පාසල් 10,126ම සුහුරු පාසැල් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදුකළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, උඳුගොඩ අර්ෆා විදුහලේ දී පැවසීය. ඇත්ත කතා කරන්න තමා බය නැති නිසා අපේ රටේ අධ්‍යාපනය සිදුවිය යුත්තේ ඉංග්‍රීසියෙන් යැයි පැවසීමට සෙසු පුද්ගලයන් මෙන් තමා බිය නොවන බව ද හෙතෙම පැවසීය. බංකොලොත් රටේ මේ මොහොතේ හෝ ලොව දිනන පුරවැසියන් බිහි කරන ගමන ඇරැඹිය යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමා සුහුරු රටක් ගොඩනැඟීම වෙනුවෙන් කැප වෙන බවත් මේ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය පදනම් කරගත් සුහුරු අධ්‍යාපන ක්‍රමයක් විය යුතු බවත්ය.
වජිර ලියනගේපාසල් 10,126ම සුහුරු පාසල් කරමින් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි
787
previous post