පැරණි ඍෂිවරු විසින් මන්ත්‍ර ශාස්ත්‍රය කරන ලද්දේ පංචභූත ශක්ති අනුගමනය කිරීමෙන් යැයි විශ්වාස කෙරේ. ඉෂ්ට සහ අනිෂ්ට යන කොටස් දෙකකින් යුතු මෙම ශාස්ත්‍රීය විෂය සිංහල බසින්ද නිර්මාණය කිරීමෙහිලා අප රට විසූ ඍෂිවරුන්ද එම ක්‍රමවේද අනුගමනය කරනු ලැබිණ. ස්වර ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, ඡන්දස් ශාස්ත්‍රීය පද්‍ය ක්‍රමය ද අනුව සහජ කවිත්වයකින් යුතු මනා වූ බුහුටි බවකින් යුතු කවියෙකුගෙන්ම බලවත් ගුප්ත කාව්‍යයක් බිහි වේ.
සෙත් කවිය දුක් පීඩා, අපල, උවදුරු ආදී අසහනයට පත් අසරණ පුද්ගලයන්ට සහනය සලසන්නකි. වස් කවිය ද ඉතා දුෂ්කර කටුක දුක් විපත් සලසන්නකි. එකම ශාස්ත්රයේ එක් පැතිකඩකි. වස් කවිය සොරකම්, දාමරික, අසාධාරණ ක්‍රියාවන් කළ අධර්මිෂ්ඨයන්ට දඬුවම් පැමිණ වීමේ ක්රමයකි. මෙය සමාජ පාලන ක්‍රමයක් වශයෙන් ද සැලැකේ. සෙත් කවියෙහි යම් අඩුවක් හෝ වරදක් වුවහොත් එහි රචකයාට මෙන්ම අදාළ අයටද අයහපතක් සිදු නොවේ. එය නිෂ්ඵල හිස් කවියක් බවට පත් වේ. එහෙත් වස් කවියකදී අපේක්ෂා කරනුයේ අනුනට දුක් පීඩා, දඬුවම් පැමිණ වීමය. එහිදී ශාස්ත්‍රීය රීතින් නොඅඩුව ම ඉටු කළ යුතුය. වැරදි සහිත වස් කවියකින් රචකයාට මෙන්ම අදාළ අයටද අයහපත් බලපෑමකට ඉඩ සැලැසේ. එබඳු සිද්ධීන් පිළිබඳව තොරතුරු පවතී.
පැරණි ගුප්ත කාව්‍ය රචකයන් අතර කුංකුණාවේ හිමි, බරණ ගණිත වැනියන්ට එසේ පීඩා පැමිණි බවට තොරතුරු පවතී. භාෂාමය හා ව්‍යාකරණ ආදී දෝෂ බැවින් තදබල පීඩා නොවීය. තදබල අපරාධ වැනි අවස්ථාවකදී ඊට සුදුසු දඬුවම් පැමිණවියැ යුතු යැයි යනු අනුචිත ද නොවේ. මෙය කළ යුත්තේ ද වෛර චේතනාවෙන් තොරවය. එහිදී සෙත් කවි කරණයෙහි අනුගමනය කළ යුතු ශබ්ද ශාස්ත්‍රීය ක්‍රමවේදය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් මෙහි සඳහන් කිරීමට අදහස් කෙරේ.
නාමකරණය, ආශිර්වාද පත්‍ර, ස්තුති පත්‍ර, නිවාස හා ව්‍යාපාර නාම, රැකියාවන්ට පිටත් වීම, රජයේ හෝ ආයතන ප්‍රධානීන්, මැති ඇමැතීන් ආදී ප්‍රභූන් හමුව, දෙසුම් ඇරැඹීම ආදී කටයුතු වෙනුවෙන් ද සෙත් කවි රීතිය අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව පෙනේ. සාමාන්‍ය කාව්‍ය රචනාවන්හිදී මෙන්ම යම් ග්‍රන්ථයකට නාමයක් යෙදීම එහි ආරම්භය ද සෙත් කවි රීතියට අනුව යොදා ගැනීමෙන් ජනප්‍රියත්වයට පත්වූ අවස්ථා පවතී.
ශබ්ද ශාස්ත්‍රය හැසිරවීමට අවශ්‍ය අක්ෂර නියමයේ සිට සෙත් කවියක් නිර්මාණය සඳහා ක්‍රමවේදය ඉදිරි ලිපි තුළින් දැක්වේ.
ජ්‍යොතිෂවේදී විශාරද විශ්‍රාමික ආචාර්ය පියදාස කළන්සූරිය