Home » ශිෂ්‍යත්ව ජය ගෙනෙන අති ප්‍රබල සෙත් කවි

ශිෂ්‍යත්ව ජය ගෙනෙන අති ප්‍රබල සෙත් කවි

by thanushika
October 7, 2023 12:36 am 0 comment

තෙරුවන බෝධි වන්දනා ආදිය කර පසුව ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම දෙවිවරුන් සහ ශ්‍රී සරස්වතී දේවිය වෙනුවෙන් මල් පහන් සුවඳ දුම්, බුලත් පඬුරු, වී පොරි ආදිය පුදා මෙම කවි තම දුව හෝ පුතු වෙනුවෙන් ද සෙත සැලසී ශිෂ්‍යත්වය සමත් කිරීමට පිහිට පැතීමට එක කවියක් 7 වරක් බැගින් ගායනා කරන්න. දින 7කි. රාත්‍රී 10.30ට පසු විශේෂයි. උදේ 06.00ත් 9.00ත් අතර ද මැනැවි. (උදේ – රාත්‍රී ක්‍රමයට වරු 7) සෑම දිනම දෙවියනට ආරාධනා කර එම දේව ස්තෝත්‍ර ගායනා කර සෙත් කවි ගායනා කිරීමට උනන්දු වන්න. සෙත් කවි ගායනයෙන් පසු කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය කර දෙවියන්ට පින් දී අවසන් කරන්න.

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණෙනි

සරද සඳ කිරි, සයුරු කොඳ විල, පොබයවන මෙන, පැහැද දන හද
සුරැඳ සමුදුරු, ගැඹුරු ගුණයෙනි, තෙදිනි යසසිනි, ‘ගොවිඳු‘ සුරරද
මෙසඳ පිහිටව, නැණින පොහොණව, දරු – දැරියනට, අසිරි සෙත බැඳ
පැහැද ‘ශිෂ්‍යත්වය‘, සමත් කළ, මැනැවි බාධක, අපල සිඳ බිඳ

ශ්‍රී කතරගම දිව්‍ය රාජයාණනි

සතත පැහැසර, කිරණ තරඟිනි සුරැඳ දස දිගු විහිද යසසර
හොබත රන සළු, බරණ දෙවුරිස, පැහැද වැඩ සිකි, යහන මනහර
සවත දෙව් රද, යොමුව දිව නෙත, දරු – දැරියනට නැණැ’ස පොබකර
සු’සෙත කරමිනි, ‘ශිෂ්‍යත්වය’, සමත් කළ මැන අරුණ නැගුයුර

ශ්‍රී සරස්වතී දිව්‍ය රාජිණියනි

සපිර මුදු මෙත කුළුණු ඈ සිව්, මව් ගුණෙනි සත, පැහැද පොබයන
සතර සිප් පතිනියව, සරසවි, දියත විල පිරි, පියුම විලසින
දුරැර බාධක, අපල පිහිටෙනි, දරු දැරියනට අසිරි සුසෙතින
මෙවර ‘ශිෂ්‍යත්වය‘ සමත් කළ මැනවි නැණයෙනි, අරුණ නැගුමෙන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division