Coca-Cola Sri Lanka Ltd, ජයග්‍රාහී තෙවැනි වසරටත් ‘Adopt A Beach’ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ සිය මෙහෙවර සාඩම්බරයෙන් ඉදිරියට ගෙන යමින් සිටී. මෙම වැඩසටහන 2023 සැප්තැම්බර් 16 වන දින ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක විය.
ක්‍රෝ අයිලන්ඞ් (Crow Island Beach) වෙරළෙ හි දී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ දැනුම්වත් කිරීමේ සැසියක් පැවැති අතර මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පළාත් පාලන අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව, පරිසර පොලිස් කොට්ඨාසය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ ක්‍රෝ අයිලන්ඞ් වෙරළ කළමනාකරණ සමිතිය නියෝජනය කරමින් සහභාගී වූවන් වැඩසටහනට දක්වන ලද සහයෝගය වෙනුවෙන් කෘතඥ පූර්වක විය.
මීට අමතරව, විශේෂයෙන් මාධ්‍ය සහෘදයින් සහ ස්වේච්ඡා ක්ෂේත්‍ර හරහා පිරිසිදු ආරක්ෂිත වෙරළබඩ කලාප ගොඩනැඟීමට අපේ රටේ තරුණ තරුණියන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, මෙම අවස්ථාවට මාධ්‍ය ආයතනවල තරුණ තරුණියන් සහ තරුණ ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් ද සහභාගී කරවා ගැනිණි. Clean Ocean Force, සාගර විශ්වවිද්‍යාලයේ Clean Ocean Force Youth Club, මීගමුව Clean Ocean Force Youth Club, Rotaract Club Colombo Regent, Shri Vimukthi Youth Association, ජාත්‍යන්තර පාසල්වල තරුණ දරුවන් සහ Adfactors Public Relations Lanka හි තරුණ තරුණියන් මෙම අවස්ථාවට සහභාගී විය.