අඛණ්ඩව වසර 17ක් පුරාවට ලොව ප්රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, Warner Bros. Pictures සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළඹුණි. මෙම හවුල්කාරිත්වය හරහා ලොව පුරා පාරිභෝගික වෙළෙඳසැල් 65, 000කට අධික සංඛ්‍යාවක නරඹන්නන් ආකර්ෂණය කරගනිමින් Neo QLED 8K රූපවාහිනී තිර මත ඉතා ඕනෑකමින් බලා සිටි චිත්‍රපට පූර්ණ ප්‍රචාරණ පට ප්‍රදර්ශනය කරනු ඇත.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් Visual Display Business හි විධායක උප සභාපති Cheolgi Kim පැවසුවේ, මෙම හවුල්කාරීත්වය 8K තාක්ෂණය සඳහා වැදගත් ඉදිරි පියවරක්. එය Neo QLED 8K රූපවාහිනීවල හැකියාවන් ඉස්මතු කරන අතර සුවිශේෂී සිනමාරූපී උසස් තත්ත්වයේ චිත්‍රපට නැරඹීමට පාරිභෝගිකයින් උනන්දු කරනවා. Warner Bros. සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් Samsung හට ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ප්‍රියතම චිත්‍රපට අන් කවරදාටත් වඩා උසස් තත්ත්වයේ රූපමය අත්දැකීමක් ලබා දෙන්නේ කෙසේ ද යන්න ultra-premium රූපවාහිනී තාක්ෂණයෙන් පෙන්වීමට හැකියාව ලැබෙනවා.’’ යනුවෙනි. 8K තාක්ෂණය සඳහා ඇති උනන්දුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, Samsung සහ Warner Bros. මෙම වසර මුලදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාරිභෝගිත වෙළෙඳසැල් 450කට වඩා වැඩි ගණනක ‘Creed III’ චිත්‍රපටයේ පූර්ණ ප්‍රචාරණ පටය තිරගත කරමින් ඔවුන්ගේ හවුල්කාරිත්වය ආරම්භ කළේය