ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්රය සඳහා අවශ්‍ය උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ ඊස්ට් සපයන AB Mauri Lanka සමාගම , සේවක විශිෂ්ටත්වය අගයමින් “AB Mauri Star Awards 2023 – “Rising Above. Leading the Way” ” තේමාවෙන් ආයතනයේ සේවක සේවිකාවන් සඳහා සම්මාන පිරිනමන ලදී. සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ නිසි ක්‍රමවේද අනුගමනය කිරීම උදෙසා කැපවූ සියලුම සේවකයන් ඇගැයීමට ලක් කරමින් AB Mauri Lanka සමාගමේ අධ්යක්ෂ සහ සාමාන්‍යාධිකාරී සුරාජ්ඩීන් සෙය්යඩ් විසින් “Leading for Safety ” සහතිකපත්‍ර පිරිනැමීමත් සමඟ මෙම සම්මාන උලෙළ ආරම්භ විය.
මෙම සම්මාන උලෙළේදී විවිධ කාණ්ඩවල සුවිශේෂී කුසලතා හඳුනාගෙන කැපවීම, කුසලතා සහ හැකියාවන් ඉස්මතු කරන කණ්ඩායම් සඳහා සම්මාන පිරිනමා තිබිණි.
AB Mauri Lanka සමාගමේ මවු සමාගම වන්නේ එංගලන්තයේ පිහිටි Associated British Foods PLC සමාගමය. එම සමාගම ගෝලීය බේකරි අමුද්‍රව්‍ය නිෂ්පාදිත ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.