Home » ඩයලොග් ටෙලිවිෂන් වෙතින් ICC ක්‍රිකට් ලෝක කුසලාන සම්පූර්ණ තරගාවලියම HD දසුනින් නැරඹීමට විශේෂ චැනල් පැකේජයක්

ඩයලොග් ටෙලිවිෂන් වෙතින් ICC ක්‍රිකට් ලෝක කුසලාන සම්පූර්ණ තරගාවලියම HD දසුනින් නැරඹීමට විශේෂ චැනල් පැකේජයක්

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay-TV සේවා සම්පාදකයකු වන ඩයලොග් ටෙලිවිෂන් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සම්පූර්ණ තරගාවලියම මෙරට ක්‍රිකට් ලෝලීන්ට සජීවීව නැරඹීමේ පහසුව සලසමින්, තරගාවලියේ සෑම නිමේෂයක්ම ඔවුන් වෙත ගෙන එන සුවිශේෂී චැනල් පැකේජයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

චැනල් පහකින් සමන්විත මෙම සුවිශේෂී පැකේජය රු. 350/- ක් සහ බදු වැනි සුළු මුදලකට සක්‍රිය කර ගත හැකිය. දින 50 ක් සඳහා වලංගු මෙම ක්‍රිකට් ලෝක කුසලාන චැනල් පැකේජයෙන් Star Sports 1, Star Sports 2, Star Sports 1 HD, Star Sports Select HD 1, සහ Star Sports Select HD 2 ඇතුළු නාලිකා ඔස්සේ ලෝක කුසලාන තරගාවලිය අසමසම අත්දැකීම්ක් ලෙසින් ඔබේ ආලින්දයට ගෙන ඒමට සමත් වේ. ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට MyDialog App එක හරහා මෙම විශේෂ පැකේජය සක්‍රිය කළ හැකිය. එමෙන්ම, “On <හිස්තැනක්> ඩයලොග් ටෙලිවිෂන් සම්බන්ධතා අංකය <හිස්තැනක්> 2023 යොදා 0770 679 679 අංකයට SMS කිරීමෙන්ද පැකේජය සක්‍රිය කිරීමේ හැකියාව ඇත. මෙම පැකේජය සක්‍රිය කිරීමෙන් පසුව, ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයින්ට කිසිදු ඩේටා හෝ Subscription ගාස්තුවකින් තොරව Dialog ViU App හරහා ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් ද තරගාවලිය නැරඹීමේ හැකියාව හිමිවේ. Dialog ViU Hub හෝ ViU Mini ඔස්සේ තරගාවලිය නැරඹීමට එක්වන ක්‍රිකට් ලෝලීන්ට තරග විකාශයෙන් පැය 72 ක් ඇතුළත catch up කර නැරඹීමේ පහසුවද ඩයලොග් ටෙලිවිෂන් සලසා තිබේ.

2023 ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින අපගේ ක්‍රීඩකයන් දිරිගන්වන්නට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඩයලොග් ටෙලිවිෂන් ආරාධනා කරයි.

MyDialog App ඔස්සේ සක්‍රිය කිරීම සඳහා – https://md.dialog.lk/KLz8 වෙත යොමු වන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division