අපල කාලයක් ගෙවමින් පීඩා විඳින ඔබට ඉන් මිදී සුවිසල් ජයග්‍රහණයක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු රහස්, එසේම විස්මිත ක්‍රියාවලියක් සහ පූජාවක් වසර 30ක ජ්‍යොතිෂ දිවියේ අත්දැකීම් තුළින් මම ඔබට පිරිනමන්නෙමි. දක්ෂ ජ්‍යොතිෂවේදියකු ලවා ඔබගේ කේන්දරය පරීක්ෂා කර එහි ශනි ග්‍රහයා සිටින ස්ථානය, සම, උච්ඡ, නීච ස්වභාවය, බාධක ග්‍රහයාද, 22 දෙර්කාණාධිපතිද, 64 නවාංශක අධිපතිද, භාග්යස්ථානාධිපතිද යන්න පළමුව විශ්ලේෂණය කර ගන්න.
සෙනසුරු මහ දශාව වසර 19කි. ඉහත කී ග්‍රහ තත්ත්වය අනුව අප කළ කර්මය පල දේ. ජීවිත කාලය පුරාවටම රැස්කර ගත් ධනය නිවසේ ලුණු බඳුනේ සිටම නැතිකර මහමඟට ඇද දමන මේ ශනි දශා, ඒරාෂ්ටකවලින් මිදී ජීවිතයම ජය ගැනීමට මේ පිළිවෙත් අනිවාර්යයෙන් පිළිපදින්න.
* සෑම දිනකම අලුයම සයනයේ සිටම විනාඩි 10ක් මෛත්‍රී භාවනාව වඩන්න.
* නිවාස පවිත්‍ර කර උදය/සවස මල් පහන් සුවඳ දුම්, පැන් පූජා කර බුදුන් වඳින්න. දෙවියන්ට පින් දෙන්න, නවග්‍රහයින්ට පින් දෙන්න.
* නිවසේ බස්නාහිර පැත්තට වන්නට ලෑල්ලක් ගසා හැකි සෑම විටම කුරුල්ලන්ට ජලය, ආහාර පිරිනමන්න.
* සෑම සෙනසුරාදාවකම පාන්දර 6 ට පමණ එලඟි තෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න. (කපුටන් වෙනත් දේ කෑමට පෙර)
* සෙනසුරාදා දවල්ට යාචක හෝ අත්පා නැති අයෙකුට ආහාරපාන දන් දෙන්න.
* දක්ෂ ජ්‍යොතිෂවේදී පරික්ෂාවෙන් පසුව ඔබගේ ශනිකාරකත්වය සොයා බලා සුදුසු නම් පමණක් නිල් මැණිකක් ඔබ්බ වූ ආභරණයක් පලඳින්න.
* නීල මණ්ඩලය, මෘතුංජය, විෂ්ණු ආඝෝරය හෝ නවග්‍රහ මෘතුංජය යන මන්ත්‍ර නිවැරැදිව පලඳින්න.
* නිල් මානෙල්, කටරොඩු ආදී සුවඳ නිල් මල් පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දෙන්න.
* උදය සවස පිරිත් සුත්‍ර කියන්න.
* සෑම දිනකම කළ එක හොඳ වැඩක් පින් පොතෙහි ලියන්න.
සෙනසුරාද දිනෙක කළ යුතු
අෂ්ටඵල බෝධි වන්දනාව
පළමුව තෙරුවන් නමදින්න… උතුම් බුදුන්ට මල් පහන් සුවඳ දුම් පූජා කරන්න.
“ඕම් ශම් ශනේස්වරාය නමහඃ
ඕම් ශ්රාන් ශ්‍රින් ශ්රොන් සායි ශනේශ්වරාය නමහඃ
හ්රීං නීලාංජන සමාභායං
රවි ප්රතුං යමා ග්රජං
ඡායා මාර්තණ්ඩ සංභුතං
තං නමාමි ශනේස්වරං….
මේ උතුම් ගාථා රත්නය කට පාඩම් කර පහත පූජාව පවත්වා සෙනසුරු ග්රහරුජොත්තමයාණන්ට පින් දී පිහිට ඉල්ලන්න.
නිල් මල් වට්ටියක්, නිල් තිරයක්, උක් හකුරු, ගිතෙල් මිශ්‍ර කිරිබත්, පලතුරු, පඬුරු, බුලත් පූජා කර සුවඳ ධුප දල්වන්න. (මෙය කළ යුත්තේ ඉතා බලගතු විෂ්ණු දෙවොලකදිය. එනම් කන්දෙ විහාරය, දෙවිනුවර යන ස්ථානයකදීය.)
තමාද ඉතා පිරිසිදුව කහ, දෙහි යොදාගෙන පිරුවට ඇඳ සුවඳ විලවුන් ගල්වාගෙන පිරිත් සූත්‍ර කියා දේව බැල්ම ඇතිවන ලෙස පූජා තබන්න.
“බුද්ධංකර ශ්‍රී විෂ්ණු රාජොත්තමයාණෙනි, ඔබ වහන්සේගේ දිව්‍ය තේජානුභාවය මේ ලංකාද්විපයේ බල පවත්වා සත්‍යවාදි සැබැවිනි නම් අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාදි, දෙසිය තුනක් අන්තරායන් නිවාරණය කර පස්වාන් දහසකට ආ වඩා ආයු බෝ වේවා…
උතුම් විෂ්ණු දෙවියන්ට තමාගෙ දුක කියා පිහිට ඉල්ලන්න. මේ ප්‍රතිපත්ති මාලාව සහ පූජාව පවත්වා ජීවිතය දිනාගත හැකි බව මම මගේ අත්දැකීමෙන්ම දනිමි.
ජ්‍යොතිර් විද්‍යාවේදිනී ගීතාංගනී ගුණසේකර