Home » පහනක් දල්වනවා සිහිනෙන් දුටුවොත්

පහනක් දල්වනවා සිහිනෙන් දුටුවොත්

by thanushika
October 7, 2023 12:41 am 0 comment

(1) සුදු හෝ පිරිසිදු ඇඳුමකින් සැරසී ගමනක් යන අයුරු – සමීපතමයෙකුට මරණයක් හෝ සමීපතම අයෙකුට දරුණු විපතක් අසන්නට ලැබේ.

(2) බුලත්විට කොටන කුඩා වංගෙඩියක් – තරමක ධන ලාභයක් හදිසියෙන් ලැබේ.

(3) කෙනෙක් බුලත්විට කොටන අයුරු – තමන් සමාජයේ ඇගයීමකට ලක්වේ.

(4) බුලත් අතක්, බුලත් හෙප්පුවක් – තමාගේ නිවසේ හෝ තමාට සමීපතමයෙකුගේ නිවසේ දැරියක වැඩිවියට පත්වූ පුවත ඉතාම ඉක්මනින් අසන්නට ලැබේ.

(5) විශාල නුග ගසක් – මෙම සිහිනය ද දැරියකගේ වැඩිවිය පැමිණීම පිළිබඳව පෙරනිමිති පෙන්වීමකි.

(6) මාළු කපන අයුරු – බල්ලෙකු, බළලෙකු වැනි සතෙකු සපා කෑමට ඉඩ තිබේ.

(7) රතු වද මල් පොකුරක් – ප්‍රවේශම් වන්න. සර්ප දෂ්ටනයක් සිදුවිය හැකියි.

(8) විශාල පෙට්ටියක් දැකීම – ඔබේ නිවසේ වහලයේ කොනක් දිරාපත්ව කඩා වැටෙන්නට පුළුවන.

(9) ගොනෙක් විසින් කරත්තයක් ඇදගෙන යයි – පදිංචි නිවස අත්හැර වෙනත් නිවසකට යාමට සිදුවේ.

(10) දෙහි ගසක්, දෙහි ගෙඩි – ඔබ පදිංචි භූමියේ අමනුෂ්‍ය බලපෑම් තිබේ.

(11) පොළොවේ ඇවිද යන වඳුරෙක් – ඔබේ නිවසට හානියක් සිදුවිය හැකි ඉවුරක් හෝ ගල් සහිත කඳු ගැටයක් නිවස සමීපයේ තිබේනම් අවධානයෙන් සිටින්න.

(12) ගෙම්බන් පැන පැන යන අයුරු – ජලය මුල් වීමෙන් කිසියම් දබරයක් ඇතිවේ.

(13) කවුඩා – පවුලේ කෙනෙක් හදිසි අනතුරකට ලක්වේ.

(14) ස්ත්‍රියක් මුදල් ඉල්ලමින් නිවසට පැමිණීම – යටපත්ව තිබුණු රෝගයක් තිබුණාටත් වඩා දරුණු ලෙස මතුවිය හැකිය.

(15) පෙරහරක නටන නැට්ටුවන් – නොකළ වරදකට සැකකරුවෙකු වන්නට සිදුවේ.

(16) තමන් ගසක් කපන ආකාරය සිහිනෙන් දැකීම – සමීපව ඇසුරු කළ කෙනෙක් හේතුවක් නැතිවම අමනාප වන්නට ඉඩ තිබේ.

(17) මියගිය පුද්ගලයෙක් සමඟ කතාබස් කරන අයුරු – තමන් අතින් සිදුවූ සුළු වැරැද්දක් ඉතාම බරපතළ තත්ත්වයට පත්වේ.

(18) තමන් දිය නාමින් සිටින අයුරු – ආරම්භ කරන්නට සැලසුම් කළ කටයුත්ත අසාර්ථක වේ.

(19) දෙමලිච්චන් කෑගසමින් පොරකන අයුරු – දරුණු කෝලාහලයකට තමන්ගේ ඥාති කෙනෙකු ද පැටලෙන්නට ඉඩ තිබේ.

(20) බස්සෙකුගේ ‘හුම් හුම්‘ හඬ සිහිනෙන් අසන්නට ලැබීම – තමන් පිළිබඳව නැත්නම් තම පවුලේ කෙ‍නෙකු පිළිබඳව නින්දාසහගත පුවතක් අසන්නට ලැබේ.

(21) තමන් විසින් පහනක් දල්වන අයුරු – ආරම්භ කළ වැඩ කටයුතු සාර්ථක වේ.

(22) ළිඳකින් ජලය ගන්නා අයුරු – රෝගයක් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවේ.

(23) රතිඤ්ඤා දල්වන අයුරු – තමන්ගේ හොඳ නම පැතිරේ.

(24) මිනිසෙකු මරා දමා තිබෙන අයුරු – නීති මඟින් තමන්ට අවාසිදායක තීන්දුවක් ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුදත් රත්නායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division