ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණින් ගලෙන්බිඳුණුවැව බැංකු පාර, පොලිස් ස්ථානය අසල සහ නොරොච්චෝලේ කල්පිටිය පාර, පානියාදෙණිය, යන ප්‍රදේශවල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල විවෘත කර ඇත.
මෙම පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල තුළින් පාරිභෝගිකයින්ට තවදුරටත් සමීප වෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතා පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි. දේශයේ රක්ෂකයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයා ප්රමුඛ කරගත් ආයතනයක් බවට පත්වීමේ මෙහෙවරක නිරතව සිටින අතර, නිරන්තරයෙන් නව්‍ය රක්ෂණ විසඳුම් පාරිභෝගිකයන්ට ලබා දෙමින් 190 කට අධික ශාඛා සහ පාරිභෝගික මධ්‍යස්ථාන ජාලයක් ඔස්සේ පාරිභෝගිකයන්ට රක්ෂණ සේවා සලසයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දසත විහිදෙයි
212
previous post