ලග්න මාලාවේ පළමු ලග්නය මේෂ ලග්නය වේ. ඒ අනුව මේෂ ලග්න හිමියන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙවර බලාපොරොත්තු වෙමි. සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව මේෂ ලග්න හිමියන්ට ඉදිරියේදී තීරණාත්මක සිදුවීම් සිදුවන කාල වකවානුවක් ලෙස 2023 වසරේ නොවැම්බර් 16 වනදාත් 2023 වසරෙහි දෙසැම්බර් 28 වනදාත් අතර කාල වකවානුව දැක්විය හැකිය. එම කාල වකවානුව තුළ මේෂ ලග්න හිමියන්ගේ රැකියාවේ රාජකාරි ලැයිස්තු වෙනස් වීමට ඉඩකඩ ඇත. තවද එම කාල වකවානුව තුළ මේෂ ලග්න හිමියන්, රැකියාවේ ස්ථාන මාරු වීම් බලාපොරොත්තු වන්නේ නම් ඒවා ඉටුකර ගැනීමට භාග්‍යය උදා වනු ඇත. නොඑසේ නම් ඔබේ ස්ථාන මාරුවීම් ලැබෙන්නට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස 2023 වසරේ නොවැම්බර් 16 වනදාත් 2023 වසරේ දෙසැම්බර් 28 වනදාත් අතර කාල වකවානුව තුළ මේෂ ලග්න හිමියන්ගේ රැකියාව කරන ගොඩනැඟිල්ල හෝ රැකියාව කරන කාමරය හෝ රැකියාව කරන කාර්ය මණ්ඩලය වෙනස් වීමට ද ඉඩකඩ ඇත.
එමෙන්ම ඉහත කාල වකවානුව තුළ මේෂ ලග්න හිමියන් රැකියාවෙන් උසස් වීම් බලාපොරොත්තු වන්නේ නම් බාධක මධ්‍යයේ හෝ ඒවා ඉටුකර ගැනීමට ද භාග්‍යය උදා වනු ඇත. එමෙන්ම මේෂ ලග්න හිමියන් අලුත් රැකියාවක් සොයන්නේ නම් 2023 වසරෙහි නොවැම්බර් 16 වනදාත් 2023 වසරෙහි දෙසැම්බර් 28 වනදාත් අතර කාල වකවානුව තුළ එම බලාපොරොත්තු ඉටුකර ගැනීමට භාග්‍යය උදා වනු ඇත.
විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දර සටහන්වල චන්ද්‍ර ග්‍රහයා 11 වන භාවය තුළ තැන්පත් නම් ඔවුන්ට 2025 වසරේ මාර්තු 29 වනදා දක්වාම තදබල ඒරාෂ්ටක කාලයක් ගත වන අතර එම ඒරාෂ්ටක කාල වකවානුව මේ වන විටද ආරම්භ වී ඇත. එමෙන්ම ඔවුන්ගේ උත්පත්ති කේන්දර සටහන්වල චන්ද්‍ර ග්‍රහයා 10 වන භාවය තුළ හෝ 12 වන භාවය තුළ තැන්පත්ව ඇත්නම් ද යම් තාක් දුරකට ඒරාෂ්ටක පවතී.
මීට අමතර ලෙස සෑම සෙනසුරාදා දිනකම නිර්මාංශව සිට ඒ පුණ්‍ය ශක්තියෙන් අපල දුරු වන ලෙස සිතීම සුදුසුය. මීට අමතර ලෙස සෑම සෙනසුරාදා දිනකම උදෑසන කාලයෙහි හෝ දවසෙහි ඕනෑම වේලාවක තෝරා ගත් අසරණ පුද්ගලයෙකුට සුළු හෝ මුදලක් පරිත්‍යාග කර අපල දුරු වන ලෙස සිතීම සුදුසුය. එමෙන්ම ඉහත කී ඒරාෂ්ටක කාල වකවානුව ගත කරන මේෂ ලග්න හිමියන් එම කාල සීමා තුළ අසනීප පිළිබඳව ද, අනතුරු පිළිබඳව ද, රැවටිලිවලට හසුවීම පිළිබඳව ද, සතුරු බාධා පිළිබඳව ද, සොර සතුරු උපද්‍රව පිළිබඳව ද වෙනදාට වඩා සැලකිලිමත් වීම නුවණට හුරුය.
ඉදිරියේදී සිදුවන ග්‍රහ මාරු පිළිබඳව සලකද්දී 2023 වසරේ ඔක්තෝබර් 30 වනදා සිදුවන රාහු සහ කේතු මාරුවලට අනුව 2023 වසරේ ඔක්තෝබර් 30 වනදායින් පසුව එළඹෙන වසර එකහමාරක කාල සීමාව තුළ මේෂ ලග්න හිමියන් අසනීප පිළිබඳව සහ සතුරු බාධක පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය.
විශේෂයෙන්, 2024 වසරේ මැයි 1 වනදා ගුරු ග්‍රහයා වෘෂභ රාශිය කරා පිවිසීමට අනුව 2024 වසරේ මැයි 1 වනදායින් පසුව එළඹෙන වසරක පමණ කාල සීමාව තුළ මේෂ ලග්න හිමියන්ට ධන ලාභ පෙන්නුම් කරන අතර දේශන පැවැත්වීම්, කතා පැවැත්වීම් ආදිය වෙනදාටත් වඩා සාර්ථක කර ගැනීමට භාග්‍යය උදා වනු ඇත.
2025 වසරෙහි මාර්තු 29 වනදා සිදුවන ශනිගේ මහා ග්‍රහ මාරුවට අනුව 2025 වසරෙහි මාර්තු 29 වනදායින් පසුව එළඹෙන මාස 30ක පමණ කාල සීමාව තුළ මේෂ ලග්න හිමියන්ට බෙහෙවින් කාර්යබහුල වීමට සිදු වනු ඇත. එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරවලට අනුව 2027 වසරෙහි ජුනි 9 වනදාත්, 2027 වසරෙහි ඔක්තෝබර් 5 වනදාත් අතර කාල සීමාව තුළ සහ 2028 වසරේ පෙබරවාරි 28 වනදාත් 2030 වසරෙහි අප්‍රේල් 19 වනදාත් අතර කාල සීමාව තුළ මේෂ ලග්න හිමියන්ට ඉතා තීරණාත්මක සහ ඉතා ආන්දෝලනාත්මක කාල වකවානුවක් ගත වන බව පෙනේ.
———————————————-
රාහු කාලය
ඔක්තෝබර් 09 සිට ඔක්තෝබර් 22 ඉරිදා දක්වා
16 සඳුදා
දිවා 07.26 – 08.57 දක්වා
රාත්‍රී 19.25 – 20.56 දක්වා
17 අඟහරුවාදා
දිවා 14.55 – 16.25 දක්වා
අලුයම 02.56 – 04.27 දක්වා
18 බදාදා
දිවා 11.56 – 13.26 දක්වා
රාත්‍රී 23.56 – 01.26 දක්වා
19 බ්‍රහස්පතින්දා
දිවා 13.25 – 14.55 දක්වා
අලුයම 01.25 – 02.56 දක්වා
20 සිකුරාදා
දිවා 10.25 – 11.56 දක්වා
රාත්‍රී 22.25 – 23.56 දක්වා
21 සෙනසුරාදා
දිවා 08.56 – 10.26 දක්වා
රාත්‍රී 20.54 – 22.25 දක්වා
22 ඉරිදා
දිවා 16.23 – 17.53 දක්වා
අලුයම 04.26 – 05.57 දක්වා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස