Home » ඔබේ ජ්‍යොතිෂ ගැටලුවට‍ විශ්ව ශාස්ත්‍රයෙන් විසඳුම්

ඔබේ ජ්‍යොතිෂ ගැටලුවට‍ විශ්ව ශාස්ත්‍රයෙන් විසඳුම්

පේරාදෙණියේ කේ. ඇම්. ගුණරත්න, ගාල්ලේ එච්. ඒ. චාලට්, මහරගම ඉනෝකා දිලානිට පිළිතුරු

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

පිළිතුරු විශ්ව ශාස්ත්‍රඥ මියුරු සම්පත් ලියනගේගෙන්

ප්‍රශ්නය – මාගේ දරුවාගේ අධ්‍යාපනය, අසනීපයන් සහ ඉදිරි අනාගතය කෙසේ ද?

ජ්‍යොතිෂ විග්‍රහය – සිංහ ලග්නයෙන් ජන්මය ලත් දරුවාගේ නැකත බවට පත්වී තිබෙන්නේ කැති නැකතයි. දරුවාගේ අධ්‍යාපන තත්ත්වය ගතහොත් වර්තමානයේ ගත කරමින් සිටින්නේ සඳුගේ මහ දශා කාලයයි. එම කාලය වයස අවුරුදු 15 වන තෙක් ගත කරමින් සිටී. මෙකී සඳුගේ කාලය ගත කරන විට දරුවාට යම් ආකාරයක මන්දගාමී, නිදිමත ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඊට අමතරව සෙම්, පිත මට්ටම වෙනස් වීම වැනි සාමාන්‍ය රෝග ලක්ෂණයන් සුලබ වශයෙන් පෙන්නුම් කෙරේ.

දරුවා බෙහෙවින් ආසාවක් දක්වන බව පෙන්නුම් කරන ක්‍රිස්පි ගතියට. තෙලෙන් සකසන ලද බදින ලද ආහාර වර්ගවලට විශේෂ ලැදියාවක් දක්වනවා. වැඩිදුර සඳහන් කළොත් කෘතිම ආහාර සඳහා දරුවාගේ රුචිකත්වය වැඩියි.

ඒවා අවම කිරීමෙන් දරුවාට පවතින රෝග තත්ත්වයන් බොහොමයක් අඩුකර ගත හැකියි. එසේම දරුවාගේ ප්‍රතිශක්තීකරණය පිළිබඳව දෙමාපියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. දරුවාගේ නිරෝගී බවට අධ්‍යාපනයේ පැවැත්මට සහ ජවයට එම තත්ත්වයන් බාධා ඇති කරන නිසා හැකි සෑම විටම ස්වාභාවික ආහාර සඳහා දරුවා යොමු කළ යුතුයි. එය දරුවාගේ අධ්‍යාපනයට සහ නිරෝගී පැවැත්මට අවශ්‍ය පරිසරයට බොහෝසේ බලපානවා. ක්ෂණික අමතකවීම් සහ දන්නා දේ වරදින අවස්ථා සුලබ ලෙස දරුවා තුළ පවතිනවා. එයට හොඳම විසඳුමක් ලෙස විශ්වයේ ගුරුත්ව කේන්ද්‍රයේ තිබෙන උතුරු ඊසාන දිශාවට මුහුණලා පාඩම් කිරීමත්, පුළුවන් තරම් උදෑසන කාලයේ අධ්‍යාපනයට යොමු කිරීමත් කළ යුතු බුද්ධිමත්ම කාරණයයි.

දරුවාට හොඳ ප්‍රතිඵලදායී තත්ත්වයක් ලබා ගැනීමට හැකි කාල වකවානුවක් ලෙස 2025, 26, 27 යන කාලයන් සැකැසෙනවා ඒ තත්ත්වයන් සමඟින්. දරුවාගේ උසස් අධ්‍යාපනය මෙරට සේම මෙරටින් පරිබාහිරවත් පිහිටා තිබෙන කේන්දරයක් ලෙස මේ දරුවාගේ කේන්දරය සැකැසී තිබෙනවා. එය සුබවාදී සහ විශේෂ තත්ත්වයකි. එම නිසා ඉතා උසස් තත්ත්වයන් රැසක් අනාගතයේදී දැකිය හැකි ආකාරයක්ද මේ කේන්දරයෙන් පෙන්නුම් කෙරේ. මොකද මේ කේන්දරයේ පැහැදිලිවම ගුරු හංස නමැති යෝගය සහ රුචක නම් යෝග භාවය තියෙනවා.

එම නිසා දරුවාගේ අනාගතය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂත්වයකට පත්කළ හැකියි සෞඛ්‍යමය වශයෙන් තිබෙන බාධා තත්ත්වයන් ඉවත්කර ගතහොත්. අසනීප ලෙස අත් කැක්කුම්, රුධිරයේ පවතින සංඝටක ශක්තිය වෙනස් වීම්, නිදිමත ස්වරූපය නැතිනම් උදාසීන බව වැනි දේ ආහාර රටාව නිසි ලෙස පාලනය කරගතහොත් ඉතා ඉක්මනින් වෙනස් කරගත හැකියි.


එච්. ඒ. චාලට් – ගාල්ල

ප්‍රශ්නය – මාගේ පුතුගේ අනාගත ජීවන තොරතුරු කෙලෙස ද? ඔහුට තිබෙන ග්‍රහ අපල තත්ත්වයන් සහ ඊට පිළියම් ද පවසන්න?

ජ්‍යොතිෂ විග්‍රහය – ඔබේ පුතුගේ කේන්දරයට අනුව ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වී තිබෙනවා. විශ්ව කේන්දරයේ සෙනසුරු වර්තමානයේ කුම්භයේ ගත කරනවා. අනාගතයේ මීනයට පැමිණෙනවා. මේ වන විට ක්‍රමයෙන් ලග්න ඒරාෂ්ටකයකට අරඅඳිමින් සිටින කාලයක්. එම නිසා බොහෝ පරෙස්සම් විය යුතු කාලයකි. ඉතා හොඳින් සෞඛ්‍යමය වශයෙන් පරෙස්සම් විය යුතුයි. නිධන්ගත රෝග තත්ත්වයක් අනාගතයේදී හට ගැනීමට හැකියාවක් පවතිනවා. එම නිසා දැඩි අවධානයකින් ගත කළ යුතුයි. 2025 අප්‍රේල් 01 වැනිදායින් පසු උදාවන කාලය දැඩි අවධානයකින් ජීවත් විය යුතුයි.

ඒ වගේම ගෘහස්ථය සහ ගෘහස්ථ බැඳීම් අතරත් යම් ප්‍රශ්න/ගැටුම් නිර්මාණය වූ කාල ලෙස 2021 වසරෙන් පසු නිර්මාණය වූ 2022 වසරේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාසත් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසත් සඳහන් කළ හැකියි. නිවසේ අයත් යම් යම් ආතතියට පත්වූ කාලයක් ලෙසත් පෙන්නුම් කරනවා. එම නිසා හොඳ කළමනාකරණයක් ඉදිරි අනාගත කාලය සඳහා සකසා ගත යුතුයි.

උත්පත්ති කේන්දරයට සෙනසුරු, රවි සහ ගුරු ග්‍රහයා වශයෙන් ග්‍රහයන් තිදෙනෙකු නියෝජනය කරනවා. ඒ අතරින් විවාහ දෝෂ සහ බාධක පවතින හෙයින් බොහෝ ප්‍රවේශම් සහගතව බුද්ධිමත්ව තමන්ගේ අනාගතය ගැන සැලැස්මකින් කටයුතු කළ යුතුයි.

ඒ අතරේදී යම් ආකාරයකින් විදෙස් ගමන් සහ සංචාරක තත්ත්වයන්ට කේන්දරය බලවත් බව ලබා දුන්නත් 2025 සහ 26 යන කාලවලදී ඒරාෂ්ටක තත්ත්වය උදාවීමත් සමඟ නැවත බිඳ වැටීම් සහිත භාවයක් පවතින නිසාම සෞඛ්‍යමය සහ මානසික වශයෙන්ද පරෙස්සම් විය යුතුයි.

———————————————————————————————————————————

කේ. ඇම්. ගුණරත්න – පේරාදෙණිය

ප්‍රශ්නය – මාගේ වෙළෙඳසල දවසින් දවස පිරිහෙමින් පවතී. එය මඟහරවා ගනිමින් වෙළෙඳසලේ දියුණුව ලබා ගැනීමට මා කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා විසඳුමක් ලබා දෙන්න?

ජ්‍යොතිෂ විග්‍රහය – ඔබගේ කේන්දරයේ ලග්න ඒරාෂ්ටකය එක් පසෙකින් ගමන් කරන අතරේ ආර්ථිකමය සහ සැලසුම් ඉතා වේගවත් බිඳ වැටීම් කාලයක් ලෙස 2021 සහ 2022 වසර ක්‍රියාත්මක වුණා. නමුත් 2024 වසරේ සිට ඔබට ඉතා වේගවත් දියුණු කාලසීමාවක් උදා වෙනවා. එය නිර්මාණය වන්නේ 2024 වසරේ අප්‍රේල් 22 වැනිදා සිටයි. එතැන් සිට ඔබගේ කේන්දරයේ ඉතා සාර්ථක දියුණු කාලයක් නිර්මාණය වෙනවා. ඒ වගේම සෞඛ්‍යමය පැත්තෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමත් අතිශයින්ම වැදගත් වෙනවා. ඔබට එතරම් යහපත් වූ ආර්ථික තත්ත්වයක් සැලැසුම් ප්‍රකාර භාවයක් උදා වුණේ නැහැ. ඔබ අසා ඇති ව්‍යාපාර ගැන සඳහන් කළහොත් නැවත ඉතා වේගවත් නැගිටීමක් සැකැසෙන කාලය නිර්මාණය වෙමින් පවතිනවා. එම නිසා ඉතාම සුබවාදී කාලයක් ලෙස 2024 සහ 2025 වසර කියන කාලය සඳහන් කළ හැකියි. වර්තමානයේ මේ කේන්දරයේ සෙනසුරු සම්පූර්ණයෙන් කටකය ආසන්නයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ කුම්භ රාශිගත සීමාවේ. ඒ අනුව තමන්ගේ බුද්ධිය, ඥානය මෙහෙයවා තමන්ට අවැසි අරමුණු කරා ළඟාවීමේ හැකියාවක් ඒ තුළින් ගොඩනැඟෙනවා.

එම නිසා ව්‍යාපාර සම්බන්ධයෙන් වසර ගණනකට පසුව ඉතාම සුබවාදී කාලයක්, වාතාවරණයක් සැකැසෙනවා. එය බිංදුවට වැටිලා තිබූ කේන්දරය 2024 සහ 2025 කාලවලදී නැවත ගොඩනැඟෙන ආකාරයක් පෙන්නුම් කිරීමකි.

ඉනෝකා දිලානි - මහරගම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division