Home » සතියේ කලදවස

සතියේ කලදවස

by thanushika
October 14, 2023 12:30 pm 0 comment

මේෂ – ව්‍යාපාර දියුණුව

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර දියුණුව, සහෝදර උපකාර, හිතවතුන්ගේ පැමිණීම් දක්නට ලැබෙයි. පුණ්‍ය කටයුතු සමාජ සුබසාධන පොදු වැඩ මෙන්ම රැකියා සඳහා ද බොහෝ ඇවිදීමට සිදු වෙයි. දරුවන්ගේ උසස් අධ්‍යාපනය යහපත් අයුරින් කරගෙන යයි. ඒ අතර දුක්මුසු පුවත්, අසනීප ගති, සිත් රිදීම් ද දක්නට ලැබෙයි. අපල අවම කර ගැනීමට ශල්‍යකර්මවලට ලක්වූවනට උපකාර කරන්න.

සුබ අංක – 7, 10, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

වෘෂභ – රැකියා සම්බන්ධ සුබවාදී තත්ත්වයක්

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. මේ සතියේ රැකියා සම්බන්ධ සුබවාදී තත්ත්වයකි. එමෙන්ම ඔබට නීතිමය ගැටලු තිබුණේ නම් ඒවායේද විසඳුමක් දක්නට ලැබෙයි. හිතවත් කාගේ හෝ මරණයක් සැලවිය හැකිය. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සතුටුදායක අන්දමින් කරගෙන යයි. පුණ්‍ය ස්ථානවලට යුතුකම් ඉටු කරයි. අපල අවම වීමට පිළිකා රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක- 6, 10, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – සිකුරාදා, බදාදා

මිථුන – දරුවන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවෙයි

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන් සම්බන්ධයෙන් සතුටු විය හැකි සහ රැකියා, ව්‍යාපාර අංශවලින් ආදායම් ලබන සතියකි. සමාජ සේවා, සුබ සාධන, පොදු වැඩ, පුණ්‍ය කටයුතු ආදියේ නියැළෙයි. ඇසුරු කරන හිතවත් ඥාති අයෙක් පිළිබඳ කනගාටුදායක පුවත් අසන්නට ලැබිය හැක. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය රැකවරණය දෙන්න.

සුබ අංක – 5, 10, සුබ වර්ණය – කොළ, සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – මාපිය දූ දරු සබඳතා වර්ධනය වෙයි

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. මාපිය දූදරු සබඳතා වර්ධනය වේ. ගෙදර දොර කටයුතු සඳහා වැඩි වෙහෙසක් ගන්නා සතියකි. සතුරු කරදර ඉවත් වෙයි. ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. විවාහ ප්‍රමාද වූ අයට ප්‍රේම සබඳතා ගොඩනැඟේ. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සතුටුදායක අන්දමින් කරගෙන යයි. අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – සහජ දක්ෂතාවලින් පල ප්‍රයෝජන

සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහජ දක්ෂතාවලින් දියුණුව ළඟාකර ගත හැකිය. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස වෙහෙසෙන සතියකි. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සතුටුදායක වේ. විදෙස් ගමන් සඵල විය හැක. ප්‍රේම සබඳතා ගොඩනැඟෙයි. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. අපල අවම වීමට රෝගීනට උවටැන් කරන්න.

සුබ අංකය – 4, 10, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබගේ වචනයට කවුරුත් ප්‍රියමනාප වේ. සහෝදර උපකාර හිමිවන, මවුපියන්ගේ සහයෝගය ලබන ඔබ ගෘහ ජීවිතයේ බොහෝ වැඩ කොටස් අනලස්ව කර ගනී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනදාට වැඩි සපලතාවක් දක්වයි. රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන ඇවිදිලි වැඩි දින කීපයකි. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 10, 11, සුබ වර්ණය – කොළ, සුබ දවස – බදාදා

තුලා – අන්‍යයන්ගේ සහයෝගය

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතයේ සියලු කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යා හැකි වචනයේ බලයෙන් අන්‍යයන්ගෙන් ද සහයෝගය ගත හැකි දින කීපයකි. සහජ දක්ෂතා මතු කෙරේ. පුණ්‍ය කටයුතුවලට සහභාඟි වේ. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන තත්ත්වය සුබපල ප්‍රදානය කරයි. අපල අවම වීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර දෙන්න.

සුබ අංක – 6, 10, සුබ වර්ණ – රෝස, ක්‍රීම්, සුබ දවස – සිකුරාදා

වෘශ්චික – අධ්‍යාපනයට සුබදායකය

සඳු ගමන් කරන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ශරීර සෞඛ්‍යය වීර්යය පවතින ගෘහ ජීවිතය සතුටින් ගෙන යා හැකි සතියකි. උපකාරයක් පතා මිතුරන් පැමිණිය හැකි අතර කල්පනාවෙන් කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන ඔබ සැමගේ දැනුම වර්ධනය වේ. පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය දක්නට ලැබෙයි. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 7, 10, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – මිල මුදල් ලැබීම්

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායකය. මිල මුදල් මෙන්ම වෙනත් ලැබීම් ද ගෙන දිය හැකියි. යහපත් මානසිකත්වයකින් යුතුව ගෘහ ජීවිතය පවත්වාගෙන යා හැකි වුවත් හිතවත් කෙනෙක් නිසා කලකිරීමකට පත්විය හැකියි. රැකියා, ව්‍යාපාර ලාභ ගෙන දෙයි. අපල අවම වීමට දානමය කටයුතු සිදුකරන්න.

සුබ අංක – 8, 10, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – වෙළෙඳ ව්‍යාපාර දියුණුවට

සඳු ගමන් ගන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. වැඩ රාජකාරි බහුල වුවත් සංයමයකින් කටයුතු කිරීමට උනන්දු වෙයි. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර උපක්‍රමශීලීව විශිෂ්ටත්වය කරා ගෙන යාමට පසුබට නොවේ. නිෂ්ඵල ගමන් නිෂ්ඵල වියදම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකිය. අපල අවම වීමට සෙනසුරාදා දිනයේ නිර්මාංශව පුණ්‍ය කටයුතු සිදු කරන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ – පුණ්‍ය සිතුවිලි පල දරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ වන සතිය ඔබට සුබ පල ගෙන දෙයි. පිරිසිදු හදවතින් අන්‍යයන්ට උදවු උපකාර කරයි. උසස් අධ්‍යාපන කටයුතු දියුණු වෙයි. ඇසුරට යහපත් පුද්ගලයන් මුණ ගැසේ. ගෘහ ජීවිතයේ සමාදානය ඇති වෙයි. පාඩුවක් සිදුවිය හැකිය. අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර දෙන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන – ලාභ ප්‍රයෝජන හිමි වේ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය සුබ නොවුණත් ඉන්පසු කාලය යහපත්ය. තම අරමුණු ඉටුකර ගත හැකි වාතාවරණයක් පවතී. රැකියා සඳහා ඇවිදීමට සිදු වුවත් ලාභ ප්‍රයෝජන ලබයි. ගෞරවනීය කටයුතුවලට සහභාගී වීමට අවස්ථා යෙදේ. ආර්ථික හා මිල මුදල් ලාභ පවතී. අපල අවම වීමට දුර්වල වැඩිහිටියන්ට උපකාර කරන්න.

සුබ අංක – 3, 10, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division