ශ්‍රී ලාංකේය ජාතිය බල ගැන්වීම වෙනුවෙන් නව අවස්ථා හඳුනා ගනිමින්, ඒවා උපයෝගී කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය CA Sri lanka විසින් සංවිධානය කරන ලද වරලත් ගණකාධිකාරීවරුන්ගේ 44 වැනි ජාතික සමුළුව පසු ගිය දා උත්සවාකාරයෙන් පැවැත්විණි.
ජාත්‍යන්තර ගණකාධිකාරී සම්මේලනයේ සභාපතිනි ආස්මා ටෙස්මොව්කි ගේ සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේ සමාරම්භක අවස්ථාවට ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රධානීහූ, ශ්‍රී ලංකා සහ ආසියා පැසිෆික් කලාපයේ ප්රමුඛ පෙළේ ගණකාධිකරණ වෘත්තිකයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. අභියෝගවලින් ඔබ්බට යමින් නව අවස්ථා ආකර්ෂණය කර ගැනීම (Beyond the Perfect Storm: Seizing the Opportunity යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර සමුළුව සාර්ථක සාකච්ඡා හරහා සහයෝගීතාව සහ අනාගතය සාර්ථකත්වය වර්ධනය කර ගැනීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව අපේක්ෂිත ය.