ශ්‍රී ලංකාවේ සියලුම අංශවල දායකත්වයෙන් ප්‍රථමවරට පැවැත්වෙන විදුලි සහ විදත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය නොවැම්බර් මස 10,11 සහ 12 යන තෙදින තුළදී හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
වසර 2024 විදුලි සංචරණය පිළිබඳ වසර සහ මෙම වසරේ නොවැම්බර් 10ට යෙදෙන ලෝක විදුලි දිනය නිමිත්තෙන් මෙම ජාතික ප්‍රදර්ශනය ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මඟපෙන්වීම පරිදි සංවිධානය කරනුයේ එම අමාත්‍යාංශය මඟිනි. එයට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල්, පරිසර, සෞඛ්‍ය ඇතුළු අමාත්‍යාංශය ගණනාවකගේ සහ පෞද්ගලික ආයතන රැසකගේ දායකත්වය ලැබී තිබේ. (මේ පිළිබඳ විශේෂ ලිපියක් 10 වැනි පිටුවේ පළ වේ.)