2022(2023) අ.පො.ස. උසස්පෙළ වාණිජ අංශයෙන් දිවයිනේ දක්ෂතමයින් ඇගැයීමේ උත්සවය 2023 සැප්තැම්බර් 25 වන දින විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්් AAT ආයතනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.
2022(2023) අ.පො.ස. උසස්පෙළ වාණිජ අංශයෙන් දිවයිනේ ඉහළම ප්‍රතිඵල ලාභී දරුවන්10 දෙනාගෙන් 05 දෙනෙකුම ශ්‍රී ලංකා ගණකාධිකරණ ශීල්පිීය ආයතනය වන AAT ආයතනයේ වන අතර දිවයිනේ වැඩිම ලකුණු හිමිකරගත් දරුවන් 100 දෙනාගෙන් 38 දෙනෙකුම AAT පාඨමාලාව හැදෑරු දරුවන් වීම විශේෂත්වයකි.
2022(2023) වසරේ වාණිජ අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් දිවයිනේ 2 වැනි ස්ථානය හිමිකරගත් ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ පසිඳු හේෂාන් සහ 8 වැනි ස්ථානය හිමිකරගත් සඳුනි පීරිස් යන දෙදෙනාම තම අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයෙන් පසු AAT ආරම්භකර ඇති අතර අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙර AAT අදියර 3ම අවසන්කර ඇත. මෙම ජයග්‍රහණය මුදුන් පමුණුවා ගැනීම උදෙසා AAT අධ්‍යාපනය හරහා ලබාගත් දැනුම සහ පන්නරය සුවිසල් දායකත්වයක් ලබාදුන් බව ඔවුන්ගේ මතයයි.
තවද මෙවර අ.පො.ස. උසස් පෙළ වාණිජ අංශයෙන් ඉහළින්ම දස්කම් පෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයින් 10 දෙනාගෙන් 07 දෙනෙකු AAT සිසුන්වන අතර රත්නපුර, පුත්තලම, මාතලේ, අනුරාධපුර, පොලොන්නරුව, කෑගල්ල, අම්පාර, යාපනය, කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ප්‍රතමයින් AAT පාඨමාලාව හැදෑරු දරුවන්වේ.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විභාග කොමසාරිස් ජනරාල් H.J.M.C අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ. වර්තමාන තරගකාරී ලෝකයේ අධ්‍යාපන සුදුසුකම් පමණක් නොව ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත වෘත්තීය සුදුසුකමක් ද තිබීම දරුවකුගේ අනාගත සාර්ථකත්වයට ඉතා වැදගත් වන බවයි. එමෙන්ම ඇහැලියගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ විදුහල්පතිනිය D.M.S.K දිසානායකමැතිනිය, AAT ආයතනයේ සභාපති නලින්ද සිල්වා මහතා. AAT ආයතනයේ උප සභාපති ජගත් නන්දන පෙරේරා, ශිෂ්‍ය ප්‍රවර්ධන සහ අලෙවි කමිටුවේ සභාපති, ලහිරු ජයසිංහ මහතා, අධ්‍යාපන හා පුහුණු කමිටු සභාපති කපිල රණසිංහ මහතා, AAT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටිෂාංග කුමාරසිංහ මහතා, පාලක සභා සාමාජිකයින්, සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.