ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන මේ මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරයි.
මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව පැවසූ රාජ්‍ය ඇමැති කනක හේරත්, ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන බවත් එය 2030 වන විට 15 % ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.
ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මඟින් හැකි වනු ඇත. ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ඇමැති කනක හේරත් අවධාරණය කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “DIGIECON 2030” මාධ්‍ය සාකච්ඡාවකදීය.
රසික කොටුදුරගේ