ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ නිසි ප්‍රමිතියෙන් යුක්තව පාරිභෝගිකයා ඉදිරියේම පළපුරුදු කාර්මික ශිල්පීන් විසින් නියම අමතර කොටස් යොදා උසස්ම ප්‍රමිතියෙන් සහ වගකීමක් සහිතව අලුත්වැඩියා කර දීමේ නව සේවාවක් අබාන්ස් විසින් ආරම්භ කර තිබේ.
අබාන්ස් ක්ෂණික සේවාව ලෙස නම් කර ඇති මෙම සේවාව තෝරා ගන්නා පාරිභෝගිකයෙකුට වැල්ලවත්ත අබාන්ස් සේවා මධ්‍යස්ථානය වෙත ඉරිදා දිනවල පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා පිවිසී මෙම නැවුම් අත්දැකීම ලබාගත හැකි බව අබාන්ස් පවසයි.
අබාන්ස් සේවා අංශය විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් WhatsApp Chat Bot හරහා සම්බන්ධවීමේ අවස්ථාව සලසා දී ඇති අතර අලුතෙන් සේවා ඉල්ලීමක් සිදු කිරීමේ හැකියාව, අලුත් වැඩියාවක් සඳහා දුන් උපකරණයක තත්වය පිළිබඳව සොයා බැලීමේ හැකියාව, පැමිණිලි සිදු කිරීමේ හැකියාව, විමසීම් සිදු කිරීමේ හැකියාව, අමතර කොටස් මිල දී ගැනීමේ හැකියාව, වායු සමීකරනවල BTU අගය ගණනය කිරීමේ හැකියාව මෙන්ම සජීවීව නියෝජිතයෙකු සම්බන්ධ කර ගනිමින් විස්තර ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.
අබාන්ස් සේවා මධ්‍යස්ථාන දිවයින පුරා ආවරණය වන පරිදි වැල්ලවත්ත, දඹුල්ල, ගාල්ල, මාතර, මහනුවර, අනුරාධපුර, ගම්පහ, රත්නපුර, මඩකලපුව, වවුනියාව, යාපනය, මීගමුව, කල්මුණේ, ත්‍රිකුණාමලය සහ බදුල්ල යන ප්‍රදේශවල ස්ථාපිතව ඇති අතර 100කට අධික වරලත් සේවා නියෝජිතයින් සංඛ්‍යාවක් මෙහෙයුම් ජාලය සමඟ සම්බන්ධව සිටී.