිසා හිතන තරම් ලේසියෙන් වෙන ආණ්ඩුවක් ඇවිත් කරන්න පුළුවන් කියා මම සිතන්නේ නැහැ. ආණ්ඩුවක් වෙනස් වීමෙන් පමණක් මේ තත්ත්වයට විසඳුම් සොයන්න බැහැ.
නිසි ප්‍රතිපත්ති අනුව රජයක් ක්‍රියාත්මක විම මත පමණයි වසර කිහිපයකින් මේ තත්ත්වය වෙනසකට ලක් කළ හැක්කේ. මැජික් විද්‍යා පෙන්වන්න බැහැ. දේශපාලන බලය ගැනීම ගැන කතා කරන එකට අපි විරුද්ධයි. බලය ගත් පසු කරන දේ ගැන විවෘත සාකච්ඡාවක් ඉදිරිපත් කළ යුතුයි.
ඉදිරියේදි ජනතාවට සහන ලැබෙයිද?
අපේ ආදායම වැඩි වන්නේ නැතිනම්, වියදම වැඩි වේ නම්, බදු මුදල් ගෙවීම වැඩිනම් ආයතන ප්‍රතිව්‍යුහගත වන්නේ නැතිනම් අලුතින් ආයෝජන එන්නේ නැතිනම්, අලුතින් මුදල් එන්නේ නැතිනම් කොහොමද සහන දෙන්නේ. ණය නොගෙවා ඉන්න බැහැ.
ණය ගෙවීම ආරම්භ කරන විට විදේශ විනිමයක් අපිට අවශ්‍යයි. විදේශ විනිමය ලබන්න නම් ක්ෂේත්‍ර ගණනාවකට ආයෝජන ගෙන ඒම අවශ්‍යයි. ආයෝජනය කරන්න නම් රජය සතු මර්මස්ථානවලට පෞද්ගලික අංශය මැදිවුණු අලුත් වැඩපිළිවෙළක් ගෙන ආ යුතුයි. එය ඉටු කිරීම ප්‍රමාදයි. ඊළඟ වසරේදී මෙය කරන්න බැහැ. මන්ද මැතිවරණ වසරක් නිසා.
ඔබ ඇතුළු ඔබ සාමාජිකයන් ඉදිරියේදී මහැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන පක්ෂයෙන්ද?
එය තීන්දු වන්නේ අපි කරන්නේ වැඩපිළිවෙළ අනුවයි. මේ වැඩපිළිවෙළ අනුව සන්ධානයක් නිර්මාණය කළ හැකියි. දෙවැනිව යම් බලවේගයක් ලෙස වෙනම ඉදිරිපත් විය හැකියි. එයට කල් වැඩියි. බොහෝ දේවල් දැන්ම පැවැසිය නොහැකියි.
සුභාෂිණි ජයරත්න