Home » උතුරේ ගොයම් කපන්න ආ Kubota DC-93G යන්ත්‍රය

උතුරේ ගොයම් කපන්න ආ Kubota DC-93G යන්ත්‍රය

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳ‍ෙපාළට හඳුන්වාදෙන ලදි. මෙයට සමගාමීව හේලීස් ඇග්රිකල්චර් ආයතනයේ පාරිභෝගියෙකු වන යාපනයේ කිලායි හි පදිංචි, මහේස්වරන් කපිල්රාජ් වෙත මෙම යන්ත්‍රය පිරිනමමින් හේලීස් ඇග්රිකල්ච ආයතනය සිය ගමනේ තවත් සන්ධිස්ථානයක් උතුරුකරයේ සනිටුහන් කළේය. කුඹුරේ ස්වභාවය අනුව මෙම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය මඟින් දිනකට අක්කර 15ක පමණ උපරිම අස්වැන්නක් නෙළා ගත හැකි අතර වැටුණු ගොයමේ සහ එරෙන කුඹුරුවල ද පහසුවෙන් ගොයම් කැපිය හැකිය. හැකියාව සහිතය. වෙළෙඳ පොළේ ඇති අනෙකුත් සියලුම මාදිලිවලට සාපේක්ෂව Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය නවීන පහසුකම්වලින් සමන්විත වේ.

මෙහි ඇති ශක්තිමත් නිමාවෙන් යන්ත්‍රයේ දිගු කාලීන පැවැත්ම සහතික කරන අතර පුළුල් කැපුම් තල මඟින් වැඩි කාර්යක්ෂමතාවක් ලබා දෙයි. අලෙවියෙන් පෙර හා පසු විශිෂ්ට සේවාව සමඟින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කුබෝටා නියම අමතර කොටස් (Kubota Genuine Spareparts) ලබා ගැනීමේ පහසුකම් ද හේලීස් ඇග්රිකල්චර් ආයතනය වෙතින් ලබා දී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division