Home » වැටුණු රට ගොඩ ගන්න අපි ජනතාව සමඟයි

වැටුණු රට ගොඩ ගන්න අපි ජනතාව සමඟයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

by Mahesh Lakehouse
October 7, 2023 12:29 am 0 comment
සුභාෂිණී ජයරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කලින් ඉදිරිපත් කළ කොන්දේසි රජය බොහෝ දුරට සපුරා ඇති බවත්, මේ ගමන ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව සෑහෙන සටනක් ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිළුමිණට ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේද පැවසීය “ මේ ක්‍රියාත්මක කරන කිසිදු දෙයක් ජනප්‍රිය ක්‍රියාමාර්ග නොවන බව අපි පිළිගත යුතුයි. සමහරු කියනවා දුෂණය වංචාව නැති කළා නම් මේ රට ගොඩ එන බව. එහෙම ගොඩ ගන්න බැහැ. එයට වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. දූෂණය වංචාව නැති කිරීම හරහා එක පාරටම රට ගොඩ යන්නේ නැහැ.

ඒ සඳහා වැඩ පිළිවෙළක් තිබිය යුතුවා සේම ජාත්‍යන්තරය සමඟ එකතු විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. පෞද්ගලික අංශයට තැනක් ලැබිය යුතුයි. දූෂණ නැති කරන්න පුළුවන් කියලා කටින් කියලා වැඩක් නැහැ. මෙවැනි කොන්දේසිවලට අපිට එකඟ වෙන්න පුළුවන් නම් සාර්ථකත්වය ඇත්තේ එතැනයි.

දේශපාලන වාසි තකා නොයෙකුත් අයට නොයෙකුත් කතා කියන්න පුළුවන් බවත් මේ අවස්ථාවේ සියල්ලටම වඩා රට ගැන සිතිය යුතුයි. රට වැටුණු තැනින් ගොඩ ගන්න උත්සාහ කළ යුතුයි. පටු දේශපාලනයක හිර වෙන්න බැහැ. අපි මේ ආණ්ඩුවේ නැහැ. මේ කැබිනෙට්ටුවෙත් නැහැ. අපි එකතු වෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට එය කියලයි තියෙන්නේ. නමුත් අපි මේ රටේ මිනිස්සුත් එක්ක ඉන්නවා. අපි ජනතාගේ සුබ සිද්ධිය සඳහායි මේ සටන් කරන්නේ. IMF දොර වහන්න, වෙන විකල්පයක් තියෙනවා කියලා බොරු කියන්න අපිට බැහැ. වැටුණු රට ගොඩ ගන්නේ කොහොමද කියන තැනයි අපි සිටින්නේ…..“

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division