Home » විදුලි බිල වැඩි කිරීම ජනතාව කොල්ලකෑමක්

විදුලි බිල වැඩි කිරීම ජනතාව කොල්ලකෑමක්

ජවිපෙ දේශපාලන මණ්ඩලික සභික කේ.ඩී. ලාල්කාන්ත

by Mahesh Lakehouse
October 21, 2023 12:37 am 0 comment

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලු විදුලි පාරිභෝගිකයන් තවදුරටත් පීඩාවට පත්කරන විදුලි බිල වැඩි කිරීමේ තීරණය ආපස්සට හැරවීම සඳහා ඉදිරියේදී දැවැන්ත මැදිහත්වීමක් සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩලික සභික කේ.ඩී. ලාල්කාන්ත සිළුමිණට ප්‍රකාශ කළේය.

විදුලිබල මණ්ඩලයේ පාඩුව හෝ ලාභය සම්බන්ධයෙන් පොදු ජනතාව කිසිසේත් වගකිව යුතු නැති බවත් ආණ්ඩුව විසින් ජනතාව කොල්ලකන පිළිවෙත පරාජය කිරීම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු පුරවැසියන් එක්විය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

විදුලි බලය ඉන්දියාවට හෝ වෙනත් රටකට විකුණුවහොත් අපේ රටේ ස්වාධීනත්වය, පැවැත්ම බරපතළ අර්බුදයකට පත්වන බවත් මෙම ආණ්ඩුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් එය විකුණා දැමීමට කටයුතු කරනවා නම් එය බරපතළ අපරාධයක් බවත් ජවිපෙ දේශපාලන මණ්ඩලික සභික ලාල්කාන්ත වැඩිදුරටත් පැවසුවේය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division