පහේ ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,888 කදී මේ මස 15 වැනිදා ඉරිදා ආරම්භ වේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 3 37, 956 දෙනෙක් පෙනි සිටී. එදින උදෑසන 9.30 ට ආරම්භ වන විභාගය අවසන් වන්නේ පස්වරු 12.15 ටය. විභාගය ආරම්භ වීමට අවම වශයෙන් විනාඩි 30කට පෙර අදාළ අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවසීය.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින ආපදා පෙදෙස්වල පාසල් සිසුන් අදාළ විභාග මධ්‍යස්ථාන කරා ගෙන යාමට විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති අතර ආපදා තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් සෘජුවම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන 117 අංකය අමතා දැනුම්වත් කරන මෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.
සුභාෂිණි ජයරත්න