චි කාලේ පන්තියේදී ටීචර් අහනවා ලොකු වුණාට පස්සේ කවුද වෙන්නේ කියලා. හැමෝම තමන් ආස රැකියාවන් ගැන කියනවා. ඒත් ඒ කියන රැකියා හෝ හීන පස්සේ දුවලා ඒවා සැබෑ කර ගන්නේ අතළොස්සයි.. ඉසුරු ගුණතිලක කියන්නෙත් පුංචි කාලේ ඉඳලා මාධ්‍ය රැකියාවට ආස කරපු චරිතයක්. ඔහු ඒ හීනේ විතරක් නෙමෙයි අඩු වයසින් චිත්‍රපටයක් කරන්නත් හීන දකිනවා. ඒ හීනේ ඔහු පසුගියදා සැබෑ කර ගන්නවා. ඒ ශේෂ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින්.. ප්‍රංශයේ චිත්‍රපටකරණය ගැන ඉගෙන ගත් ඔහු ලංකාවේ බිහි වූ ශේෂ ලෝකයට ගෙන යන්න උත්සාහ කරන තරුණයෙක්.
ඉසුරු කියන්නේ කවුද ..?
කුරුණෑගල මැල්සිරිපුර ඉපදිලා එහේ ජීවත් වෙලා ඉගෙන ගත්ත මම දැන් පැරිස්වල ජීවත් වෙන්නේ. මෙහෙට මම ආවේ වැඩිදුර අධ්‍යාපනයට. ඒත් එක්ක මෙහේ ජොබ් එකක් කරගෙන ජීවත් වෙනවා. ඔය අතරේ තමයි සිනමාපටයක් කරන්න ඕන කියලා හිතුවේ. ඒ වගේම මම සිනමාව හදාරනවා.
කොළඹට ඇවිත් ලෝකෙට යන්න උත්සාහ කරන ඔබ මේ විෂයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියමු..?
මම පාසල් යන කාලේ හරිම ලැජ්ජාශීලි දරුවෙක්. මගේ එක ගුරුවරියක් මාව බලෙන්ම පාසල් නාට්‍ය තරගයකට යොමු කරනවා. පළාත් නාට්‍ය තරගයෙන් මම කළ චරිතයට මට හොඳම නළුවාට හිමි සම්මානයක් ලැබෙනවා. එදා තමයි මම හිතුවේ මට රඟපෑමේ හැකියාවක් තියෙනවා කියලා. එතැනින් පස්සේ නළුවෙක් වෙන ආසාව තිබ්බා. ඊට පස්සේ මම උසස් පෙළ කළේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළ අවුරුදු එකහමාරක් ඉගෙන ගෙන විභාගය නොකර යූත් එකේ මොඩ්ලිං ඇකඩමියට යනවා. ඒ වගේම රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් ඉගෙන ගන්නවා.. ඔය අතරේ ටිවී චැනල් එකක වැඩ කරන්න ආසාවක් ආවා. මම ඉගෙන ගන්න අතරතුර වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ වගේම හිරු හා දෙරණ නාළිකාවේ කෙටි කාලයක් වැඩ කරමින් මගේ ආසාවන් ඉෂ්ට කර ගත්තා.
තවමත් ඉගෙන ගන්න ඔබට ශේෂ අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කිරීම අභියෝගයක් නෙමෙයි ද..?
ඒක ලොකු අභියෝගයක්. මහන්සියෙන් ඉපැයූ මුදල් එකතු කරලා මම මෙය නිෂ්පාදනය කළේ. මම මෙහේ පිරිසක් එක්ක කෙටි චිත්‍රපට දෙකක් කළා. ඒවාට සම්මාන ලැබිලා තියෙනවා. මම හිතාගෙන හිටියේ තව කෙටි චිත්‍රපටයක් කරන්න. නමුත් කෙටි චිත්‍රපටයක් කරන්න යට කරන වෙලාවේ හොඳ කලාත්මක චිත්‍රපටයක් කරන්න ඕන කියලා හිතුවා. ඒකට ගැළපෙන කතාව තමයි ශේෂ ඇතුළේ තියෙන්නේ. මෙය නිෂ්පාදනය කරන්න නිෂ්පාදකවරයෙක් කැමති වුණා. නමුත් මම හිතුවා මේ වැඩේ මම ම කරනවා කියලා. තව කෙනෙකුගේ මුදල් වියදම් කරලා එය උපයන්න බැරි වුණොත් හෝ ප්‍රමාද වුණොත් කියන බය මට තිබ්බා. ඒ නිසා බාධක මැද වුණත් මම මේ අභියෝග භාර අරගෙන කරගෙන ගියා. අතරමඟදි ප්‍රශ්න ගොඩක් ආවා. ඒත් මාව විශ්වාස කරලා සම්බන්ධ වූ කලාකරුවන්ට අසාධාරණයක් කරන්න බැරි නිසා අවසන් කළා. දැන් චිත්‍රපට ය අවසන් අදියරයේ තියෙන්නේ .
ශේෂ ලෝකයේ බොහෝ රටවල තිරගත කරලා තමයි ඔබ ලංකාවේ තිරගත කරන්න අදහස් කරගෙන ඉන්නේ..?
ඔව්. මුලින්ම පැරිස්වල ලබන මාර්තු තිරගත කරන්න සැලසුම් කරගෙන යනවා. ඊට පස්සේ යුරෝපීය රටවල් කිහිපයක තිරගත කරලා ලංකාවේ තිරගත කරන්න ලෑස්ති කරන්න ඉන්නේ. ඒකට හේතුව තමයි මේ චිත්‍රපටයෙන් අපේකම ලෝකෙට ගෙන යෑම. ඒ වගේම මම චිත්‍රපටය කළේ මුදල් හම්බකරන්න නෙමෙයි. නමුත් අඩු තරමින් මට වියදම් වූ මුදල හෝ ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. කලාත්මක නිර්මාණයක් නිසා බොහෝදෙනෙක් නරඹයි කියලත් හිතනවා.
ඇයි නැට්ටුවෙකුගේ කතාවක් සිනමාවට ගෙන එන්නේ..?
මම ප්‍රංශයට ආ මුල් කාලේ මගෙන් කොහෙද කියලා අහපු විදේශිකයන්ට මම ලංකාවේ කිව්වම ලංකාව දන්නෙ නැහැ . නමුත් අර කලර් ෆුල් නැටුම් තියෙන රටද ඇහුවා. අලි එක්ක පෙන්නන. ඒ කියන්නේ දළදා පෙරහැර. ඔවුන් එයට ආසයි. අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන දළදා පෙරහැර හා සාම්ප්‍රදායික නැටුම අවසානයේ ශේෂයක් වෙන්න මම ශේෂ කළා. ශේෂ හී කියැවෙන්නේ නැටුම් ගුරුන්නාන්සේ කෙනෙක් තමන්ගේ පුතාව දළදා පෙරහැරේ නැට්ටුවෙක් කරන්න ආසවෙන් ඉන්න හා එහා වටා ගෙතුණු කතාවක්.
ඔබ සිනමාකරණයට නවකයෙක්. ඒත් ඔබේ සිනමාපටයේ ඉන්නේ දැවැන්ත චරිත. ඔවුන් ඔබත් එක්ක වැඩ කරන්න මුලින් ප්‍රතික්ෂේප කළේ නැද්ද ..?
චන්දන වික්‍රමසිංහ සර් මම හඳුනගෙන හිටියා කලින්. එතුමා එක්ක කතා කළාට පස්සේ ඔහු තමයි රවි බන්දු මහත්තයාව මේ වැඩේට සම්බන්ධ කරන්නේ. උමාලි තිලකරත්න දක්ෂ නිළියක්. ඒ නිසා ඇයට කතා කළා. උමාලි අක්කා එක්ක මම සමහර දවස්වලට පාන්දර වෙනකල් කතා කළා. එයා අහන ප්‍රශ්නවලට උත්තර දීලා මට මහන්සිය දැණුනා. මගේ වැඩේ පිළිවෙළක් ඇති හා උනන්දුව මත ඇය මාව විශ්වාස කරලා වැඩේට ආවේ. හැමෝම මට ලොකු සහයක් දුන්නා මම නවකයෙක් නොහිතා. ප්‍රතික්ෂේප නොකර මට ඇහුම්කන් දීල වැඩේ ගැන පැහැදිලයි හැමෝම චිත්‍රපටය කරන්න එක් වුණේ.
හර්ෂණී වීරරත්න