ප්‍රවීණා කියන්නේ ටෙලි නාට්‍ය රංගන ක්ෂේත්රයට පෑයූ අලුත්ම තරුව . හැබැයි බොහෝ දෙනා ඇයව දන්නේ ප්‍රවීණා විදිහට නෙමෙයි, නාගඩම්කාරයෝ නාට්‍යයේ සුදු චුටිගේ කටකාර යළුවා වුණ ගීතිකා විදිහට. තමන් රඟපෑ පළමු නාට්‍යයෙන්ම අතිශයින්ම ජනප්‍රිය හා විශාල රසික ආදරයක් ලැබීම එක්තරා විධිහක වාසනාවක්.
ඔබ ඔබව හඳුන්වන්නේ කොයි විදිහටද?
මම හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනෙක්. මම හිතන්නේ අපි හැමෝගෙම ජීවිතයට වඩාත් වැදගත්ම දේ තමයි සැහැල්ලුව සහ සතුට කියන්නේ.
ඔබට කොහොමද මේ රූපවාහිනි නාට්‍ය සඳහා අවස්ථාව ලැබෙන්නේ?
මම මුලින්ම අඩිය තියන්නේ නාට්‍ය ක්ෂේත්රයට. මගේ පළමු නාට්‍ය අත්දැකීම වගේම මාව ජනතාව හඳුනා ගන්නේ නාඩගම්කාරයෝ කතාවේ ගීතිකා විදිහට. මට ඒකට ආරාධනා කරන්නේත් සංගීත් ප්‍රභූ අයියාම තමයි. එයා කිව්වා අලුත් නාට්‍යයක තෝරා ගැනීමේ පරීක්ෂණ තියනවා ඒකට ගිහින් බලන්න කියලා. මම ඒ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දුන්නා. එතැනින් මාව තෝරා ගත්තා.
නාඩගම්කාරයෝ ඔබේ රංගන දිවියේ සුවිශේෂී තැනක් නේද?
අනිවාර්යයෙන්ම. නාඩගම්කාරයෝ කතාවේ ගීතිකාගේ චරිතය මම ගොඩක් ආසාවෙන් රඟපෑ චරිතයක්. ඒ වගේම නාට්‍ය සෑහෙන ජනප්‍රිය වුණා. නාඩගම්කාරයෝ නාට්‍යයේ සියලුම දෙනාව ආදරයෙන් මතක් කරන්න ඕනේ.
ගීතිකා කියන චරිතය ඔබ දකින්නේ කොයි ආකාරයට ද?.
මට තාමත් හුඟක් අය අදටත් කතා කරන්නේ ගීතිකා කියලා. මම දකින්නේ ගීතිකා කියන්නේ බොහෝම අහිංසක, කලාවට ආදරය කරන අව්‍යාජ ගැමි කෙල්ලෙක් විදිහට.
මේගා ටෙලි නාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
මම හිතන්නේ ඕනෑම ටෙලි නාට්‍යක් හොඳ තිර රචනයක්, අධ්‍යක්ෂණයක්, කැමරාකරණයක් හා රඟපෑමක් වැනි දේවල් වලින් සම්පූර්ණ නම් ඒක මේගා ද නැත්නම් කෙටි නාට්‍යක් ද කියන එක අදාළම නෑ. මම මෙගා ටෙලිනාට්‍යවල වැරැද්දක් දකින්නේ නෑ. ඒ වගේම මම පීරියඩ් නාට්‍ය වල රඟපාන්න හුඟක් කැමැතියි. මොකද ඒකේ නිදහස තියනවා. මෙගා නාට්‍ය ටිකක් කාර්යබහුල කාලසටහනක යන්නේ. හැබැයි අපිට චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් නාට්‍ය කුමන වර්ගයේ වුණත් කමක් නෑ.
මියුසික් වීඩියෝවලට ඔබේ පැමිණීම ගැන කතා කළොත්?
මම මුලින්ම මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වෙන්නේ ශෂිකා අක්කාගේ චන්ද්‍රා පායන්න ගීතයට. මම හරිම ආසාවෙන් කළ වීඩියෝ එකක්. ඉතින් ඒ සියලුම දෙනාට බොහෝම ස්තුතියි මාව ඒකට තෝරා ගත්තාට. ඇත්තටම ඒක වෙනස් අත්දැකීමක්. නාට්‍යයක රඟපානවට වඩා වෙනස් මියුසික් වීඩියෝ එකක රඟ දක්වනවා කියන්නේ. මම හුඟක් මියුසික් වීඩියෝවලට පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මම භාර ගන්න නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉටු කරන්න මම කැප වෙනවා.
මේ දිනවල ඔබ පෙනී සිටින අලුත්ම නිර්මාණ මොනවද?
සිරස රූපවාහිනියේ විකාශනය වන සර්කස්කාරයෝ සහ හිරු රූපවාහිනීයේ විකාශනය වන ‘රැල්ල වෙරළට ආදරෙයි‘ කියන ටෙලි නාට්‍ය දෙකේ මේ දවස්වල මම ඉන්නවා. ඒ හැරුණාම කසුන් සමීර අයියගේ සීසන් ටෙලි නාට්‍යය ඉදිරියෙදී එන්න තියනවා. ඒ වගේම මියුසික් වීඩියෝ දෙකකුත් එන්න තියනවා.
මොහාන් සුරවීර