ඔක්තෝබර් 11 වැනිදා සියලු කටයුතු සඳහා සුබ දායක සිද්ධි සහ අමෘත යෝග උදා කරන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. එදින පෙරවරු 8.46 තෙක් මා නැකතත් ඉන් පසුව ලබන පුවපල් නැකතත් 12 වන සහ 13 වන තිථි සමඟ එක්වූ විට සිද්ධි සහ අමෘත යෝග උදා වේ.
සිද්ධි සහ අමෘත යෝග වෙනත් සුළු දෝෂ භංග කරන බැවින් සියලු කටයුතු සඳහා එදින දවස පුරාම සුබ පල උදා කරනු ඇත. එදින ජනතාවට සිය සුබ කටයුතු සඳහා යොදා ගැනීමට හැකිය.
කේතු හිමි මා නැකත පොතපත සම්බන්ධ කටයුතුවලට යෝග්‍ය බැවින් දරුවන්ට අකුරු කියවීම සහ ලේඛන කලාවේ නිරත අයට ගුරුභවතුන්ට තරග විභාග ආදියට පෙනී සිටින අයට මෙන්ම මුද්‍රණ කර්මාන්ත පොත්පත් සම්බන්ධ ආයතන වෙළෙඳසල් ආරම්භ කිරීමට සුබ යෝග උදා කරනු ඇත.
ඉන් පසුව ලබන පුවපල් නැකත වෙළෙඳාම් සම්බන්ධ කටයුතුවලදී යොදා ගැනීමෙන් අතිශය ලාභදායී සහ ප්‍රසිද්ධියක් ලබාගත හැකි වනු ඇත. ස්වර්ණාභරණ, මැණික් ව්‍යාපාර, සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි වෙළෙඳසල් විවෘත කිරීම මෙදින කළ හැකි වනු ඇත.
ගෘහස්ථ කටයුතු එනම් වාස්තු විද්‍යාවට අනුව එදින කෝණ මාසවලට ඇතුළත් දිනයක් වන බැවින් එවැනි කටයුතු සඳහා සුබ නොවන බවද සිහිපත් කරමි. අනෙක් සියලු කටයුතු මේ දිනය තුළ සිදු කළ හැකිය.
එදින රාහු කාලය යෙදී තිබෙන්නේ පෙ.ව. 11.57 සිට 13.27 දක්වාය. එම කාලය මඟහැර ඔබගේ නැකතට සීහුම් වන ආකාරයට කටයුතු කිරීම වැදගත් වේ.
පෙ. ව. 8.46 දක්වා පවතින මා නැකතින් කටයුතු කරන්නේ නම් අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් හිමියනට සුබ පල පමුණුවයි. ඉන් පසුව උදාවන පුවපල් නැකතින් කටයුතු කරන්නේ නම් අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, රෙහෙණ, හත, සුවන, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකත් හිමියනට සුබ පල උදා කරයි. එදිනට සුබ දිශාව වන්නේ නැඟෙනහිර දිශාවයි.
වසරේ මාස 12 දී මෙවන් සිද්ධි හා අමෘත යෝග බල පවත්වන දිනයන් අඩුය. එවන් දිනයක බුධ, ගුරු, සිකුරු, සඳු යන සුබ හෝරාවකදී එදින සුබ දිශාවට මුහුණලා කටයුතු කිරීම ජයග්‍රාහී අවස්ථාවන් වේ.
කෘෂිකාර්මික කටයුතුවලට ද මේ දිනය යෝග්‍ය වේ. කේතු නියෝජනය කරන වෘක්ෂය වන කෙසෙල් වගාවට අතිශයින් ලාභදායී වේ.
ඔබට මහා පරිමාණයෙන් නොවුණත් පෙ. ව. 8.46ට ප්‍රථම එක කෙසෙල් පැළයක් සිටුවා ඔබගේ අපල දුරු කර ගැනීම ද පොතපත පරිහරණය කරන දරුවන්ගේ අපල ද දුරු කර වාසනාව ළඟා කර ගැනීමද කළ හැකිය.
ආන්ද්රාදී අටවිසි යෝග චක්‍රයට අනුව මෙදින චර හා සුස්ථර යන තවත් යෝග දෙකකින් සමන්විත දිනයක්ද වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ