858
පිටකොටුව 2 වැනි හරස් වීදියේ වෙළෙඳ සැලක 27 වැනිදා උදෑසන ඇති වූ ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 17 දෙනකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 6 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
27 වැනි සිකුරාදා උදෑසන 9.30ට පමණ රෙදි පිළි වෙළෙඳ සැලක හටගත් මෙම ගින්නෙන් තවත් වෙළෙඳ සල් කිහිපයකට ද හානි සිදු වී ඇති අතර කොළඹ ගිනි නිවන ඒකකය ගින්න මැඬ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ගින්නෙන් සිදු වූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර පිටකොටුව පොලිසිය ඒ ගැන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටී.
අමිල මලවිසූරිය