පාරිසරික, සමාජයීය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව තිරසරත්වය ප්‍රවර්ධනය සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරන SDB බැංකුව සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍යමය සවිය සපයන්නෙකුගේ භූමිකාවට පමණක් සීමා නොවී සිය ශාඛා ජාලය සඳහා ද සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය හඳුන්වා දෙමින් පසුගියදා එම බැංකුවේ හොරණ සහ කරාපිටිය ශාඛාවල එම පද්ධති ස්ථාපිත කරනු ලැබුවේය.
හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගම සමඟ එක්ව සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීම සඳහා 2021 වසරේදී විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන්නේ SDB බැංකුව විසිනි.
එම ණය පහසුකම යටතේ ස්ථාපනය කෙරුණු පළමු වාණිජමය සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය වූයේ වර්ෂ 2022ය.